The title of the page
7.7

The Expanse (2015) S01 E02 Sinhala Subtitles |උගුලට හසුවී…!| සිංහල උපසිරැසි සමග

කස්ටිය එහෙමනම් ඉතින් කොහොමද? මාර ඉල්ලුමක් ලෝකෙ පුරාම තියෙන, අපේ රටෙත් හොඳ ඉල්ලුමක් තියෙන “ද එකස්පන්ස්” සුපිරියට ඉතින් ඔන්න උපසිරැසිය අරන් ආවා. අපේ චානක තිලංක සහෝත් අලුත් එකක් ගේනවාලු ඔන්න. ඒකත් මේ සතියේ ඒවි මගේ හිතේ. ඒ මනුස්සයා ගේන එක නම් කැටගරි කරලා තියෙන්නෙ, කම්පනය වෙන අය බලන්න එපා කියලා. ඒ වගේම නිල වශයෙන්ම මම ප්‍රකාශයට පත් කරනවා “The Order” එකයි “Transformer-Prime” කියන සීරීස් දෙකත් මේ සතියේ ඉදන් පටන් ගන්නවා. ඒකෙන් මේකෙන් ඉතින් නිදාගන්න වෙලාව අඩුවෙනවා. සතියට දවස් 6ක්ම සිනෙරූ එකේ ජොබ් එකක් 😂😂😂 කරනවා. මේ සීරීස් දෙකේම උපසිරැසි මුකුත් නෑ ඩවුන්ලෝඩ් කරගන්න. අපි තමයි හැමදාම වගේ මුලින්ම දෙන්නේ ඉතින්. කොහේවත් නැති නිසා, අනික හොඳ ඉල්ලුමක් තියෙන නිසා ඒ දෙකත් හරි ඔන්න. ඒවා වගේම අපේ සුපුරුදු උපසිරැසි සියල්ල දිගටම යනවා හොඳේ.

මේ දවස්වල ටිකක් වැඩේ අමාරුයි. ටැබ් එකෙන් තමයි සබ් කරන්න වෙලා තියෙන්නේ. හිටපුගමන් මූන උඩට වැටෙනවා නින්දෙන්ම😀😀😀. අනික ඔය එක එක ලොකු ලොකු සයිට්වල සමහර අපි දෙන සබ් ඇති. ඒත් මේ විදිහට නෑ. මම වගකීමෙන් කියන්නේ, අපි (මමයි, චානකයි නම්) එහෙම නෑ. ඉංග්‍රීසී සබ් එකේ තේරුම හොයලා ගැලපෙන විදිහට වචන ගලපනවා. හරියටම කිව්වොත් මොන මොන මනුස්සයා පරිවර්තනය කලත් ශර්ලොක් හෝම්ස් හොඳම එක චන්දන මෙන්ඩිස් සර් කරනවා වගේ. සිනෙරූ අපි දෙන්නේ හොඳ රහට. ලුණු ඇඹුල් ඇතුව.

ඉතින් මේ ඉංග්‍රීසී සීරීස්වල පළවෙනි සීසන් එකම යොදාගන්නෙ චරිතටික මිනිස්සුන්ට කාවද්දන්න. නැත්නම් මේවා එකම සීසන් එකෙන් ඉවර කරන්න බැරියැ. ඒ නිසා කලබල නොවී බලන්න.

මේ පාර අපේ ෂටලයේ හිරවුනු සෙට් එක අවසානේ මරු වැඩක් කරගන්නවා. හරියටම කිව්වොත් ඉල්ලන් කනවා. අර අපේ ලෝකෙදි අහු උන හිරකාර කෝට්ටාගේ ජීවිතේ ලොකු දෙයක් වෙනවා. නැති උන කෙල්ල ගැන අපි නොදන්න දෙයක් අපිට දැනගන්න ලැබෙනවා. බලන්නකෝ කට්ටියම ඉතින්. අනික පුලුවන් හැමෝම මේකේ 720p HDTV කොලිටියෙන් ගන්න. 1080p HDTV නම් එලම තමයි.

සමිත මල්ලි නම් දෙන සපෝර්ට් එක නියමයි. වැනේසාගේ කොල්ලා චානක තිලංක රෑ 12ට විතර වට්ස් ඇප් මැසේජ් දානවා. ඒ හැමෝටම ස්තූතියි. අනික මගේ ජීවිතේ වැදගත්ම දෙන්නා, මගේ සදහම් පුතයි, ලක්ෂ්මී මගේ බිරිඳයි ආදරයෙන් මතක් කරනවා. එහෙනම් අලුත්ම සීරීස් දෙකකුයි, අපි කරන් යන ඒවා ටිකයි එක්ක හෙට අනිද්දාම හමුවෙමු. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

අයියෝ අමතක උනානේ, කමෙන්ට් එකක් දැම්මට ඩේටා කැපෙන්නේ නැතෝ….!😋

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

20 comments

  1. Thanks💝

  2. චානක තිලංක

    සබ දෙනකන් බලන් හිටියේ හෑමෝම අරන් බලන්න නියම ෂෝ එක සබත් පට්ට ඉදිරි වැඩ වලට ජයවේවා👏👏👌👌👍

  3. චානක තිලංක

    සබ දෙනකල් බලන් හිටියේ හැමෝම අරන් බලන්න නියම ෂෝ එකක්. ඉදිරි වැඩ වලට ජයවේවා👏👏👌👌👍

  4. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👊👊.. හෙන කට්ටක් කනව ඉතිං සබ් කරන්න ❤❤

  5. Thanks…. Cineru.. Me haemdem wenuwen.. Sub eka supiri…

  6. ඩ්ලා
    Cineru Family Member

    පට්ට අයියේ

  7. Thank aiya.jaya wewa

  8. Godak pin aiye
    Sub eka maru
    good luck
    Supiri
    Jaya wewa

  9. Thanks aiye
    godak pin
    Sub eka supiri
    Jaya wewa

  10. Bandula Indrasena

    අපේ කොල්ලෙක්ගේ වැඩක්…. ජය වේවා…..!

  11. Ambo masa ganak balan hitiye meka danakam, thanks a lot brother keep going
    anith tika laga lagama denna plz <3

  12. මේ සීරිස් එකේ සබ් මෙතනින් නැවැත්තුවෙ ඇයි දිගටම කරන්න please….🖤

  13. Season 1 එකේ හරි සබ් ටික දෙන්නකො. ලොකු ඉල්ලීමක් 🥺

  14. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    ඔන්න ශෝ මේ සතියේ එනවා මේකේ තව එපි කීපයක්. ලෑස්තිවෙලා ඉන්නකෝ. බය නැතුව සීසන් 01 බාගන්න. අනිවා සබ් ටික දෙනවා. මම 150ට ලං වෙලා ඉන්න නිසයි මේ පොඩ්ඩක් කල් අරන් ඉන්නේ. සමාවෙන්ඩ ඕනේ ඈ

  15. Thank you very much saho❤️. Anith season wlatath sub dennko ikmntm

  16. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login