The title of the page
The Boys 2020 S02E02 Sinhala Sub
The Boys 2020 S02E02 Sinhala Sub
8.7
95

The Boys (2020) S02E02 Sinhala Subtitles | ‍සැලැස්ම | සිංහල උපසිරැසි සමග

(The Boys (2020) S02E02 Sinhala Sub)ඔන්න එහෙනම් හැමෝම වගේ ඇඟිලි ගැන ගැන හිටපු The Boys දෙවන කතා සමයටත් මේ විදිහට අපේ වෙබ් අඩවියෙන් ඊයේ ඉඳන් උපසිරැසි අරගෙන එනවා. 😋 The Boys දෙවනි කතා සමය සැප්තැම්බර් 04 වෙනිදා තමයි රිලීස් කරන්න පටන්ගත්තෙ. ඒ ඉතින් හැමෝම දන්න Amazon Prime Video ස්ට්රීම් එක හරහා. සැප්තැම්බර් 04 වෙනිදා මේකෙ කොටස් තුනක් රිලීස් කරනවා. අනිත් කොටස් ටික සතියකට එක ගාණෙ රිලීස් කරනවා. දෙවනි කතා සමයත් කොටස් 08 කින් සමන්විතයි. ඒ වගේම තමයි සතුටු හිතෙන ආරංචිය කියන්නෙ මේකෙ තුන්වෙනි කතා සමය ගැනත් දැනටමත් නිවේදනය කරලා තියෙන එක. 😍 ඒ කියන්නෙ අපිට මේකෙ තවත් සීසන් එකක් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙනවා. 😯💥 ඒත් ඉතින් තාමත් මේ කතා මාලාව බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාරෙන්ම අරගෙන බලන්න. මොකද මේක බලන්නම වටින කතාවක්. මේකෙ පළවෙනි කතා සමයටත් අපේ වෙබ් අඩවියෙන්ම උපසිරැසි ලබාදීලා තියෙනවා. ඒ ටික හොයාගන්න අමාරු නම් මෙතන ක්ලික් කරන්න.පළවෙනි කතා මාලාව නරඹලා නැති කෙනෙකුට ඒක ගැන දැනගන්නත් එක්කලා පොඩි විස්තර ටිකක් කියන්නම්.
Superhero කැටගරිවල කතා මාලා වගේම චිත්රපටි නරඹනකොට අපි හැමෝම කැමති සුපර් හීරෝ කෙනෙක් නිර්මාණය වෙන විදිහ දැනගන්න. අපි ආස කරන අන්න ඒ දේ මේ කතා මාලාවෙදි අපිට පෙන්නලා දෙනවා. 😍 මේකෙ ඉන්න හැම සුපර් හීරෝ කෙනෙක්ම එහෙමත් නැත්තන් සුපිරියෙක්ම නිර්මාණය වෙන්න බලපාන්නෙ “Compound V” එහෙමත් නැත්තන් “V සංයුතිය” කියන රසායනික ද්රාවණය. මේ පල්ලෙහායින් තියෙන්නෙ බුචර් V සංයුතිය හොයාගත්ත අවස්ථාව.
මේ V සංයුතිය නිර්මාණය වුණු විදිහ ගැන කියන්න ගියොත් සෑහෙන දේවල් කියන්න වෙනවා. ඒක නිසා ඒ ගැන නොකියා ඉන්නම්. මෙන්න මේ V සංයුතිය පාවිච්චි කරලා තමයි සුපර් හීරෝලා නිර්මාණය කරන්නෙ. ඒත් ඉතින් ඒ සුපිරියෝ දන්නෙ නෑ එයාලා රසායනික ද්රව්යකින් නිර්මාණය කරපු අය කියලා. 😆 ඒත් ඉතින් මෙයාලා සුපර් හිරෝලා උනාට හොඳ වැඩවලට වඩා නරක වැඩ තමයි මෙයාලා කරන්නෙ. මේ සුපර් හීරෝලා අයිතිවෙන්නෙ Vought කියන කම්පැනි එකට. මේ කතා මාලාවෙදි Vought එකට අදාළ සුපර් හීරෝලා හත් දෙනෙක් ඉන්නවා. ඒ සුපර් හීරෝ කණ්ඩායමට කියන්නෙ ‘Seven’ කියලා. මේ කණ්ඩායමේ ඉන්නෙ සාමාජිකයො හත් දෙනෙක් විතරයි.
හෝම්ලෑන්ඩර් – Homelander
බ්ලැක් නොයිර් – Black Noir
මීව් කුමරිය – Queen Meave
ඒ-ට්රේන් – A-Train
ඩීප් – Deep
ට්රාන්ස්ලූසන්ට් – Translucent
ස්ටාර්ලයිට් – Starling
මෙන්න මේ හත්දෙනා තමයි අපිට පළවෙනි කතා සමයෙදි බලාගන්න පුළුවන් වෙන්නෙ. මේ තමයි ඒ හත්දෙනා 
මේ හත්දෙනාට එක එක බලයන් තමයි පිහිටලා තියෙන්නෙ.මේ සුපර් හීරෝලට විරුද්ධව තව සාමාන්ය කල්ලියක් එකතුවෙලා වැඩ කරනවා. මේ අය මේ දේවල් කරන්නෙ සුපර් හීරෝලා කරන අපරාධවලට එරෙහිව නැගී සිටින්න. මේ දෙගොල්ල අතරෙ සිද්ධවෙන සිදුවීම් මාලාවක් තමයි මේකෙ වෙන්නෙ.එහෙනම් ඉතින් කියන්න ඕන වැදගත් දේවල් කිව්වා. බලන නොබලන එක ඔයාලම තීරණය කරන්න. ආ ඒ වගේම තමයි දෙවනි කතා සමයෙදි අපිට අළුත් සුපර් හීරෝලා ටිකක් බලාගන්නත් පුළුවන්. මේ කොටසට IMDb දර්ශකයෙ 8.5 ක් ලැබිලත් තියෙනවා.පළවෙනි කතා සමය බලලා තියෙන අය උපසිරැසිය අරගෙන දෙවනි කතා සමය බලන්න පටන්ගන්න. ඉතුරු කොටස් ටිකටත් අපේ වෙබ් අඩවියෙන් උපසිරැසි අරගෙන එයි.
සටහන :- සොමේෂ් ජයරත්න
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

10 comments

  1. Thanks jayawewa……..!

  2. Thank you sub ekata

  3. Niyamai mcn …digatama sub krmu… good luck…

  4. සබ් එකට ස්තුතියි සහෝ තෙරුවන් සරණයි ..

  5. සබ් එකට ස්තුතියි සහෝ ..තෙරුවන් සරණයි ..

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. සබ් එකට තෑන්ක්ස් සහෝ
    I zombie අන්තිම සීසන් දෙකට සබ් දාගෙන යන්නවද

  8. සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  9. මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login