The title of the page
Mirrors 2 2010 Sinhala Sub
Mirrors 2 2010 Sinhala Sub
4.9
83

Mirrors 2 (2010) Sinhala Subtitle | ප්‍රතිරූපය 2 | සිංහල උපසිරැසි සමග

(Mirrors 2 (2010) Sinhala Sub)ඔන්න එහෙනම් www.cineru.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම අරගෙන එන සිව්වැනි උපසිරසි නිර්මාණය අරගෙනයි මේ එන්නේ. මේපාර අරන් ආවේ කලින් මම දුන්න Mirrors (I) (2008) ප්‍රතිරූපය චිත්‍රපටයේ දෙවන දිගහැරුමයි. කලින් එකයි මේකයි ගත්තමනම් දෙක අතර සම්බන්ධයක්නම් නෑ. පලවෙනි එක නොබැලුවා කියලා මේක බලන්න ප්‍රශ්ණයක් ෑ. හොල්මන් ගතියත් එක්ක පටන් ගත්ත වෙලාවේ ඉදන් කුතුහලයෙන් බලන්න පුළුවන් imdb අගය 4.9 ක් ලබා ගත්තු ලස්සන ෆීල්ම් එකක් තමයි. එහෙනම් වෙනද වගේම මට මේ ෆිල්ම් එකට උපසිරසි ගන්වන්න අවස්ථාව ලබාදුන්න www.cineru.lk ඇඩ්මින් මණ්ඩලයේ සියළු දෙනාටත්, විශේෂයෙන් මගේ පෙර උපසිරසිය වෙනුවෙන් වචනෙකින් හරි ස්තූති කරපු සියළු දෙනාටත් බොහොම ස්තූති වන්ත වෙනවා.

2003 දකුණු කොරියාවේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන ඉන්ටූ ද මිරර් INTO THE MIRROR 2003 චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි මේකෙ පලවෙනි චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ. මේක මගෙත් කැමතිම ෆීල්ම් වලින් එකක් නිසයි උපසිරසියක් දෙන්න හිතුනෙ මේකට.ඉතින් මුලින්ම කියනවා මේක බලල ඉවර වුනාට පස්සේ කණ්නාඩි දිහා එහෙම නොබලා ඉන්න එහෙමනම් එපා.! හොදද මේකෙ ඉතින් හොල්මන් ඉන්නෙ කණ්නාඩියේ තමයි. මැක්ස් එයාගේ පෙම්වතියත් එක්ක දවසක් කාර් එකේගමනක් යද්දි මේ කාර් එක අනතුරකට ලක්වෙනවා. අනතුරෙන් මැක්ස්ගේ පෙම්වතිය මිය යනවා.

මැක්ස් මේ අනතුරෙන් බේරෙනවා. ඉතින් මැක්ස් මේකෙන් බේරුනාට මොකද එයාට හීනෙන් එක එක දේවල් පෙන්වන්න ගන්නවා. වෛද්‍යවරු කියන්නෙත් මෙයාට ඇති වුන කම්පනයට හින්ද වෙන්න ඇති කියලයි ඒ. ඉතින් මෙයා මෙහෙම ඉන්න අතරේ මෙයාගේ තාත්තා මෙයාව රැකියාවකට දානවා පුධාන මුර පරීක්ෂකයා විදිහට. මෙයාට කලින් මෙතන හිටපු කෙනා මේ කන්නාඩි වලින් සිදු වුන දෙයක් නිසා එතනින් අයින් වුනා කියලා මෙයා දැනගන්නවා. ඉතින් මැක්ස්ටත් මේ කන්නාඩි වලින් එක එක දේවල් පේන්න ගන්නවා, මෙයාට මේ පේන දේවල් වලින් මේ වැඩපලේම කිහිප දෙනෙක් මිය යනවා.

ඉතින් මෙයාට මේ කන්නාඩියෙන් පේන හැම දේම මෙයාගෙන් උදව්වක් ඉල්ලන විදිහට තමයි මෙයාට පේන්නේ. ඉතින් මැක්ස්ට මේ පේන දේවල් වලින් කියන්න හදන දේ මොකක්ද…? මේ මරණ වලයි මැක්ස්ට පේන දේවලුත් අතර සම්බන්දේ මොකක්ද කියලා බලන්න කියන ගමන් අදට මම සමුගන්නවා… වැඩ රාජකාරි අස්සෙ වුනත්, ඉක්මනින් තවත් උපසිරසියකින් හමු වෙනතුරු සියළු දෙනාටම තෙරුවන් සරණ පතනවා.
Directed by-Víctor García
Produced by-Betsy Danbury,John Portnoy,Nick Thurlow, Todd
Williams
Written by-Matt Venne
Starring-Nick Stahl,Emmanuelle Vaugier,Christy Carlson Romano,Evan Jones,William Katt
Music by- Frederik Wiedmann
Cinematography-Lorenzo Senatore
Edited by-Robb Sullivan
Production company-Regency Enterprises
Distributed by-20th Century Fox Home Entertainment
Release date-October 19, 2010[1]
Running time-90 minutes
Country-United States
Language-English
Budget-$4 million[2]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

6 comments

  1. සබ් එකට තෑන්ක්ස් අයියා..

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 😊👊.. පුළුවන් නම් Into the Mirror එකටත් සබ් කරන්නකො 👊👊

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    HITMAN: AGENT JUN (2020)
    Cut Off (Abgeschnitten) (2018)

  4. පරන උනත් කමක් නැ මෙවගෙ සුපිරි මුවී වලට හොද කොපි වලින් සබ් දෙනව නම් බොහොම ස්තුතියි සහෝ ඔයාට 💚💚💚💚

  5. Ip man සෙට් එකටත් බ්ලුරේ වලට සබ් දෙනව නම් වටිනව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login