The title of the page
8.3
97

Taxi Driver (2021) E11 Sinhala Subtitles | මළ සිරුරක් නොමැති මිනීමැරුමක් | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

ඔන්න අද මම ඔයාලට කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ එකළොස් වන කොටසේ සිංහල උපසිරැස අරගෙන ආවා. මේ කතාවේ පොඩි හැදින්වීමක් මම කරන්නම්. මේ Drama එක ගැන කියනවා නම්,

Country : South Korea
Korean Language : 모범택시; Hanja
Based on : Webtoon (The Deluxe Taxi)
Genre : Action / Crime
IMDb : 8.3/10
Origioanal Network : SBS Channel
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Episode : 16

මේ Drama එක Written කරලා තියෙන්නේ Oh Sang-ho(ep. 1-10) හා Lee Ji-hyun (ep. 11-16) විසින්‍ය. එමෙන්ම මෙය Producers වෙන්නේ Han Jung-whan, Song Byung-joon සහ Lee Ok-gyu ය. මේ කතාව Direct කරලා තියෙන්නේ Park Joon-Woo විසින්‍ය.මම කිව්වනෙ මේ කතාවට Webtoon එකේ පළ වුනු The Deluxe Taxi කියන කතාව කියලා. ඉතිං ඒ කතාව ලියලා තියෙන්නේ Carlos සහ Lee Jae-jin යන දෙපල විසින්‍ය.

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

හරි අපි කතාව පැත්තට හැරෙමු,

පසුගිය කොටසෙන් ඔයාලා දකින්න ඇති වොයිස් ෆිෂිං මාර්ගයෙන් මුදල් වංචාවන් සිදු කරපු ලිම් මැඩම් ඇයගේ සගයන්ව බෝට්ටුවක දමා මුහුදේ බොහෝ ඈතක යවනවා. එමෙන්ම මේ නිසා අසරණ මිනිසුන්ගෙන් වංචා කරගත්ත මුදල් නැවත ඔවුන් වෙතම භාර දීමට යෙදූ සැලැස්ම Kim Do-gi ගේ නායකත්වයෙන් පළිගැනීමේ සේවා කණ්ඩායමට සාර්ථකව අවසන් කරන්න හැකි වෙනවා. ඒ වගේම

ඔයාලා දකින්න ඇති Jang Sung-chul සුව වී රෝහලෙන් පිට වූ වහාම සභාපති Beak Sung-mi හමුවීමට යනවා. ඒ Cho Do-chul ගැන විමසීමටය. නමුත් ඇය කියන්නේ ඔහු මිය ගොස් ඇති බවයි. තවද අභිචෝදක Kang Ha-na හොයා ගන්නවා ඩිලක්ස් කුළී රථයේ අයිතිකාරයා කවුද කියලා.

           එකොළොස් වන කොටසේ,

අභිචෝදක Kang Ha-na ඩිලක්ස් ටැක්සිය පිළිබඳව සොයා ගත් දෑ ඇයගේ ප්‍රධානියාට පෙන්වා Jang Sung-chul නිවස සෝදිසි කිරීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නවා. ඉතිං ඇයට Jang Sung-chul නිවසේ රහස් කාමරය සොයා ගන්නට පුළුවන් වේවිද?

එමෙන්ම අභිචෝදක Kang Ha-na ගේ ප්‍රධානියා එක් නඩුවක් Jang Sung-chul ලබා දෙනවා ඔහුගේ නිල් කුරුලු පදනමෙන් වින්දිතයන්ගේ පවුලේ අයට උපකාර කරන්න කියලා. නමුත් Jang Sung-chul මෙය පළිගැනීමේ සේවා කණ්ඩායමට ලබා දෙනවා. ඉතිං මොකද්ද මේ කේස් එක ?

මේ කේස් එකට සභාපති Beak Sung-mi තියෙන සම්බන්ධය කුමක්ද?

එහෙනම් අපි දොලොස් වෙනි කොටසෙන් හමුවෙමු……

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

9 comments

  1. ගොඩාක් ස්තූතියි සහෝදරියනි.😊❤
    එවගේම Secret Royal Inspector & Joy එකේ 06 වන එපිසෝඩ් එකේ සිංහල සබ් අද දෙන්න අමතක කරන්න එපා.

  2. Thnx for the sub

  3. Sub ekata thanx

  4. සබ් එකට ගොඩාක් තෑන්ක්ස්

  5. Thanx for sub

  6. WOW Niyamai MAru..
    Digatama demu..
    Thank you..

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login