The title of the page
8.3
97

Taxi Driver (2021) E05 Sinhala Subtitles | යූ ඩේටා | සිංහල උපසිරැසි සමඟ

අයුබෝවන් යාලුවනේ,

       ඔන්න මම අද කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ පස් වන කොටසේ සිංහල උපසිරස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ කතා ගැන මම පොඩි හැදින්වීමක් කරන්නම්,

         කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS නාලිකාව ඔස්සේ ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • මෙහි ප්‍රධාන නළුවා ලෙස Lee Je-hoon (Signal, Move to Haven වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ Kim Do-gi චරිතයට පණ පොවනවා. Kim Do-gi කියන්නේ පළිගැනීමේ සේවාවේ සාමාජිකයෙක් මෙන්ම  ඩිලක්ස් ටැක්සියේ රියදුරා ලෙස පෙනී ඉන්නවා.
  • මෙහි ප්‍රධාන නිළිය ලෙස Esom (Scarlet innocence චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ අභිචෝදක Kang Ha-na චරිතයට පණ පොවනවා.
  • Kim Ui-Seong ( Train to Busan වැනි චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) සහය නළුවෙක් ලෙස රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ නිල් කුරුලු පදනමේ අධ්‍යක්ෂවරයා හා දේදුනු ප්‍රවාහන කුළීරථ සේවයේ අයිතිකරු වශයෙන් ද පෙනී ඉන්නවා. මීට අමතරව මොහු “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා.
  • තවද සහය නිළියක් ලෙස Pyo Ye-Jin (what’s wrong with the secretary kim?, Love Returns වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ Ahn Go-eun චරිතයට පණ පොවනවා. Ahn Go-eun කියන්නේ “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ කම්පියුටර් හැකර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ.
  • තවද සහය නළුවන් වන Bae yoon-ran හා Jang Hyeok-jin යන දෙපල පිළිවලින් Park Jin-eon හා Choi Gyeong-gu යන චරිතයන්ට පණ පොවනවා. මොවුන් දෙදෙනා “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ සාමාජිකයන් වන අතර එහිදී ඔවුන් කාර් ඉංජිනේරුවන් ලෙස තමයි ඉන්නේ.
  • මෙහි තවත් එක් චරිතයක් වන සභාපති Beak Sung-mi රඟනයෙන් යෙදෙන්නේ Cha Ji-Yeon ය. (ඇය Actor මෙන්ම singer ද වෙයි. මේ කතාවේ All Day…කියන ost song එක ඇය තමයි ගායනා කරලා තියෙන්නේ.)

කතාව ගැන ටිකක් කියන්නම්,

ඔයාලා හතර වන කොටසෙන් දැක්කනේ පළිගැනීමේ සේවා කණ්ඩායමේ අය පාක් සේං ටේ ඇතුළු ඔහුගේ යාළුවන්න මොන වගේ දඬුවමක්ද දුන්නේ කියලා. හතර වන කොටස අවසන් වෙන්නේ Kim Do-gi හමුදා සේවය අවසන් කර ගෙදරට පැමිණෙන අවස්ථාවේ දී ඔහු ගේ මව මරා දමා තියෙනවා ඔහු දකිනවා. තවද ඩිලක්ස් ටැක්සිය නැවතත් දුටු කෙනෙක් අභිචෝදක Kang Ha-na ගේ කාර්යාලයට ඔතුවක් දෙනවා.

හරි. පස්වන කොටස,

දිග හැරෙන්නේ අභිචෝදක Kang Ha-na භාරගත්ත නඩුවකින්‍ය. නමුත් ඇයගේ කාර්යාලයේ ප්‍රධානියා ඇයට එම නඩුව නොකරන මෙන් තරයේ අවවාද කරනවා. පසුව එම නඩුව නිල් කුරුළු පදනමේ අධ්‍යක්ෂවරයා වන Jang Sung-chul ගේ අතට පත්වෙනවා.

ඉතිං මොකද්ද මේ නඩුව ?

නිල් කුරුළු පදනමේ අධ්‍යක්ෂවරයා නැත්නම් පළිගැනීමේ සේවා කණ්ඩායමේ නායකයා වන Jang Sung-chul අනිත් සගයන් සමඟ මේ නඩුව පිළිබද සොයා බලයිද?

අභිචෝදක Kang Ha-na තම ප්‍රධානියාගේ ඉල්ලීම නිසා ඇය මේ නඩුව අත් හරිවිද?

      එහෙනම් අපි ආය හය වන කොටසෙන් හමුවෙමු. එතෙක් හැමෝටම,

                                      බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

12 comments

  1. Thank you .me tv seris aka hoda akak .me waga tv serise films Dena aka ceneru karana loku wadak digatama innawa. Oyatath godak thanks dahami. Link akath ikmanta denna

  2. උපසිරැසියට ගොඩාක් ස්තූතියි 👍😃

  3. Maru Maru Niyamai..
    Digatama Demu..
    Thank You..

  4. thanks pana❤
    Meka nm tikak parakku wuna wadiyi anith ewa ikmanin demu

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. Thnx for sub

  8. Tq akke 💚 ikmnatama sub tika denndoooo… all the best 🖤🖤

  9. Negative comment එකක් දැම්මම ඇයි ඒක ඩිලීට් කරන්නෙ. Positive comment ඕනෙනම්.මොකටද comment on කරන් ඉන්නෙ? මනුස්සයො උනාම positive වගේම negative comment උනත් බාරගන්න පුරුදු වෙන්න ඕනෙ. Positive comment වලට වඩා negative comment නිසා උත්සහය වැඩි වෙනවා. මේකත් ඩිලීට් කලොත් අනීවා screenshot ගහලා පේන්න දානවා. 😑🙏 මන් කිව්වෙ ඇත්ත. මේකෙ සිංහල සබ් එනකන් බලන් ඉන්න නම් තව මාස දෙක තුනක් යයි. එතකන් english sub වලින් බලන්න කිව්ව එක වැරදි වෙන්නෙ නෑනෙ. එක්කො ඒ ප්‍රමාදවීමට පිලිතුරක් දුන්නනම් ඉවරයිනෙ comment delete නොකර

    • සබ් කරන්නෙත් මනුස්සයෝ…ඔයාට හදිස්සිනම් ඔයා ඉංග්‍රීසි සබ් එක්ක බලන්න..අපිට ප්‍රශ්නයක් නෑ..Ss බැරිනම් බැනර් ගහලා එල්ලන්න..😂 සබ් කරන අයට ඔයා කන්න අඳින්න දෙන්නෑනේ..රස්සාවක් කරන ගමන්,ඉගෙන ගන්න ගමන් සබ් කරන්නේ..මොකද සබ් කරා කියලා සල්ලි හම්බවෙන්නෑනේ මහත්තයෝ..😂🙏🏽 මේකට මෙච්චර අවුරුද්දක් විතර ගිහින් කවුරුත් සබ් දුන්නෑනේ..මෙයා ජොබ් එක කරන ගමන් මෙහෙම හරි සබ් නුදුන්නනම් තවත් මේකට සබ් නෑනේ..හැමදේම තමන්ගේ පැත්තෙන් විතරක් හිතන්න පුරුදු වෙන්න එපා..🙏🏽 එයාට පුලුවන් උපරිම ඉක්මනට තමයි සබ් එක දෙන්නේ..එතකන් ඉවසන් ඉන්න බැරිනම් අපිට කරන්න දෙයක් නෑ..❤🙏🏽

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login