The title of the page
Taxi Driver (2021) E04 Sinhala Subtitles
Taxi Driver (2021) E04 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E04 Sinhala Subtitles | සිසුන්ට දුන් දඬුවම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

       ඔන්න මම අද කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ හතර වන කොටසේ සිංහල උපසිරස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ කතා ගැන මම පොඩි හැදින්වීමක් කරන්නම්,

         කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS TV ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • මෙහි ප්‍රධාන නළුවා ලෙස Lee Je-hoon (Signal, Move to Haven වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ Kim Do-gi චරිතයට පණ පොවනවා. Kim Do-gi කියන්නේ පළිගැනීමේ සේවාවේ සාමාජිකයෙක් මෙන්ම  ඩිලක්ස් ටැක්සියේ රියදුරා ලෙස පෙනී ඉන්නවා.
  • මෙහි ප්‍රධාන නිළිය ලෙස Esom (Scarlet innocence චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ අභිචෝදක Kang Ha-na චරිතයට පණ පොවනවා.

  • Kim Ui-Seong ( Train to Busan වැනි චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) සහය නළුවෙක් ලෙස රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ නිල් කුරුලු පදනමේ අධ්‍යක්ෂවරයා හා දේදුනු ප්‍රවාහන කුළීරථ සේවයේ අයිතිකරු වශයෙන් ද පෙනී ඉන්නවා. මීට අමතරව මොහු “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා.

  • තවද සහය නිළියක් ලෙස Pyo Ye-Jin (what’s wrong with the secretary kim?, Love Returns වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ Ahn Go-eun චරිතයට පණ පොවනවා. Ahn Go-eun කියන්නේ “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ කම්පියුටර් හැකර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ.

  • තවද සහය නළුවන් වන Bae yoon-ran හා Jang Hyeok-jin යන දෙපල පිළිවලින් Park Jin-eon හා Choi Gyeong-gu යන චරිතයන්ට පණ පොවනවා. මොවුන් දෙදෙනා “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ සාමාජිකයන් වන අතර එහිදී ඔවුන් කාර් ඉංජිනේරුවන් ලෙස තමයි ඉන්නේ.

  • මෙහි තවත් එක් චරිතයක් වන සභාපති Beak Sung-mi රඟනයෙන් යෙදෙන්නේ Cha Ji-Yeon ය. (ඇය Actor මෙන්ම singer ද වෙයි. මේ කතාවේ All Day…කියන ost song එක ඇය තමයි ගායනා කරලා තියෙන්නේ.)

හරි අපි කතාව පැත්තට යමු,

     තුන්වෙනි කොටසේ ඔයාලා දකින්න ඇති Kim Do-gi ආදේශක ගුරුවරයෙක් ලෙස පාක් ජු මින් සිසුවාගේ පාසලට ඇතුළු වෙනවා. එහිදී ඔහු පාක් ජු මින්ට වධ හිංසා කර සිසුන්ව දැන හදුනා ගන්නවා. ඒ වගේ “පළිගැනීම සේවාවේ” නායකයා වන Jang Sung-chul ගේ දෙමව්පියන්ට සිදු අපරාදය මේ කොටසේ පෙන්වනවා. ඉතිං මේ කොටස ඉවර වෙන්නේ පාක් ජු මින්ට හිංසා කරපු සිසුන් එකතු වී Kim Do-gi ට ඇට වූ උගුලට හසු වීමෙන්‍ය.

             හතර වෙනි කොටස පටන් ගන්නේ,

අභිචෝදක Kang Ha-na ට kang Maria නඩුවේ සිටි එක් අපරාධකරුවෙක්ගේ සාක්ෂි එක්කමය. ඉතිං මේ හෝඩුවාව මොකද්ද?

        Kim Do-gi සිසුන්ගේ උගුලට ඇත්තන්ටම හසු වුනා ද?

පළිගැනීම සේවා කණ්ඩායමේ අය මොවුන්ට මොන වගේ දඬුවමක් ලබා දේවිද?

පාක් ජු මින්ට හිංසා කරපු සිසුන් තමන් කරපු වැරැද්ද පොලිසියට පාපෝච්චාරණය කරයිද?

මේ ප්‍රශ්න වලට උත්තර හතර වෙනි කොටසේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් අපි පස්වෙනි කොටසෙන් නැවත හමුවෙමු……..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

9 comments

  1. Maru maru niyamai..
    Ikamanata digatama demu..
    Thank You..

  2. thanks pana❤

  3. Thnx for sub

  4. Thank You🙂

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. Thanks for sub😍
    Ithuru tikath Ikmnata denno😋❤

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  9. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login