The title of the page
8.3
97

Taxi Driver (2021) E06 Sinhala Subtitles | උපාය මාර්ගික සැලසුම් කණ්ඩායම | සිංහල උපසිරැසි සමඟ

හැමෝටම සුබ දවසක්,

       ඔන්න මම අද කුළීරථ රියදුරු (Taxi Driver) කතාවේ හතර වන කොටසේ සිංහල උපසිරස ඔයාලා වෙනුවෙන් ගෙනාවා. මේ කතා ගැන මම පොඩි හැදින්වීමක් කරන්නම්,

         කොරියානු භාෂාවෙන් මෙය모범택시; Hanja නමින් මේ කතාව හදුන්වනවා. මේ කතාවේ IMDb අගය 8.3/10 වැඩි අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. තවද මේ කතාව Action / Crime ගණයට අයත් වෙනවා. ඒ වගේම මේ කතාවට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙය SBS TV ප්‍රථමවරට විකාශන වුන අතර, මේ කතාව Episode 16කින් සමන්විතය. මෙය,

                     Directed by         : Park Joon-Woo

                     Written by           : Oh Sang-ho(ep. 1-10)

                                                   Lee Ji-hyun (ep. 11-16)

ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • මෙහි ප්‍රධාන නළුවා ලෙස Lee Je-hoon (Signal, Move to Haven වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ Kim Do-gi චරිතයට පණ පොවනවා. Kim Do-gi කියන්නේ පළිගැනීමේ සේවාවේ සාමාජිකයෙක් මෙන්ම  ඩිලක්ස් ටැක්සියේ රියදුරා ලෙස පෙනී ඉන්නවා.
  • මෙහි ප්‍රධාන නිළිය ලෙස Esom (Scarlet innocence චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ අභිචෝදක Kang Ha-na චරිතයට පණ පොවනවා.
  • Kim Ui-Seong ( Train to Busan වැනි චිත්‍රපටයට රඟනයෙන් දායක වෙලා තියෙනවා.) සහය නළුවෙක් ලෙස රඟනයෙන් දායක වෙනවා. ඔහු මේ කතාවේ නිල් කුරුලු පදනමේ අධ්‍යක්ෂවරයා හා දේදුනු ප්‍රවාහන කුළීරථ සේවයේ අයිතිකරු වශයෙන් ද පෙනී ඉන්නවා. මීට අමතරව මොහු “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ නායකයා වශයෙන් ඉන්නවා.
  • තවද සහය නිළියක් ලෙස Pyo Ye-Jin (what’s wrong with the secretary kim?, Love Returns වැනි කතාවල ද රඟනයෙන් දායක වෙලා තියෙනවා.) රඟනයෙන් දායක වෙනවා. ඇය මේ කතාවේ Ahn Go-eun චරිතයට පණ පොවනවා. Ahn Go-eun කියන්නේ “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ කම්පියුටර් හැකර් කෙනෙක් විදිහට තමයි ඉන්නේ.
  • තවද සහය නළුවන් වන Bae yoon-ran හා Jang Hyeok-jin යන දෙපල පිළිවලින් Park Jin-eon හා Choi Gyeong-gu යන චරිතයන්ට පණ පොවනවා. මොවුන් දෙදෙනා “පළිගැනීමේ සේවාවේ” නැත්නම් “ඩිලක්ස් ටැක්සි සේවා” කණ්ඩායමේ සාමාජිකයන් වන අතර එහිදී ඔවුන් කාර් ඉංජිනේරුවන් ලෙස තමයි ඉන්නේ.
  • මෙහි තවත් එක් චරිතයක් වන සභාපති Beak Sung-mi රඟනයෙන් යෙදෙන්නේ Cha Ji-Yeon ය. (ඇය Actor මෙන්ම singer ද වෙයි. මේ කතාවේ All Day…කියන ost song එක ඇය තමයි ගායනා කරලා තියෙන්නේ.)

හරි අපි කතා පැත්තට යමු,

  ඔයාලා පස්වන කොටසේ දකින්න ඇති අභිචෝදක Kang Ha-na තම ප්‍රධානියාගේ ඉල්ලීම අනුමත නොකර යූ ඩේටා නඩුව ගැන හොයන්න පටන් ගන්නවා. මොකද්ද මේ යූ ඩේටා නඩුව? යූ ඩේටා කියන්නේ “ක්ලවුඩ් සර්විස්” සේවාවක් සිදු කරන සමාගමක්‍ය. ඉතිං මේ සමාගමේ සේවය කරපු සේවකයක් වන Seo yung min ට සිදු වූ අකටයුතුම්කමක් ගැන තමයි මේ නඩුව ආරම්භ වෙන්නේ. ඉතිං මේ නඩුවම නිල් කුරුළු පදනමේ අධ්‍යක්ෂවරයා වන Jang Sung-chul ට අභිචෝදක කාර්යාලයේ  තිබිලා හම්බවෙනවා. පස්සේ පළිගැනීමේ සේවා කණ්ඩායමේ අය තීරණය කරනවා Seo yung min ට හිංසා කරපු අපරාධකරුවන්ගෙන් පළි ගන්න. පස්වෙනි කොටස අවසන් වෙන්නේ Kim Do-gi යූ ඩේටා සමාගමේ සේවකයෙක් ලෙස යෑම හා Seo yung min ට වගේම හිංසනයට ලක් වූ තවත් එක් සේවකයෙක් අභිචෝදක Kang Ha-na ට හම්බවෙනවා.

            හය වන කොටස දී,

Kim Do-gi යූ ඩේටා සමාගමේ සේවකයෙක් හැටියට තමයි යන්නේ. ඉතිං පළිගැනීමේ සේවා කණ්ඩායමට මොන වගේ තොරතුරු හම්බවේවිද?

Kim Do-gi උපාය මාර්ගික සැලසුම් කණ්ඩායට ඇතුල් වෙන්න පුළුවන් වෙයිද?

උපාය මාර්ගික සැලසුම් කණ්ඩායමේ තිබෙන රහස මොකක්ද?

Seo yung min ගේ මිත්‍රයා අභිචෝදක Kang Ha-naට උදව් කරයිද?

               එහෙනම් අපි ආය හත් වන කොටසෙන් හමුවෙමු. එතෙක් හැමෝටම,

                                      බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


98
Total Subtitles

11 comments

  1. උපසිරැසියට බොහෝම ස්තූතියි!👍

  2. Sub ekata thanx

  3. thnq so much….

  4. Niyamai Niyamai..
    Digatama ikmanata demu..
    Thank You..

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. මේක ඔන්ගොයින් සීරීස් එකක් නෙවෙයි හින්දා මීට ඉක්මනින් සබ් දෙන්න බලන්න
    එපියෙන් එපිය සබ් දෙන පරතරය ගොඩක් වැඩියි ඒකයි

  7. Thanx for sub

  8. ikmanata sub tika dennako plz

  9. Thank you sub ekata
    😍❤

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login