The title of the page
Taxi Driver (2021) E01 Sinhala Subtitles
Taxi Driver (2021) E01 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E01 Sinhala Subtitles | කුලීරථ රියදුරු | සිංහල උපසිරැසි සමඟ

(Taxi Driver 2021 Sinhala Subtitles) (Taxi Driver (2021) E01 Sinhala Subtitles)

Country : south Korea
Episode : 16
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Origioanal Network : SBS TV
Genre : Action / Crime
IMDb : 8.3/10
Runninge time : 70 minutes

හැමෝටම සුබ දවසක්,

මේ මගේ පලවෙනි drama එකේ, පලවෙනි  සිංහල උපසිරස ගැන්වීමයි. ඉතිං මට මේ අවස්ථාව ලබා දුන්න Cineru Admin ට මම ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා . ඒ වගේම මට මේ සඳහා උදව් කරපු සුදීෂ්නී ජාසිංහ අක්කාට ස්තූතියවන්ත වෙනවා.

Taxi Driver එහෙමත් නැත්නම් මේක සිංහලෙන් කුළීරථ රියදුරු ලෙස හදුන්වනවා. කොරියානු භාෂාවෙන් කියනවා මෙය 모범택시; Hanja නමින් මේ Drama එක හදුන්වනවා. මේ Story එකට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙහි,

Directed by : Park Joon-Woo

Written by : Oh Sang-ho(ep. 1-10)

Lee Ji-hyun (ep. 11-16)

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom                      -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු,

“මැරෙන්න එපා. පළි ගන්න. අපි ඔබ වෙනුවෙන් එය කරන්නෙමු” මේ ඩිලක්ස් කුලී රථ සේවාවේ දැන්වීමක්. ඉතිං මේ සේවාවේ ලොක්කා එහෙමත් නැත්නම් මෙහි නායකයා වෙන්නේ Jang Sung-chul (Kim Ui-Seong) ඔහු “බ්ලූ බර්ඩ්” නැත්නම් “ නිල් කුරුලු පදනම” නම් සංවිධානයේ අධ්‍යෂකවරයා ලෙස කටයුතු කරනවා. මේ සංවිධානයේ සේවාව වන්නේ අපරාධකරුවන්ට ගොදුරු වුන වින්දිතයන්ට උදව් උපකාර කිරීම හා මූල්‍යාධාර සැපයීමයි . ඉතිං ඔහු මෙයට අමතරව “දේදුනු ප්‍රවාහන සේවාව” නමින් කුලී රථ සේවාවක අයිතිකාරයා වශයෙන් කටයුතු කරනවා. මේ සේවාවේ තවත් එක් පැතිකඩක් ලෙස, ඉහතින් මම සදහන් කරපු ඩිලක්ස් කුලී රථ සේවාවද සපයනවා,

ඒ කියන්නේ එක අපරාධකාරයෙකුට හෝ අපරාධ කල්ලියකට ගොදුරු වූ වින්දිතයන්ට ඔවුන්ගෙන් පළි ගැනීමට නොහැකිව අසරණ වෙලා ඉන්න අය වෙනුවෙන් පළි ගැනීම තමයි ඩිලක්ස් කුලී රථ සේවාවෙන් සිදු කරන්නේ. ඉතිං මේ වින්දිතයන් වෙනුවෙන් අපරාධකරුවන්ගෙන් පළි ගැනීම සඳහා Jang Sung-chul ඇතුළුව නිල් කුරුලු පදනමේ සාමාජිකයින් මෙන්ම දේදුනු ප්‍රවාහන කුලීරථ සේවාවේ වැඩ කරන 04  දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සදහා කටයුතු කරනවා. ඔවුන්ට ඉස්සෙල්ලාම හමුවන වින්දිතයා වෙන්නේ kang Maria යි. ඇය අනාථ නිවාසයක හැදී වැඩුණු මන්ද මානසික ගැහැණු ළමයෙක් ය. ඉතිං ඇයගේ කතාව මොකද්ද? ඇයට වද හිංසා කරපු අපරාධකරුවන් කවුද?

  • Cho Do-chul කියන්නේ කවුද?
  • තව මේ කණ්ඩායමේ සමාජිකයන්ට සිදු වූ අපරාධ මොනවාද?

         ඔයාලට මේ සිංහල උපසිරස ගැන කමෙන්ට් දාන්න අමතක කරන්න එපා. ඊළඟ Episode අපි හම්බවෙමු. එතකල් හැමෝටම, 

           බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

21 comments

  1. ගොඩාක් ස්තූතියි.
    මම ගොඩාක් බලාපොරොත්තුවෙන් හිටියා.

  2. බලන් හිටපු එකක් thank you ❤️

  3. පළවෙනි උපැසිරැසියට සුභ පැතුම්..❤️‍🔥

  4. WOW Niyamai..
    Digatama Demu..
    Good Luck..
    Thank You..

  5. Netflix පිස්සා

    Wow patta patta adarei ❤

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  7. Thanx for sub

  8. දැහැමිගේ පළමු උපසිරැසියට උණුසුම් සුභ පැතුම්! 🔥🔥👏👏. මේකට සබ් දෙනකන් ගොඩක් කල් බලාගෙන හිටියේ.මේ ඩ්‍රාමා එක තෝරගත්තට බොහොම ස්තුතියි😘😘❤️❤️. අනිත් සබ් ටිකත් ඉක්මනින් දෙන්න හොඳේ.❤️❤️❤️❤️❤️

  9. Sub ekata thanx

  10. පළමු උපැසිරැසිකරණයට සුභ පැතුම්…!!🤗 දිගටම සබ් දෙන්න හොදේ මේ කතා මාලාවට.😍❤️

  11. Maroo sub aka thank you

  12. දෙනකම් බලාගෙන ඉදපු ඩ්‍රාමා එකක්…👍👌
    පළවෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් 🎀🙂
    දිගටම කොරියන් කතාවලට සබ් දෙමු😸😃
    Good Luck🤗

  13. ඒවගේම උපසිරැසියට ගොඩාක් ගොඩාක් තෑන්ක්ස්🤘😉

  14. attatama mama me tv series eke sinhala sub denakan balagena hitiye. thanks oyata.

  15. Police university drama eke sinhala sub dennko

  16. E 6 ඉදන් ඩව්න්ලෝඩ් කරන්න බැනෙ.

  17. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  18. හිරාන්

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්…෴
    ගොඩක් ස්තුතියි

  19. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login