The title of the page
Taxi Driver (2021) E02 Sinhala Subtitles
Taxi Driver (2021) E02 Sinhala Subtitles
8.3
97

Taxi Driver (2021) E02 Sinhala Subtitles | කන්ග් මරියා වෙනුවෙන් පළි ගැනීම | සිංහල උපසිරැසි සමඟ

(Taxi Driver (2021) E02 Sinhala Subtitles) (Taxi Driver (2021) E02 Sinhala Sub)

Country : south Korea
Episode : 16
Aired : April 09,2021 – May 29,2021
Aired on : Friday to Saturday
Origioanal Network : SBS TV
Genre : Action / Crime
IMDb : 8.3/10
Runninge time : 70 minutes

     හැමෝටම සුබ දවසක්,

Taxi driver එහෙමත් නැත්නම් මේක සිංහලෙන් කුළීරථ රියදුරු ලෙස හදුන්වනවා. කොරියානු භාෂාවෙන් කියනවා මෙය 모범택시; Hanja නමින් මේ Drama එක හදුන්වනවා. මේ Story එකට Based වෙලා තියෙන්නේ Webtoon site එකේ පල වුන The Deluxe Taxi කියන Story line. මෙහි,

Directed by : Park Joon-Woo

Written by : Oh Sang-ho(ep. 1-10)

                    Lee Ji-hyun (ep. 11-16)

මෙහි ප්‍රධාන නළු, නිළියන් ලෙස,

  • Lee Je-hoon -: Kim Do-gi ලෙසත්,
  • Esom -: Kang Ha-na ලෙසත්,
  • Kim Ui-Seong -: Jang Sung-chul ලෙසත්,
  • Pyo Ye-Jin -: Ahn Go-eun ලෙසත්,
  • Bae yoon-ran -: Park Jin-eon ලෙසත්,
  • Jang Hyeok-jin -: Choi Gyeong-gu ලෙසත්,
  • Cha Ji-Yeon -: Chairman Beak Sung-mi ලෙසත්. රංගනයෙන් දායක වෙනවා.

අපි කතාව පැත්තට යමු,

 

පළමු කොටසේ ඔයාලා දකින්න ඇති අනාථ නිවාසයක හැදී වැඩුණු  kang Maria කියන මන්ද මානසික ගැහැණු ළමයාව, පරිගණක අංශයේ පුරප්පාඩු තිබෙන රැකියාවක් ලබා දෙන්නේ යැයි පවසමින් ඇයව චැංසුල් නම් මත්ස්‍ය ආහාර සකසන ෆැක්ටරි එකකට එයාව විකුණනවා. එහිදී ඇයව වද හිංසා මෙන්ම ඇයව දූෂණයට ලක්වෙනවා.පසුව ඇය ඒ අපරාධකරුවන්ගෙන් පැනවිත් ඩිලක්ස් කුළීරථ සේවාව නැත්නම් “පළිගැනීමේ සේවාවේ” කණ්ඩායම් සාමාජිකයෙක් වන Kim Do-gi (Lee Je-hoon) හමුවන අතර ඇයට වද හිංසා කර අයගෙන් පළිගන්න කියලා පළිගැනීමේ සේවා කණ්ඩායමට ආයාචනා කරනවා.

ඉතිං පළමු කොටස නිමා වෙන්නේ kang Mariaව වද හිංසා කරපු ෆැක්ටරියේ අයිතිකාරයා හා ඔහුගේ සේවකයා සිටින නිවසට Kim Do-gi හොරෙන් පැන සෝදිසි කරන තැනින්‍ය. තවද මේ කොටසේ Cho Do-chul නම් අපරාධකරුවා හිරෙන්නිදහස් වූ සැනින්ම ඔහුව පැහැර ගත් පුද්ගලයා පිළිබද සොයන Kang Ha-na (Esom) නම් අභිචෝදකවරියක් කතාවේ පළමු කොටසෙන් පෙන්වනවා.

          කතාවේ දෙවන කොටස ආරම්භ වන්නේ,

Kim Do-gi ගේ මව මැරුව අපරාධකරුවා පොලිසිය විසින් අල්ල ගැනීම හා ඔහු ඩිලක්ස් කුළීරථ සේවාව නැත්නම් “පළිගැනීමේ සේවාවේ”  සාමාජිකයෙක් වන ආකාරය පෙන්වනවා.

එතනින් පසු kang Maria වැඩ කරපු චැංසුල් නම් මත්ස්‍ය ආහාර සකසන ෆැක්ටරිට Kim Do-gi ව්‍යාපාරිකයෙක් ලෙස එහිඅයිතිකරු මුණ ගැසීමට යනවා. ඉතිං පළිගැනීමේ සේවා කණ්ඩායමට, kang Mariaට වද හිංසා කර අපරාධකරුවන්ගෙන් පළිගැනීමට හැකි වේවිද? ඔවුන් එම අපරාධකරුවන්ගෙන් කෙසේ පළි ගනීවිද? තවද,

  • සභාපති Beak Sung-mi (Cha Ji-Yeon) හා Jang Sung-chul අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද?
  • අභිචෝදක Kang Ha-naට ඩිලක්ස් ටැක්සිට පිළිබඳව හමු වූ හෝඩුවාව කුමක්ද?

                 මේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙවන කොටසේ අන්තර්ගත වෙලා තියෙනවා.

එහෙනම් අපි තුන්වෙනි කොටසෙන් හමුවෙමු. එතෙක් ඔයාලා හැමෝටම,

             බුදු සරණයි!!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දැහැමි ධර්මමාලි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දැහැමි ධර්මමාලි

September 27, 2021


106
Total Subtitles

12 comments

  1. thank you sub ekata….

  2. Maru Nimyamai..
    digatama demu..
    Thank You..

  3. Thanx for th sub
    Ikmnt ithuru tikath one

  4. උපසිරැසියට ගොඩාක් ස්තූතියි 😊✨️

  5. Sub ekata thanx

  6. sub eka weda neni..plz help

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  8. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි උපසිරැසියට නියම කතාවක්, ජය වේවා!!

  9. Thank you for sub😍

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login