The title of the page
Tales from the Loop E01 Sinhala Sub
Tales from the Loop E01 Sinhala Sub
7.5
85
83

Tales from the Loop (2020) S01 E01 Sinhala Subtitles |ලූපය|සිංහල උපසිරැසි සමග|

ඉතින් මම ඔයාව අද හම්බවෙන්න ආවේ 2020 දී රිලීස් උන අලුත්ම කතා මාලාවක පලවෙනි කතාංගයට උපසිරැසියත් අරගෙන. ඉතින් මේ කතාවට 7.4 ක IMDB අගයක් හිමිවෙලා තියනවා.මේක Drama, Science Fiction ගණයට තමයි අයත් වෙන්නේ. Tales From The Loop කියන කතා මාලාව මත් තමයි මේ කතාව පදනම් වෙලා නිර්මාණය කරලා තියන්නේ.මේ කතා මාලාව කථාංග 8 ක් ඇතුලත් වෙලා තියනවා.

මේ කතාංගයට රංගන දායකත්වය දීලා තියන්නේ,
Rebecca Hall
Tyler Barnhardt
Jonathan Pryce
Duncan Joiner
Paul Schneider

මේ කතා මාලාව කුතුහලයෙන් පිරිච්ච හොදින් රසවිදින්න පුලුවන් නිර්මාණයක්.විද්‍යා ප්‍රබන්ධ වලට ආස කරන අය හට වෙනස් ම විදියේ අත්දැකීමක් මේක තුලින් ගන්න පුලුවන් වෙයි කියලා මම හිත්නවා.වෙනස් ම පැතිකඩක් ස්පර්ශ කරමින් නිර්මාණය කරලා තියන මේ කතාංගය රසවත් මානයකට නරඹන්නාව රැගෙන යනවා කියලා කියන්න පුලුවන්.

පලවෙනි කතාංගය ගැන කිවොත් මිනිසුන් ගෙන් හුදකලා වුනු පොළව යට නිර්මාණය කරලා තියන ලූපයේ වැඩ කරන මවකගේ පරීක්ෂණයක අතුරු ප්‍රතිපලයක් නිසා පීඩා විදින දුවෙකුගේ කතාවක් ගැන තමයි කතා වෙන්නේ.ඒ පරීක්ෂණය නිසා අමුතුම දෙයක් සිද්ධ වෙනවා.ඇත්තටම කිව්වොත් ඒක හිතාගන්න බැරි දෙයක්.ඒ ගැන ඉතින් මම කියන්න යන්නේ නෑ. ඔයාලම රස විදින්න… කතා මාලා රසවිදින්න කැමැත්තක් දක්වන හැමෝටම මේක මගහැරගන්නේ නැතුව බලන්න කියලා යෝජනා කරනවා.ඊලග කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නම්.
බුදු සරණයි !

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිතුම් සංජන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිතුම් සංජන

March 12, 2020


53
Total Subtitles

3 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. බලන්න පටන් ගන්නව බ්‍රෝ එහෙනම් ඉක්මනින්ම ඉතුරු කොටස්වලටත් සබ් දෙමු 👊👊👊..
    ජය වේවා.!

  2. මයිකි

    එල එල කතාව ඉවර වෙනකන්ම සබ් කරන් යමු. තැන්ක්ස් බං

  3. Thanks ……….good luck …………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login