The title of the page
8.3
98

Tale of the Nine Tailed E2 (2020) Sinhala Subtitle | මම ඔබ වෙනුවෙන් බලා සිටියා | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් !!
Tale of the nine tailed එහෙමත් නැත්තම් Tale of Gumiho කතාමාලාවේ දෙවන කොටසේ උපසිරැසිය තමා ඔයාලට දෙන්න හදන්නේ.
පලවෙනි කොටසෙදී ජී ආ ගේ දෙමව්පියෝ අතුරුදහන් උනානේ.ඒ වගේම කතාව අවසානයේ රැන්ග් විසින් ලී ඉයොන්ට අභියෝගයක් කරනවා.
ඉතින් අද කතාවෙදී පලවෙනි කතාවේ තිබ්බ ගැටලු යම් තාක් දුරට ලෙහා ගන්න පුලුවන්.
ජී ආ ගේ දෙමව්පියන්ට මිය ගියාද?
ලී ඉයොන් කා වෙනුවෙන්ද තමන්ගේ අසීමීත නිදහස නැති කර ගත්තේ?
රැන්ග් කියන්නේ කවුද?
කියන ඒවාට උත්තර අද කොටසෙන් හම්බෙයි.
ඒ වගේම අද කතාවේ තවත් අමනුස්ස ජීවින් කොට්ඨාසයක් ගැන කතා කරනවා.ඒ තමයි Bulgasari.
Bulgasari කියන්නේ චීන මිථ්‍යා පුරාවෘත වල සිටිනඅසාමාන්‍ය දෙමුහුන් ජීවියෙක්.
එහි නමෙහි තේරුම ‘මරා දැමිය නොහැක’ එහෙමත් නැත්තම් ‘ගින්නෙන් පමණක් මරා දැමිය හැකිය’ යන තේරුමයි. 
ගින්දර එහි එකම දුර්වලතාවය විය හැකි බව විශ්වාස කරනවා. 
කටු සහිත ලොම් සහිත වලසෙකුගේ සිරුර, අලියෙකුගේ නාසය, රයිනෝගේ ඇස්, කොටියෙකුගේ නියපොතු සහ ගොනෙකුගේ වලිගය යන සියල්ලගෙන්ම Bulgasari අමනුස්සයන්ගේ ශරීරය නිර්මාණය වී තියනවා. 
මෙම සත්වයාගේ මූලාරම්භය පැහැදිලි කරන විවිධ මිථ්‍යා කතා තිබෙනවා.ඒ වගේම මෙම අමනුස්සයා විශාල හා භයානක බවට පත්වන තෙක්  ලෝහ වස්තූන් අනුභව කරනවා.එයින් ඔව්න්ගේ සත්‍ය ස්වරූපය මතු වන බවයි විශ්වාස කරන්නේ.
මෙම මිථ්‍යාවේ තවත් කොටසක් තමා ඔවුන් බියකරු සිහින ගිල දමන අමනුස්සයන් බව.
ඉතින් අද කොටස බලන්න.
ඊළග කොටස විකාශය උනාට පස්සේ පුලුවන් තරම් ඉක්මනට ඒ කොටසෙත් උපසිරැසි අරගෙන එන්නම්.🙂🙂🙂🙂
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

6 comments

  1. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අමා නන්ඝියා සුපිරියි ඇ 🌻🤣🤣

  2. බොහොම ස්තුතියි මේක හරිම ලස්සන කථාවක් ඉතිරි කොටසත් ඉක්මණින්ම දෙන්න .

  3. Hashan M.
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් අනේමන්දා 😊👊👊

  4. Thanks a lot amanda❤️❤️👍👍

  5. Thank you sub ekata..🤜

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login