The title of the page
What's Wrong With Secretary Kim 2018 Sinhala Sub
What's Wrong With Secretary Kim 2018 Sinhala Sub
8.1
97

What’s Wrong with Secretary Kim? (2018) Complete Season Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග

(What’s Wrong with Secretary Kim? (2018) Complete Season Sinhala Sub) ආයුබෝවන් ආදරණීය යාලුවො හැමෝටම.ඔන්න අපෙන් දිගින් දිගට ඉල්ලීම් කරපු තවත් අපූරු කොරියානු කතා මාලාවක සම්පූර්ණ උපසිරැසි ටික ඔයාලට දෙන්න තමයි මේ සූදානම.

ඉතින් ටික කාලෙකට කලින් දෙන්න තිබ්බ එකක් මේක උපසිරැසි කරන්න යෝජනා කලේ අපේ අසංක සහෝදරයා තමයි.නමුත් දිගින් දිගටම හැමෝම බිසී වුනු නිසා වැඩේ ඉක්මනින් ඉවර කරන්න ලැබුනෙත් නෑ..ඉතින් ආයෙම ඉල්ලීම් කරන්න ගත්ත අය වැඩි වුනු හින්දා කොහොමෙන්හරි වැඩේ ගොඩ දැම්මෙ මේ විදියට.

ඩ්‍රාම එක ගැන කියනවනම් 2018 වසරේ කොරියානු “tvN” නාලිකාව හරහා විකාශනය වුනු Romance | Comedy කාණ්ඩයට අයත් කතාවක් තමයි මේක. ඉංග්‍රීසියෙන් What’s wrong with secretary kim ලෙසත් කොරියානු භාශාවෙන් Kimbiseoga wae geureolkka ( 김비서가 왜 그럴까 ) කියල තමා මේ ඩ්‍රාම එකට නම ලැබිල තියෙන්නේ. 8.1 ක ඉහළ IMDB අගයක් සමඟ Google Users ලගෙන් 97%ක මනාපයක් මේ සඳහා හිමි වී තිබෙනවා. ඒ වගේම පහුගිය දිනක Netflix හි කොරියානු ඩ්‍රාම ශ්‍රේණිගත කිරීමේ අංක දෙක ස්ථානයට එන්නත් මේ ඩ්‍රාම එකට හැකියාව ලැබුනා.

ප්‍රධාන නලුවා ලෙසින් බොහො දෙනෙක්ගේ ආදරය දිනාගත්ත Park seo joon තමයි රංගනයෙන් එක් වෙන්නෙ.ප්‍රධාන නිලිය වෙන්නෙ සුරූපී Park Min Young තමයි.ඉතින් මේ දෙන්නගෙ එකතුව කොයිතාක් දුරට සාර්තක ද කියල ඔයාලට ඩ්‍රාම එක බලලම දැනගන්න පුළුවන්.ඇත්තෙන්ම කිව්වොත් පෞද්ගලිකව මමත් කොරියානු Rom:Com ඩ්‍රාම අතර ආසම එක තමයි මේ ඩ්‍රාම එක.ඒ වගේම විනාඩි 60-76 පමණ ධාවන කාලයක් සහිත එපිසෝඩ් 16කින් මේක යුක්ත වෙනව.

මම කතාව පොඩ්ඩක් මතක් කරන්නම්.

යොන් ජුන් කියන්නෙ යොම්ගුම් සමාගමේ උප සභාපති.මෙයා තමා ඒකෙ අයිතිකාරයගෙ දෙවනි පුතා.ඉතින් මෙයාගෙ සෙකට්‍රි තමා කිම් මි සෝ කියන්නෙ.එයා යොන් ජුන් ගාව අවුරුදු නවයක් තිස්සෙ වැඩ කරන්නෙ.මේ යොන්ජුන් කියන්නෙ එහෙම ලේසි පාසු කෙනෙක් නෙමේ තමන් හැම අතින්ම පරිපූර්ණයි කියල හිතන ඒ වගේම ඇත්තටම දක්ශ කෙනෙක්.ඉතින් කොහොමෙන්හරි මේ කිම් මි සෝ කියනව එයාට සෙකට්‍රි තනතුරෙන් අයින් වෙන්න ඕන කියල..ඔන්න එතකොට තමා මෑන්ට ගිනි රත් වෙන්නේ..මේ අය අතර සැගවුනු අතීත කතානම් බොහොමයි.

ඉතින් ඇත්තටම සෙකට්‍රි කිම්ට මොනව වෙලාද ..?

ඔයාලම අරගෙන බලන්න..වින්දනය උපරිමෙන් ගන්න පුළුවන් කියල සහතික කරලම තමයි මේ ඩ්‍රාම එක සිංහල උපසිරැසිත් එක්ක ඔයාලට තිලිණ කරන්නෙ.යන්න කලින් තව එක දෙයක්..

තමන්ගේ වටිනා කාලය කැප කරල මේ ඩ්‍රාම උපසිරැසි කරන්න කැප වුනු  මදුශාන්, සලිත , පැතුම් යන සහෝදරයන්ටත් , රුවිනි සහෝදරියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන.

එහෙනම් දිගටම රැදෙන්න සිනමා පිස්සන් හදවතේ තියන් සිංහල උපසිරැසිකරණයේ නිරත වන ආදරණීය මිතුරා සිනේරූ සිංහල උපසිරැසි වෙබ් අඩවිය එක්ක..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

33 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි හැමෝටම 😊👊❤️

  2. බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  3. පට්ට බං , නියම කතාවක් දිලා තියෙන්නේ එකත් එක පාර. පට්ටම තැන්ක්ස්

  4. korean drama nam cineru team eka thama.. thanks guys..

  5. ඇත්තටම සුපිරි වැඩක් සිනෙරෑ.lk♥️
    බොහොම ස්තුති 👌
    සුභ පතනවා දිගටම මෙවැනි සුපිරි වැඩ කරන්න ලැබේවායි කියලා 💯🙏

  6. Thnxxxxxxxx

  7. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    හේ හේ අන්න තවත් සීසන් එකක් කම්ප්ලීට් 🌻

  8. මේක සුපිරිම ට්වී සීරියස් එකක් වගේ අපේ ගෙදර හැමෝම කොරියන් කථා බලනවා . මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  9. බොහෝම ස්තුතියි සබ ගහන්න මහන්සි උන සිනේරූ සහෝදර සහෝදරියන්ට.❤️❤️❤️❤👍👍👍😘😘

  10. Thanks සිනෙරු සෙට් එකට…❤️😍😘

  11. ගොඩාරියක් ස්තූති 🙏 මේක නම් ලොකුම ලොකු දෙයක්😍 තවත් මේ වගේ ලස්සන කොරියන් කතා ගේන්න සිනෙරූ කණ්ඩායමට පුලුවන් වෙන්න කියලා කොරියන් රසිකයෙක් විදිහට මං ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  12. Aneee doctor stranger, Romance in bonus book, secret garden katha 3th sub dennko plzzzz

  13. Godak thankz oyala okkkotama sampurna katha malawak ekatama dunnnata apita eka digatama balannna… jaya wewa!! Budu saranai!! Oyalage mahansiya godak agaya karanawa..

  14. Thank you oyata. Aasama naluwek inna kathawak. Puluwan nam hospital playlist ekatath sub dennako

  15. Aiye my mister drama ektath sub dennako

  16. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  17. මිලින්ද ප්‍රියලාල්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. kiss assian eken gathwata subtitle galapenne nane. meke moke ewatada wada

  19. thank you…

  20. godak godak thanks

  21. patta mcn okkoma ekata thanks jaya wewa!!!

  22. Criminal.Minds eketh sub one enakam inne thama labune naha puluwannam danna loku deyak

  23. Emasha Wijesinghe

    Great Work 😘 , Hospital Playlist එකටත් Sub ඕනේ 🩺🩺🩺

  24. THANK YOU

    Her Private Life 2019 SUB එකත් දෙන්න පුලුවන්ද

  25. Sub ekata thanx

  26. Sanduni Senarathna

    thank you cineru

  27. M A Buddhika Lakmal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  28. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login