The title of the page
Tale of the Nine Tailed E1 Sinhala Sub
Tale of the Nine Tailed E1 Sinhala Sub
8.3
98

Tale of the Nine Tailed E1 (2020) Sinhala Subtitles |යොයූ ගොගේහි සිදු වූ අභිරහස| සිංහල උපසිරැසි සමඟ

Tale Of Nine Tailed  Tail Of Gumiho Sinhala Sub
ආයුබෝවන් හැමෝටම. අලුත්ම අලුත් දකුණු කොරියානු ටෙලිකතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙන තමාඅද මම ඇවිත් ඉන්නේ. TVN නාලිකාව මගින් ඔක්තෝම්බර් 07 වෙනිදා ඉදන් විකාශනය ආරම්භ කරපු අලුත්ම කතා මාලාව තමා ” Tale of the Nine Tailed” . “හිවල් මිනිසා” කියන නමින් එය අද ඉදන් සිංහල උපසිරැසි සහිතව ඔයාලට අරගෙන එන්න අපි තීරණය කලා. Lee Dong Wook, Jo Bo Ah හා Kim Bum මෙහි ප්රධාන චරිත නිරූපණය කරනවා.
ඔබ හොද දකුණු කොරියානු කතා ලෝලියෙක් නම් වලිග නවයක් සහිත හිවලෙක් කියූ පමණින් මතක් වෙන්නේ My Girldfirend is Gumiho. ඒ කතාව වගේම Goblin, Hotel del luna, Gu family book වගේ ප්රසිද්ධ කොරියානු කතා දිගහැරෙන්නේ මිනිස් වේශයෙන් ඉන්න අමනුස්සයින් වස්තු බීජය කරගෙන. ඉතින් Tale of the Nine Tailed කියන්නේ ඒ ගණයටම අයිති වෙන තවත් එක් කතාවක්.
ඉතින්, හිවල් ආත්මය එහෙමත් නැත්නම් වලිග නවයක් සහිත හිවලා යනු චීන මිථ්යා කතා වලින් ආරම්භ වූවක්.එය නැගෙනහිර ආසියානූ මිථ්යා කතා වල නිතරම කතා කෙරෙන මාතෘකාවක්. මේ හිවල් ආත්ම පිළිබඳව මුල්ම විශ්වසය චීනයෙන් ආරම්භ වෙලා තියනවා.ක්රමයෙන් එය ජපන් හා චීන සංස්කෘතියත් එක්ක බැදීම් ඇති කරගෙන තිබෙනවා. මේ නිසා Huli Huli ලෙසින් චීනයේත් Kitsune ලෙසින් ජපානයේත් Kumiho/Gumiho(Nine take fox) ලෙසින් කොරියාවෙත් මෙය හදුන්වනවා.

විශේෂයෙන්ම මේ හිවල් ආත්මයන්ට තමන්ගේ ස්වරූපය වෙනස් කර ගන්නට පුලුවන්.ඔවුන්ට ඉතා ලස්සන වශීකෘත රූපයක් සහිත කාන්තා වේශයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින බව ප්රසිද්ධ විශ්වාසයක් . මේ පිලිබදව පවතින මූලිකම විශ්වාසය වන්නේ, මෙම හිවලෙකුට වයස අවුරුදු පනහක් වූ විට කාන්තාවක් බවටත්, අවුරුදු සියයක් වූ විට සුන්දර ගැහැණු ළමයෙකු  හෝ එක් ආත්මයක් සමග පමණක් ආදරයෙන් බැදෙන පුරුෂයෙකු බවට පරිවර්තනය විමේ හැකියාව තියනවා.ඔවුන්ට සැතපුම් දහස් ගනන් දුර සිදු වන දේ දැනගැනීමට හා මන්ත්ර ගුරුකම් ඔස්සේ මිනිසුන්ව තමන් සන්තකයේ තබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙවන් හිවලෙකුට වයස අවුරුදු දහස ඉක්මවූ විට ස්වර්ගයට ගොස් ආකාශයේ සතු ශක්තිය හිමි ආකාශ වස්තුවක් බවට පත් වන බව තමා ඔවුන්ගේ විශ්වාසය.මේ වලිග නවයක් සහිත හිවලෙකුගෙ හොද සහ නරක ඔහුගේ ආරම්භක මූලාශ්රය මත රදා පවතින බව තමා කියවෙන්නේ.

අද කතාවේදී, ජී ආ..ඒ කියන්නේ කතාවේ ප්රධාන නිළිය.ඇය කුඩා කාලයේදී අනතුරකට පත් වෙලා අභිරහස් විදිහට තමන්ගේ අම්මා තාත්තා අහිමි වෙනවා.ඒ වෙලවේ වෙන අත්භුත සිදුවීමකදී ඇයට හමුවෙනවා ලී ඉයොන්ව. ඉතින් අවුරුදු 20ට පස්සේ ජී ආ රූපවාහිනී වැඩසටහන් අධ්යක්ෂිකාවක් වෙනවා.මේ අවස්ථාවේ ඇයට නැවත ලී ඉයොන්ව අහම්බයකින් වගේ හම්බවෙනවා. ලී ඉයොන් කියන්නේ හිවල් මිනිසෙක්. ඉතින්, ඔහුට බලයක් තියනවා ඔහු ගැන තියන හෝ ඔහු සම්බන්ධ වන කිසියම් වූ මතකයක් තියනවා නම්,ඒවා මකා දමන්න. ඉතින් ජී ආට කුඩා කාලයේදී වගේම අවුරුදු 20 කට පස්සෙත් ඔහු ගැන තිබ්බ මතක මකා දැම්මත් ජී ආට ඔහුගේ ඒ මායාව ක්රියාත්මක වෙන්නේ නෑ. ඇයට ඔහු ගැන අමතක වෙන්නේ නෑ. ඕනේම කතාවක දුශ්ඨයෙක් ඉන්නවනේ. මේ කතාවේ දුෂ්ඨයෙක් ඉන්නවා.
අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කතාවක් එක්ක දිගටම රැදිලා ඉන්න..🙂🙂
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අමන්දා කාරියවසම් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අමන්දා කාරියවසම්

November 1, 2019


58
Total Subtitles

14 comments

  1. Thank you so much මේ කතා මාලාවට sub ගේනවාට.😍😍 බලන්න ආසවෙන් හිටිය කතාවක්❤ ඔක්කොම episodes වලට ඉක්මනින්ම sub දෙන්න හොදේ.

  2. මට කියන්ඩ තියෙන්නෙ මෙච්චරයි..🤗බොහොම බොහොම බොහෝම ස්තූතියි සිස්😘😘😘🤭🤗😁

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    අනේමන්දා අලුත් කතාවකට සබ් දෙන්න පටන් අරන් නේ 😊👊.. බොහොම ස්තුතියි සබ් එකට අනේමන්දා 👊👊

  4. බොහොම ස්තුතියි මේ වගේ ගොඩාක් ලස්සන කොරියන් ට්වි සිරියස් එකක් අරගෙන එනවාට .

  5. බොහෝම ස්තුතියි තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…

  6. ☑️දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    අමා නගෝ සුපිරියි ආ 🌻

  7. සබ් එක දුන්නට බොහෝම ස්තුතියි නංගී❤️❤️❤️

  8. subs tika nam niyamai mama asawen balana kathawak ane puluwan tharam ikmanata sub eka dannako mata balan inna bari tharam ekata asai

  9. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  10. video walta hdtv ewa hoya gnn nane ..web walta support krna widiyata hdanna puluwan nm loku deyak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login