The title of the page
7.9
88
70

Superman & Lois (2022) S02E12 Sinhala Subtitles | “බලයෙන් වියරු වී..” | සිංහල උපසිරැසි සමඟ

හලෝ ඉතින් යාලුවනේ ඔන්න සෑහෙන්න පරක්කු උන උපසිරැසියක් අරන් ආවා එහෙනම්. මේ ගැන කියන්න නම් දෙයක් නෑ. මේක බලන අය දන්නවා මොකද්ද විස්තරේ කියලා. ඒත් පොඩ්ඩක් කියන්නම් කාලෙකින් එන නිසා. මේ කතාව තමයි අපේ ක්‍රිප්ටන් වැසියා හෙවත් සුපර්මෑන් ගේ සහ එයාගේ ආදරණීය බිරිඳගේත් දරුවන්ගේත් කතාව. මේක සුපර්මෑන්ගේ ජීවිත කතාව උඩු යටිකුරු කරපු කතාවක්. මොකද මේ වෙනකොට අපි දැනන් හිටිය සුපර්මෑන්ගේ ජීවිතේට වඩා ලොකු වෙනස්කම් ගොඩක් වෙච්ච, පරිණත සහ බුද්ධිමත් සුපර්මෑන් කෙනෙක් ඉන්නේ. මම මේ වගේ අධීකව බලවත් බවක් දීපු මේ චරිතෙට ආස නෑ. හැබැයි මෙ කතාවේ දී එහෙම නෑ. ග්‍රැෆික් සහ වීඩියෝ ඉෆ්ෆෙක්ට් නම් පෝඩ්ඩක් මදි. ඒත් මරු. ස්ටෝරියත් මරේ මරු.

 
හරි ඉතින් අද කොටසේ සිද්ධවෙන දේවල් 👉 මෙන්න මෙතනින් ඇතුලට ගිහින් 👈 බලාගෙන එන්න. එන්න කලින් මාව “Follow” කරන්නත් අමතක කරන්න නම් එපා හොඳද? පුලුවන් අය කමෙන්ට් එකකුත් ලියාගෙනම එන්න මගේ බ්ලොග් එකේ. මේ සබ් එක පරක්කුයි කියලා මට ඊමේල් එවපු හැමෝගෙන්මත්, අන්ජුල පොඩි බොස්ගෙනුත්, සෙහාන් පුතාගෙනුත් සමාව ඉල්ලනගමන් මම පොඩ්ඩක් කතාව ගැන කියන්නම්. අද කතාවෙදී අපේ සතුරී ඇලී අනිත් පෙන්ඩන්ට් එක ගන්න එනවා. ඒ වෙනකොට අපේ සුපර්මෑන් සහ එයාගේ අර සහෝදරයා එකතුවෙලා ලොකු වැඩක් කරනවා. අපේ ජෝන් එක්ක පට්ට සටනක් තියෙනවා. සාරාගේ තාත්තා වැරැද්දක් කරාට තමන්ගේ දරුවන්ට පට්ට ආදරෙයි කියලා නිකන්ම පේන සිද්දීයක් වෙනවා. ලානා සහ සුපර් මෑන්ගේ පවුලේ අය තරහා වෙනවා. ඉතින් හරියටම වෙන දේ දන්නේ නෑ ඔයාලා එපිය බැලුවේ නැත්නම්. ඉතින් එපියයි, සබයි බාගෙන බලන්නකෝ. 
 
මම මේ උපසිරැසි ජීවිතේ කරගෙන යන්න ලොකුම තල්ලුව දෙන්නේ සදහම් පුතා හෙවත් මගේ පණ. ඊලඟට මගේ බිරිඳගෙන් ලැබෙන සහයෝගෙත් මාරම හයියක් මට. එයා නැත්නම් සබ් ගැහිල්ලක් නැතිවෙන්නත් තිබ්බා. ඒ වගේම සමිත රමේෂ් ඇතුලු සිනෙරූ ඇඩ්මින් මඩුල්ලත්, සිනෙරූ පවුලේ සැමත් ආදරයෙන් මතක් කරනවා මං. ඉතින් මේ මගේ 294වැනි උපසිරැසිය. ඊලඟට එන්නේ “වාර්ථාමය කතා මාලාවක්” සහිත උපසිරැසියකින්. ඉතින් ඒකෙන් හමුවෙනකල් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

6 comments

  1. ep 13 imnta denna sago

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඒ එපිය කරන්නේ වෙන කෙනෙක්. ඉක්මනින් දේවි

  2. Ane ayye Jurassic ekata sub dennako

    • එච්. දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      ඒකටත් ඉක්මනින් සබ් දෙන්න උත්සාහ කරන්නම් මම

  3. The longest night (2022)tv series ekata sinhala sub dennko bro

  4. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login