The title of the page
King Kong Vs Godzilla 1962 Sinhala sub
5.7
50
85

King Kong Vs Godzilla (1962) Sinhala Subtitles | “දැවැන්තයන් දෙදෙනාගේ ගැටුම…” | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් කියලා අදත් ඔයාලාට. ඔන්න අද උපසිරැසිය අරන් අවිල්ලා තියෙන්නේ ගොඩක් අතීතෙන්..

” පරණ දේවල් වල වටිනා කම වැඩී කියනවනි “

ඉතිං මේ ඇවිල්ලා වර්තමාන සටනක පලමු මුලාරම්භය තමයි මේ. ඒ වෙන සටනක් නෙවෙයි King kong vs godzilla(1963) සටන. මෙම චිත්රපටය Japanese භාෂාවට අයත් චිත්රපටයක්.. ඉතිං සුපුරුදු පරිදි මෙ චිත්රපටයේ උපසිරැසි ගොනුව නිර්මාණය කරන්න මට සහය වුනේ Shen kevin සහෝදරයා… King kong vs godzilla (1963) මෙ සලරුව මිට අවුරුදු කිහිපයකට උඩදි අහම්බෙන් වගේ මට නරඹන්න යෙදුනා..

ඒ කාලේ එතරම් monsterVerse එක ගැන ලොකු උනන්දුවක් තිබ්බේ නැහැ. නමුත් කල් යත්ම කුහුල සමග එක පෙළට ඒ චිත්රපට බලන්න යෙදුනා…

ඉතිං monsterVerse එක ගැන කතා කරන කොට king kong සහා Godzilla කියන යෝධ මනංකල්පිත සත්වයන්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයක්.. King kong ට වඩා Godzilla චැක්ටර් එක ලෝකය පුරා වැඩි වශයෙන් කථාභාහට ලක් වෙච්ච චැක්ටර් එකක්…අප එහි ඉතිහාසය අධ්යනය කරගෙන යන කොට අපිට පෙනෙන්න තිබෙන්නේ Gojira කල්පිතය Godzilla නමින් මුල්ම වරට සිනමාකරණයට ප්රවිශ්ඨ වන්නේ 1954 වර්ෂයේ ජපාන සිනමාව තුල…මෙ සමයේ ජපාන සිනමාව එතරම් ලෝකයට විවෘත නැහැ…සදහන් තොරතුරු අනුව මුල්ම වරට ජපාන සිනමාව ලොවට රැගෙන යාමට සමත් වුණ සලරුව තමා අකිර කුරසාවා මහතාගේ roshomon කෙටි කථාවස්තුව පාදක කරගෙන නිර්මාණය වුණ Roshomon (1955) චිත්රපටය ඉන් පසුවයි බොහෝ දුරට ජපාන සිනමාව ගැන ලෝකය තුල පතල විමට පටන් ගන්නේ…

නමුත් ඔය සමයේම වගේ Gojira (1954) පසු සිනමාපට ගැන ලෝකය තුල කථාබහා කිරිමට පටන් ගන්නවා…එහි ප්රතිඵලයක් වශයෙන් කොමික් පොත් පත් ඇනිමේෂන් කථාන්දර live action චිත්රපට රැසක් ලෝකය පුරා වෙනත් සිනමා කාර්මාන්තතුල නිර්මාණය වෙනවා… ඒම නිසාද යන්න godzilla නැතහොත් ජපන් බසින් Gojira චැක්ටර් එක එදිරිව විවිධ monster වරුන් දමා චිත්රපට බිහිකිරිමට ජපාන චිත්රපට අධ්යක්ෂක Ishirō Honda වැනි මහත්වරුන් උත්සහා ගන්නවා එහි පලමු වැඩි මුරය ලේස King kon vs godzilla කථාංගය ඔබට මට පෙන්වා දිමට පුළුවන්….

මෙහි කථාව ගලාගෙන යෑම විෂය යම් වාර්තාමය ස්වරුපයක් ගන්නවා කථාංදරයක් පවසන වෙසින් මෙහි කථාව ගලාගෙන යනවා…..

කතාව ගැන කිව්වොත් මෑතකාලීනව ඔයාලා  Godzilla VS Kong 2021 බලන්න අති හැබැයි මේක ඊට හාත් පසින්ම වෙනස්. ගොඩ්සිලා ජපනයේ මිනිසුන් බිය ගන්වමින් සහා සියලු දේ විනාශ කරමින් ටොකියෝ නගරයට ඇතුල් වෙන්න තමා හදන්නේ. ඒ අස්සේ එයාලව මැඩ දැමිමට ජපනයේ දකුනු කෙලවෙරේ දුපතක ගොත්රිකයන් එක්ක ජිවත් වුන කොන්ග් සම්බන්ද වෙනවා. දැන් ඔයාලට ඇති ප්රශ්නයක් එහෙම එක පාරම සම්බන්ධ වෙනවද කියලා.

අන්න ඒක තමයි කිව්වේ මේක ” මූලාරම්භය ” ක්. ඉතිං ඒ මුලාරම්භය මොනවගේද කියලා ඔයාලම බලන්නකෝ..

එහෙනම් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා තවත් මෙවැනිම සලරුවක් රැගෙන එමේ බලාපොරොත්තුව ඇතුව…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනුෂ සුදන්ගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනුෂ සුදන්ගම

December 28, 2021


83
Total Subtitles

2 comments

  1. බොහොම ස්තුතියි මේ වටිනා සේවයට .

  2. Thanks jayawewa….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login