The title of the page
Superman & Lois 2022 S02E09 Sinhala Subtitles
7.9
88
70

Superman & Lois (2022) S02E09 Sinhala Subtitles | “දවස් 30… රෑ 30යි” | සිංහල උපසිරැසි සමඟ

ඉතින් ඔන්න වෙනදා වගේම ටිකක් පරක්කු වෙලා සුපර්මෑන් & ලෝයිස් කතාමාලාවේ නවවෙනි කාථාංගයට සිංහල උපසිරසි අරන් ආවා.

ඉතින් දැන් නම් ඔයාලට කතා මාලාව ගැන කිසි දෙයක් කියන්න ඕන නෑ කියලා හිතනවා. මොකද දැන් කතා මාලාව ගොඩක් ප්‍රසිද්ධයි, අනික අපි කලින් එපිසෝඩ් වල ලිපි වලින් කථාංගය ගැන හැදින්වීම් කරලා තියෙනවනේ. අපි එහෙනම් වැඩි කතාවක් නැතුව එපිසෝඩ් එක ගැන ටිකක් කතා කරමු.

ඉතින් ඔයාලා දන්නවනේ ඇලී ඇලිස්ටන් DOD එක භාරයේ සිරගත කරලා හිටියෙ කියලා.. අටවෙනි එපියෙන් ඔයාලා දකින්න ඇති අන්ඩර්සන් යටතේ හිටපු නිළධාරියෙක් එයාව නිදහස් කරලා, අර මානයෙන් එහාට යවනවා කියලා. ඉතින් මේක සුපර්මෑන්ට ග්‍රහණය වෙනවා, සුපර්මෑන් එතෙන්ට යද්දි ඇලී එහා මානයට ගිහින්. සුපර්මෑන්ට මේක කොහොමහරි නවත්තන්න ඕන වෙනවා ඉතින් සුපර්මෑනුත් එහා මානයට යනවා. එතන ඉදන් තමා නවවෙනි එපිසෝඩ් එකේ කතාව යන්නේ අපේ ජෝර්ඩන් කොල්ලගේ බලයන් වල වැඩිදියුණු වීමකුත් තියෙනවා, ඒ වගේම පොරගේ කෑල්ලගෙන්……….
වෙන්නත් සිද්ද වෙනවා. තව කිව්වොත් කතාව ස්පොයිල් කරා කියයි. ආ ඒ වගේම මේ එපියේ පුරාවට සුපියව පෙන්නන්නෙම නෑ අවසානෙට පොඩ්ඩක් පෙන්නනවා.

ඉතින් අද රටේ තියෙන තත්වෙ දන්නවනේ අපිත් රස්සාවල් වලට යන්නේ බොහොම අමාරුවෙන්, කන්නේ බොන්නේ අරපරිස්සමෙන්. අරගල කරලා සමස්ත රටේ මිනුස්සු වෙනුවෙන් ඉල්ලීම් දිනමු අපි, හැබයි මිනිස්සුන්ට කරදරයක් වෙන්න අරගල කරලා හරියන්නෙ නෑ, ඒ කියන්නේ රටට මේ වගේ දෙයක් වෙන්න සම්පූර්ණ වගකියන්න ඕන දේශපාළුවොන්ට කරදර වෙන විදිහටයි අරගල කරන්න ඕන…

එහෙනම් සුභ දවසක් හැමෝටම!!

 

පරිස්සමට ජීවත් වෙන එක තමා දැන් තියෙන්නේ!!

 

මම ෂෙහාන් සචින්ත..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ෂෙහාන් සචින්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ෂෙහාන් සචින්ත

September 21, 2020


62
Total Subtitles

8 comments

  1. Thnx booss ❤️

  2. okkoma awata passema balanwa

  3. thnks bokka

  4. වෙනදා වගේම බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්….සබ් දෙනකං බලං හිටියෙ ජය වේවා….😊❤️🔥

  5. බොහොම ස්තුතියි නියම වැඩක්

    • හස්තික

      අනේ බන් 8 වෙනි එපිය කෝ😪

      • දීලා තියෙන්නෙ බං..ඔය පහල තියෙන්නෙ ඇරෝ දෙකක්..එකෙන් Previous Episode එකට යන්න..

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login