The title of the page
8.3
95

Badava Rascal (2021) Sinhala Subtitles | “දුප්පත් රස්තියාදුකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Badava Rascal (2021) Sinhala Subtitles) (Badava Rascal (2021) Sinhala Subtitle) (Badava Rascal 2021 Sinhala Subtitle)

Badava Rascal | 2021

Kannada | Telugu
Action | Comedy | Romance | Drama
IMDb 8.3/10

“ආදරේ කරන්න දුප්පත් පෝසත් භේදය, තත්ත්වය තරාතිරම ඕවා අදාලම නෑ. කෙසේ හෝ සියල්ලම නොසලකා හරිමින් ආදරේ කරන්න පටන් ගන්න යුවලටක කොහෙන් හෝ බාධාවන් නම් අඩුවකුත් නෑ. ඒක වටා පිටාවෙන් හෝ ගෙදරින්ම හෝ ලැබෙනවාමයි. ඒ අභියෝග දරා ගනිමින් ආදරය කරන අය තමා ඒ සැබෑම ආදරවන්තයන් වෙන්නෙ …෴ “

ඔන්න නැවතත් අපි ලස්සන ආදරණීය කන්නඩ සිනමාවකට සිංහල උපසිරැසි රැගෙන ආවා. අපි කියන්නෙ මම නිත්‍යායි ප්‍රමිල් හර්ෂණ සහෝදරයා සමඟයි. “Badava Rascal” කියන්නෙ ගිය අවුරුද්දේ දෙසැම්බර් 24 තිරගත වූ තවත් සුපිරි ම කන්නඩ චිත්‍රපටයක්. මෙය දින 10ක් ඇතුලත කෝටී 16ක ආදායමක් වාර්තා කිරීමට සමත් වූවා. ඒ වගේම තෙලිඟු භාශාවෙන්ද මේ අවුරුද්දේ පෙබරවාරි 18 ලොව පුරා තිරගත වූවා.. ඉතාම හොඳ ප්‍රතිචාර සමග. Guru Shankar ගේ නිර්මාණයක් වෙන මෙය “Daali Picture banner” යටතේ ඔහුගේ ප්‍රතම නිර්මාණය වූවා..

කතාව ගැන කෙටි හැදින්වීමක් කලොත්, ශංකර් කියන්නෙ තරුණ කඩවසම් කුලී ත්‍රීරෝදරථ රියදුරෙක්. සිය නැගෙනිණිය කුඩා කාලයේ දීම මිය යන අතර සිය මව හා පියා සමගින් කාලය ගත කරනවා. මේ අතර ඔහුට සංගීතා නම් වූ සුරූපී තරුණියක් සමග ආදරයක් පටන් ගන්න අතර ඇය එකළ ප්‍රාන්ත මහ ඇමතිනියගේ දුවයි. දෙමාපිය සියලු දෙනාගේ ආශිර්වාදය මේ දෙපලට ලැබෙද්දි කසාදෙට සියල්ල කතා කරන්න ගිය මොහොතේ ඇයගේ අනපේක්ෂිත හැසිරීම් හමුවේ ශංකර් හා ඔහුගේ දෙමාපියන් දැඩි කනස්සල්ලට පත් වෙනවා. කේන්තියෙන් ඉතා කෝපයෙන් නිවසින් පිටව යන අතර ඔහුගේ දෙමාපිටන්ට බොහෝ සේ වේදනාවක් වෙනවා මේ හැසිරීම. ශංකර් පිස්සෙක් වගේ පාරවල් ගානේ බි බී ඇවිදිනකොට ඔහුට එක පොලිස් නිලදාරියෙක් මුණ ගැහෙනවා. ශංකර්ගේ ජීවිතයේ හැරවුම් ලක්ශ ඔහුයි. කෙසේ හෝ ඉදිරියට හරිම රසවත්..

ඇක්ෂන් කොමඩි හා රොමෑන්ටික් කැටගරියෙන් තමා බලන්න වෙන්නෙ.. Dhananjay හා Amrutha Iyengar ගේ ප්‍රධාන රංගනය වෙන අතර සෙසු චරිත මෙසේ පෙල ගැස්විය හැක.

⁘ Nagabhushan
⁙ Rangayana Raghu
⁙ Tara
⁙ Poornachandra Mysuru
⁙ Sparsha Rekha
⁙ Maasthi Manju

සංගීතය Vasuki Vaibhav. ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා. කන්නඩ වගේම තෙලුගු හා දමිල බසින් ගීත ගායනය කර තියෙනවා. කෙසේ හෝ ලස්සන කතාවක්. ලස්සන ආදරයක්, ආදරණීය දෙමාපියන්, මොන දේ වුනත් ළගින් ඉන්න යාලුවෝ, මිත්‍රකම, විරහව, වේදනාව මේ සියල්ලම එකට එකතු වුණ ලස්සන කතාවක්. දැන්ම බලන්න…

තවත් සිංහල උපසිරැසියකින් හමුවෙමු..

සිනෙරූ වෙනුවෙන් මම,
✍🏻 නිත්‍යා රූපසිංහ ෴

(Badava Rascal Sinhala Subtitle) (Badava Rascal Sinhala Sub)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

10 comments

  1. Secret N ( නාරා )
    Cineru Family Member

    ඕක ගොඩක් දවස් ඉඳලා ඉල්ල ඉල්ල හිටියේ කට්ටිය 😁 ජයවේවා!!
    තෑන්ක්ස් දෙන්නටම මහන්සියට ❤❤❤💥💥💥

  2. prageeth chamalka

    බොහෝම ස්තූතියි සහෝදරයා .. ජය වේවා .. බුදු සරණයි

  3. Pattaaaaaaaaaaaaaa

  4. බොහොම ස්තුතියි සහෝ
    සබ වැටෙනකන් නොඉවසිල්ලෙන් හිටපු ෆිලුමක්

  5. අඩේහ් නියමයි බන්
    සිනෙරු එකෙන් විතරයි ඉතින් මේවා
    එල එල

  6. Kantha_(DLA)
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. සම්පත්

    ස්තුතියි යාළුවා
    දිගටම කරගෙන යමු

    දැන් ඔයාලා තමයි නො. 01

  8. thank sinhala sube ekata [Ghani (2022) Telugu] film ekatath sube danna puluvannam.

  9. Buddhika laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට.fgh

  10. Arawinda Sunimal

    thanks sub ekata jayawewa

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login