The title of the page
8
96
82

Superman And Lois (2021) S01E08 Sinhala Subtitle | සුපර්මෑන්ගේ අඳුරු පැතිකඩ | සිංහල උපසිරැසි සමඟ

(Superman And Lois 2021 S01E08 Sinhala Sub)

හලෝ හලෝ මුලින්ම කියන්න තියෙන්නේ මං මේ සබ් එක ගැහුවේ Superman.And.Lois.S01E08.720p.WEB.h264-GOSSIP කියන පිටපතට. වෙබ් කොපි ඔක්කොටම මේක හරි ඇති. ඒත් කෝකටත් මේකම ගන්න.ඒක ඇඟට හොඳයිනේ. ඇයි නිකන් සුපර් මෑන්ව ඇත්තටම දැක්කා වගේ? සබ ඉක්මනට දුන්න නිසාද? මෙහෙමයි, අපිට වෙලාව ලැබුනගමන් ඔයාලට සබක් දෙන්න තමයි අපිත් බලන්නේ. ඒ නිසා හේතු නොදැන බොරුවට උඩ පනින්න එපා. අපිත් ආසයි නිදහසේ ඉන්න මේවා ඉවර කරලා.සමහරුන්ට වගේ අපිට සබ් ගහන එක විතරක් නෙවෙයිනේ තියෙන්නේ. ළමයා ගැන, බිරිඳ ගැන, දෙමව්පියෝ ගැන බලන්න ඕනේ. ඒවත් කරගෙනයි අපි සබක් ගේන්නේ. ඒ නිසා ඉවසීමෙන් ඉන්න.

මේ පාර එපිය මරු. ඔයාලට මතකද බැට්මෑන් vs සුපර් මෑන් ෆිලුම? ඒකේ සුපර් මෑන්ට අපේ සුපිරි බැටා නෙලනවනේ හොඳට. අන්න ඒ වගේම සිද්ධියක් මේ එපියේ තියෙයි. ඊලඟට, අපේ ජෝර්ඩන්ට සාරා කෙල්ල ලයින් වේගෙන එනවා. ඇයි අපේ ජෝන් ඉල්ලන් කනවා.හරියටම කිව්වොත්, මැරෙන්න ඔන්න මෙන්න කියලා බේරෙනවා. විශ්වාස කරනව නම් කරන්න තව සුපර්මෑන්ලා මෙන්න ඉන්නවා හමුදාවේ?? අවසානේ හොඳ සටනක් තියෙයි වගේ. සුපර් මෑන් නම් මරු, මාර පරිණතයි. කලින් හැම සුපර්මෑන් චරිතෙකටම වඩා හොඳයි. මං හිතන්නේ “මේ සුපර් මෑන් තමා හොඳටම කරේ”. ලොයිස් කෙල්ලටත් තව කසාදයක් වෙලා, ළමයෙකුත් ඉඳලා. ඒ උනාට කතාව බලන්න, වෙන දේ තේරෙයි හරියටම. හරි කොහොමහරි ඔන්න දැන් අර උපසිරැසි හොරුන්ට 08වෙනි එපියත් උස්සලා උන්ගේ හොර ගුහාවල දාගන්න පුලුවන්. අඩුගානේ සිනෙරූ එකට ස්තූතියි කියලවත් උඹලගේ සයිට්වල දාපල්ලා බං. එහෙනම් ඉතින් සමිතේ මල්ලී ගොඩක් ස්තූතියි බං. උදය සැමන්වත් ආදරෙන් මතක් කරනවා. සදහම්, ලක්ෂ්මී ඔයාලා තමා මගේ ජීවිතේ, ගොඩක් ආදරෙයි ඔය දෙන්නටම. බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

9 comments

  1. 👶සදහම් | 👩‍🎓ලක්ෂ්මී | 🙂 දර්ශන
    Cineru Family Member

    අන්න එහෙමයි වෙන්නඕනේ, 9වෙනි එපිය දපු ගමන් ඔන්න 10ත් දෙන්න ලෑස්තියි. කතාව නම් එන්න එන්න සුපිරි වෙනවා ඈ. මාරම මාරයි.

  2. Shehan Sachintha
    Cineru Family Member

    දැන් ඉතින් මයේ වාරේ💚

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. බොහොම ස්තුති සහෝදරයා

  5. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    Shehan Sachintha කරුණාකරලා සබ් එක දෙන්න ඉක්මනින්ම. මොකද එපිසෝඩ් අංක 14ත් ඇවිල්ලා ඉවරයි ආ.

  6. බොහොම ස්තුතියි නියම වැඩක්

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  8. හසිඳු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .. සිනෙරූ සෙට් එකටම බුදු සරණයි… ජය වේවා…❤️❤️❤️

  9. Thanks…….good luck…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login