The title of the page
4.7
51

Kadampari (2021) Sinhala Subtitles | “කඩම්පරීගේ ශාපය” | සිංහල උපසිරැසි සමඟ

(Kadampari 2021 Sinhala Sub)

මගේ ජීවිතය කවදාවත් වෙනත් කෙනෙකුගේ ජීවිතයක් වගේ වෙලා නෑ

මම පොඩි කාලෙම මගේ දෙමාපියන් මාව දාලා ගියා.

ඊට පස්සේ, මට හිටියේ මගේ සහෝදරිය වූන රුද්රා විතරයි.

අපි සෑහෙන කාලයක් තනියම ජීවත් වුනා.

අපිට අපේම පවුලක් නැති නිසා අපේම පවුලක් වෙන්න

අපි ගොඩක් කාලයක් ආශාකරා .

ජින්සි මගේ ජීවිතයට ආවේ එතකොටයි.

සමහර වෙලාවල්වලදී අපි කරන පොඩි වැරදි අපිට

විතරක් බලපාන්නේ නෑ

ඒත් ඒක අපිත් එක්ක ඉන්න අනිත් අයටද බලපානවා

දැන්, මම මෙහේ ඉන්නේ මගේ වැරැද්දක් නිසා .

ටික කාලෙක නිහාඩියවකින් පස්සේ ඔන්න ඉඩ ලැබුන ගමන්ම ඔයාල වෙනුවෙන් තවත් දමිල සිනමා පටයකට උපසිරසි අරගෙනයි මේ අද ආවේ. ඉතින් කොරෝනා වෛරසය අස්සේ අධික වැඩ නිසා උපසිරසියක් නරන්නනම් ටිකක් වෙලාවක් නැති වුන නිසා තමයි ගොඩ දවසකින් මේ පැත්තෙ මේ ආවේ. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

අරුල්, රුද්රා, ජින්සි, ස්ටෙලා හා වික්ටර් කියන යාළුවෝ කීපදෙනා චිත්‍රපටියක රෑගත කිරීමකට ආන්ද්‍රා වලට එයාලගේ කාර් එකෙන් යන ගමන් තමයි ඉන්නේ. ලොකු වනාන්තරයක් මැදින් මෙයාලා ගමන් කරන කොට වාහනේ අනතුරකට ලක්වෙනවා. මේකෙන් මෙයාලට පොඩි පොඩි තුවාල සිද්ද වෙනවා. ඒත් මෙයාලට වාහනේ අරගෙන ආපහු යන්න බැරි වුන නිසා මේ කැලේ ඇතුලෙ තියෙන තැන් ඇවිදලා බලනවා. මෙහෙම මෙයාල බලන් යද්දි අදුර වැටෙන නිසා ඉන්නතැනක් හොයාගන්න බලද්දි, ලොකු බංගලාවක් වගේ ගෙයක් මෙයාලට හම්බ වෙනවා. අන්තිමට මෙයාලා මේ ගෙදරට යනවා කාගෙන් හරි උදව්වක් ඉල්ලගන්න ලැබෙයි කියලා හිතාගෙන.

ඉතින් මේ ගෙදරට ගිහින් උදව් ඉල්ලා කෑ ගහද්දි වයසක මනුස්සයෙක් මෙයාල ලගට එනවා. එයාලාව ගේ ඇතුලට ගන්න වැඩි කැමැත්තක් මේ වයසක මනුන්සයගෙ නැති වුනත් අන්තිමට මෙයාලව ගේ ඇතුලට ගන්නවා. මේ වයසක මනුස්සයට කථා කරන්න බෑ ගොළුයි. ඉතින් මෙයා කියනවා කාටවත්ම කොහෙටවත් ඇවිදින්න යන්න එපා කියල අනතුරු අගවනවා. කොහොමහරි රුද්රාට නාන කාමරයට යන්න ඕනි වෙනවා. ඒ ගිය වෙලාවෙ මෙයාට ඇහෙනවා පොඩි ගෑණු ළමයෙක් අඩන සද්දයක්. කොහොම හරි මෙයා මේක අරුල්ටත් කියනවා.පස්සෙ මෙයාලා දෙන්නා මේ ගෑණු කෙල්ලගේ හඩ ඇහුන පැත්ත හොයාගෙන යනවා. ගිහින් බලද්දි පොඩි කාමරයක හිර කරන් ඉන්න පොඩි කෙල්ලෙක්ව මෙයාල දකිනවා..

කව්ද මේ පොඩි කෙල්ල…..ඇයි එයාව මෙහෙම හිර කරන් ඉන්නේ……..

කථාව ගැන වැඩිය කියන්න යන්නේ නෑ, ඔයාලම රසවිදින්න කියන ගමන් මේ වගේ තවත් සලරැවකි් ඔබ හමුවට එනතුරු අදට සමුගන්නවා.

. චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය  : Drama,Horror, Mystery,Thriller

අධ්‍යක්ෂණය : Arul

නිෂ්පාදනය : Arul

රංගන ශිල්පීන් : Arul, Akila Narayan, Kaashima rafi

ධාවන කාලය : 1h 44min

තිරගත කල දිනය : 19 March 2021 (India)

IMDB අගය : 4.8/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

8 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. තැන්ක්ස් නියමයි මචො.

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. kishan pinnawala

    thanks mcn

  5. bro meke sub wada nane 1064 err kiyala enawane

  6. Film eka download karanna free site eka mokakda meke 3n GDrive ekada

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login