The title of the page
Rewind 2021 Sinhala Sub
Rewind 2021 Sinhala Sub
9.2

Rewind (2021) Sinhala Subtitles | “අවධි සිහින මැද පෑ පිය සෙනෙහස” | සිංහල උපසිරැසි සමඟ

(Rewind 2021 Sinhala Sub)

ෆිල්ම් එක බලන්න කලින් මම මේ යට කියල තියෙන ටික පොඩ්ඩක් කියවලා බලන්න, නැත්තම් එක පාරම මොකක් ගැනද මේ කියන්නේ කියලා තේරුම්ගන්න බැරිවේවි.

අවධි හීන කියන්නේ තමන් හීනයක් දකින්නේ කියලා දැනගෙන දකින හීනවලටයි

ඒ හීන දකින කෙනා තමා හීනයක ඉන්නේ කියලා පැහැදිලිව දන්නවා

ඒ වගේම, ඒ කෙනාට හීනයේ පැන නගින හැම දෙයක් ගැනම පාලනය කරන්න පුළුවන් .

ඒ කියන්නේ අවධි හීන කියන්නෙත් හීනයක්?

ඒත් ඒක හීනයක් වුනත් අපි හැමෝම දකින සාමාන්‍ය හීන වගේ දෙයක් නෙමෙයි…

ඒක සම්පූර්ණයෙන්ම වෙනස් විඥානයක්.

සරලව කිව්වොත්,

අපි කොහේ හරි ඇවිදින්න ගියාම

අපි දන්න කියන අයව හම්බවුනොත් ,එයාලට කතා කරනවා.

ඒ හැම දෙයක්ම අපේ මනසේ තැම්පත් වෙලා තියෙන නිසා.

අපිට ඒ ගැන මතකයි.

ඒත්, අපි ඇවිදින කොට ගොඩක් මිනිස්සු

අපිව පහුකරගෙන යනවා ,

අපිට ඒ අයව මතක නෑ.

අපේ වටේ සිද්දවෙන හැම දෙයක් ගැනම අපේ යටි හිතේ තැන්පත් වෙනවා.

මොළයේ තරංග සංඛ්‍යාතය වෙනස් කරලා මේ මතකය ආපහු අරගන්න පුළුවන්..

කෙනෙක් නැති වුනාට පස්සේ මානසිකව දුර්වල වුන කෙනෙක්ට

මේ ක්‍රමය මගින් ප්‍රථිකාර කරන්න පුළුවන්

මේ ප්‍රතිකාරයේ දී කෙනෙකුට ඒ නැති වුන කෙනාව පවා ආයෙ දකින්න පුළුවන්.

හැම පුද්ගලයෙක්ගෙම හීන වලට මොළයේ තරංග සංඛ්‍යාතයක් තියෙනවා.

අපි අපේ මොළයේ තරංග සංඛ්‍යාතය යාලගේ එක්ක සමාන කරාට පස්සේ,

අපිට පුළුවන් එයාලගේ හීනවලට ලේසියෙන් ඇතුල්වෙන්න.

ඒ වෙලාවේ, අපි මොළයේ සංඛ්‍යාතය දන්නවනම්,

අපිට කාගේහරි සිහිනයකට යන්න පුළුවන්

එයාලගේ යටි හිත ඇතුලේ අපිට ඉන්න පුළුවන්.

ඇත්තටම මේ චිත්‍රපටය 2017 වර්ෂයේ නිකුත් වුන LUCID DREAM කියන කොරියානු සිනමාපටයේ ප්‍රථි නිර්මාණයක්. මේකෙ අපිට නුහුරු වචනයක් ගැන සඳහන් වෙනවා. ඒ ගැන තමයි මම ඉහලින් විස්තර කරලා තියෙන්නේ.මේ වනකොටත් තවත් මේ ගැන වැඩිදුරටත් විද්‍යාත්මක පරීක්ෂණ පවා සිදු කරනවා.

**අවධි හීන ** මේ චිත්‍රපටයේ කථාවට මූලික පදනමක් වෙන්නේ මේ අවධි හීන කියන සංකල්පයයි. ඇත්තටම අවධි හීන කියලා මම මේකට නම තිව්වා, ඒකට කියන්න හරිම වචනයක් ගන්න බැරි නිසා. මේ අවධි හීන කියන්නේ තමන් හීනයක් දකින්නේ කියලා දැනුවත්ව දකින හීනවලටයි. ඒ කියන්නේ මේ හීන වලදී අදාල කෙනාට ඒ දකින හීන වල චරිත, පරිසරය, ආදිය එයාට පුළුවන් විදිහට යම් පාලනයක් කරන්න පුළුවන්. මේක 20 වෙනි ශතවර්ෂයේ මුල් භාගෙ ගොඩක් ප්‍රසිද්ද වුනත් මේ ගැන ඇරිස්ටෝටල් පවා සඳහන් කරලා තියෙනවා කියලයි මූලාශ්‍ර වලින් දැනගන්න ලැබෙන්නේ.

මේ සිද්ධිය වෙන්නේ අපේ මොළය හරහා මොළයේ ගබඩා කරලා තියෙන ක්‍රියාකාරී මතකයත් එක්ක තමයි.ඒ වගේම මේ දකින හීනය ඒ පුද්ගලයාගේ අනුදැනුම ඇතුව ඉස්සරහට ගෙනියන්නත් පුළුවන්.මේ ක්‍රමය මගින් ගොඩක් විද්‍යාත්මක පරීක්ෂණ කරලා ඒවා සාර්ථක කරගෙනත් තියෙනවා.මේක ජනප්‍රිය වගේම පුළුල් මෘතෘකාවක් හින්දා අවශ්‍ය කෙනෙක් මේ සම්බන්ධව වැඩිදුර ඉගෙන ගන්න කැමතිනම් මේ සම්බන්ධව අන්තරුජාලයේ විස්තර තියෙනවා ඒවා අධ්‍යනව කරලා බලන්න.

ඔයාලට මතකනම් මේ අවධි හීන එක්ක ආව ප්‍රසිද්ධ චිත්‍රපටයක් තිබුනා. AVATAR 2009 තව INCEPTION 2010 කියන ෆිලුමත් නිර්මාණය වෙලා තියෙන්නේ මේ අවධි හීන මාතෘකාව හරහායි.

ඔන්න එහෙනම් ඉඩ ලැබුන ගමන්ම ඔයාල වෙනුවෙන් IMDB ශ්‍රේණිගත කිරීම් වල 9.2/10 කට කරකවපු සුපිරිම තවත් කන්නඩ සිනමා පටයකට උපසිරසි අරගෙනයි ආවා. එහෙනම් මුලින්ම මේකට උපසිරසි කරන්න අවස්ථාව සලසා දීපු සිනෙරු උපසිරසි කණ්ඩායමට මුලින් ස්තූතිය පුද කරනවා.

අර්ජුන් කියන්නේ ගවේෂණාත්මක රහස් පරීක්ෂකයෙක්. මෙයා පරීක්ෂණ වලින් අල්ලන දේවල් නිසාම මෙයාට ඇතිවුන සතුරෝ ගොඩයි. ඒත් මෙයා හැම වෙලාවකම සත්‍ය හා සාධාරණය වෙනුවෙන් තමයි නැගී සිටින්නේ.ඒ වගේම මෙයාට පුංචි ලස්සන දුවෙක් ඉන්නවා. ආධ්‍යා කියන්නේ මෙයාලගේ මේ එකම දුවයි.අර්ජුන් දුවට කොච්චර ආදරේ වුනත් එයාගේ වැඩ රාකාරිත් එක්ක මෙයාට දුවත් එක්ක ගතකරන්න ලැබෙන වෙලාව හරිම අඩුයි. ඉතින් දවසක් මෙයාට ඉඩ ලැබුන වෙලාවක මෙයා දුවත් එක්ක දවසම ගත කරන්න කියලා හිතාගෙන ආධ්‍යා ළමා උද්‍යානය එක්කගෙන යනවා.එතනදී මෙයාගේ දුවව පැහැර ගන්නවා.ඒත් අර්ජුන්ට ඒ කව්ද කියලවත් හොයාගන්න බැරි වෙන විදිහට හරිම සූක්ෂම විදිහට තමයි පැහැර ගැනීම කරන්නේ.

අර්ජුන් වැඩ කරන තැන මෙයාගේ ලොක්කා තමයි සිද්ධාර්ත් කියන්නේ, මේ හැම කෙනෙක්ම අර්ජුන්ගේ නැතිවුන දරුවව හොයන්න මහන්සි වෙනවා.ඔහොම මාස ගනනක් ගතවෙනකොට අර්ජුන්ට යම් දෙයක් ගැන අදහසක් එනවා. ඒ එයාගේ බිරිද වෛද්‍යවරියක් නිසා ඇය කරන ලද ව්‍යාපෘතියක් ගැන දැනගන්න ලැබෙනවා.

මේ ව්‍යාපෘතිය කරල තියෙන්නේ මේ අවධි හීන ගැනයි. ඉතිම් අර්ජුන් එයාගේ නෝනට කියනවා මේ අවධි හීන වලට ගිහින් එයාලගේ දරුවව නැති වුන හැටි හොයල බලමු කියලා…එහෙනම් වැඩි දෙයක් කියන්න යන්නේ නෑ, ඔයාලම අරගෙන බලන්න කියන ගමන් තවත් දමිළ උපසිරසියකින් ඉක්මනින් මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඔයාලා සියළු දෙනාම පරිස්සමින් ඉන්න මේ කාලේ…

චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.

කාණ්ඩය : Action, Drama

අධ්‍යක්ෂණය : Thej

රංගන ශිල්පීන් : Sampath Maitreya, Sandhana Raghavendra, Sundar Raj

ධාවන කාලය : 2h 03 min

තිරගත කල දිනය : 16 April 2021 (India)

IMDB අගය : 9.2/10

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදය සමන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදය සමන්

August 13, 2020


67
Total Subtitles

7 comments

  1. Shehan Sachintha
    Cineru Family Member

    තෑන්ක්ස් උදය අයියේ… 💚💜️💕

  2. නියමයි බන්
    මේ වගේ සුපිරි ෆිල්ම් ඉතින් ලැබෙන්නේ සිනෙරු එකෙන් විතරමයි අනිත් ඒවයින් දෙනකන් හිටියොත් බලන්න වෙන්නේ නෑ
    දිගටම වැඩේ සුපිරියටම කරන් යමු සිනෙරු

  3. සුපිරියක්🔥🔥🔥

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. නියමයි හොදේ. තැන්ක්ස් සබ් එකට

  6. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Udaya saman
    Cineru Family Member

    අදහස් දැක්වු සියළු දෙනාට බොහොම ස්තුතියි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login