The title of the page
7.4
83

Transformers: War for Cybertron Trilogy: Kingdom (2021) Complete Season Sinhala Subtitles | “රාජධානිය” | සිංහල උපසිරැසි සමඟ

(Transformers: War for Cybertron Trilogy: Kingdom 2021 Complete Season Sinhala Sub)

ඉතින් කොහොමද යාලුවනේ?? ඔන්න කාලෙකින් සබ් එකක් අරන් ආවා. මං දන්න විදිහට නම් මේ කතා මාලාවේ සීසන් 01 ඉඳන්ම මුලින්ම සබ් දෙන්නේ මම. මේ කතා මාලාවේ සීසන් 01, සීසන් 02 දෙකටත් මං සබ් දුන්නා. ඉතින් අවසාන සීසන් එකටත් ඔන්න සබ් අරන් ආවා. මං දැන් සබ් 250ට හොඳටෝම කිට්ටුයි. ඊලඟ සති අන්තයේත් මං මේ වගේම, මීටත් වඩා අතිශයින්ම ජනප්‍රිය සීරීස් දෙකක් ගේන්නම්කෝ. මං පම්පෝරි ගහපු ස්පැනිශ් සීරීස් එකයි, ඇනිමේශන් සීරීස් එකකුයි. ඒ වගේම මතක් කරනවා “ජුරාසික් වර්ල්ඩ් ඇනිමේශන් සීරීස්” එකේ සීසන් 01, 02, 03 ටම සබ් අපේ සිනෙරූ එකේ දීලා තියෙයි. නියමයි ඒක, අවිශ්වාසයි නම් අපේ සීනියර් “පීටර් බාර්ට්ලට්” අයියගෙන් අහලා බලන්න. ඉතිං ඒකත් අරගෙන බලන්න. හරි එහෙනම් අද කතාව දිහාවට යමුකෝ……..

අද කතාව තමා අපි කවුරුත් දන්න ඔප්ටිමස් ප්‍රයිම් වීරයාගේ කතාව. මේකේ පිටපත ගද්දී Transformers.War.For.Cybertron.Trilogy.S03.WEBRip.x264-ION10 කියන එකටම ගන්න. මොකද, අනිත් ඒවට හරිද කියලා මං බැලුවේ නෑ. මේකේ තියෙන කොටස් ඊලඟ ලයිව් ඇනිමේශන් ෆිල්ම් එකවන “ටාන්ස්ෆෝර්මර්ස් – රයිස් ඔෆ් යුනිකෝර්න්” එකෙත් එනවා කියලා ආරංචියක් තියෙයි. කලින් කොටස්වල කතා බලන්න, ඒකේ අවසානේදී සයිබර්ට්‍රෝනියානුවෝ අපේ ලෝකෙට එනවා. එතකොට අපේ නෙවෙයි, ඩයිනසෝර්ලගේ ලෝකේ මේක. ඒ එනකොට ප්‍රයිම්ගේ නමින්ම කෙනෙක් ඉන්නවා. මෙගාට්‍රෝන්ගේ නමිනුත් ඉන්නවා. ඔව් ඔව් කාල තරණයක් වෙලා තමයි. හැබැයි ඇවේන්ජර්ස් ෆිල්ම් එකේ විදිහටම වගෙයි සෑහෙන්න දුරට. ටිකක් සරළයි ඊට වඩා. කොහොමහරි තම තමන්ගේ කණ්ඩායම් බෙදෙනවා, ඕල්ස්පාර්ක් එක ප්‍රයිම්ට අමුතු විසඳුමක් දෙනවා. ඉරණමේ සමහරතැන් වෙනස් කරන්න කාටවත් බෑ කියලත් කියවෙනවා. අනේ මන්දා, ඔයාලා අරන්ම බලන්න. කතාව නම් සුපිරියි. ඇනිමේශනුත් සුපිරියි. හඬත් මරු. අරන් බලන්න. සීසන් 01, සීසන් 02, සීසන් 03 පිළිවෙලට අරන් බලන්න.

දැන් ඉතින් අර ඉස්සර වගේ පිස්සුවෙන් වගේ සබ් දෙන්නේ නෑ. මොකද, එහෙම දෙද්දී ගොඩක් අයට අපිව වටින්නේ නෑ. සමහරුන්ට අපි උදව් කරන එක එයාලා හිතන් ඉන්නේ අපි වහල්කම් කරනවා කියලා. ඒ නිසා නිදහසේ, සීමා සහිතවයි ආයේ සබ් දෙන්නේ. සයිට් එකේ මුලින්ම 100, 150, 200 විදිහට සබ් පෝලිමේ මුලින්ම ඉන්න මට හැකියාව ලැබුනා. ඉස්සරහට එහෙම තරඟයක් නෑ. මගේම කාල රේඛාවක, මගේ පාඩුවේ මං යනවා. සමිත රමේශ් මල්ලීට ගොඩක්ම ස්තූතියි මාව සබ් ක්ෂේත්‍රයට සම්බන්ධ කරගත්තට. මගේ සදහම් පුතයි, ලක්ෂ්මී බිරිඳයි ආදරෙන් මතක් කරනවා. කැමති අය කමෙන්ට් එකක් ලියන්න. බනින්න ඕනේ නම් [email protected] එකට බැනලා එවන්න. මං රිප්ලයි එකක් එවන්නම්. එහෙනම් හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

7 comments

  1. Ishirajanith
    Top Fan ⭐⭐⭐

    තැන්ක්ස් Thanks සුපිරි අයියේ 💛💚

  2. The expanse eka ona aiye

  3. sub ekata thanks ayyeeee

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  5. නුවන් මානගේ

    බොහොම ස්තූතියි සහෝදරයා… බුදු සරණයි

  6. තෑන්ක්ස් සහෝ සබ් එකට
    තව හොද tv series වලට සබ් ගේන්න

  7. Superb work brother ❤️👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login