The title of the page
Spy X Family (2023) S02E05 Sinhala Subtitles
Spy X Family (2023) S02E05 Sinhala Subtitles

Spy X Family (2023) S02E05 Sinhala Subtitles | “සුඛෝපභෝගී නැවක චාරිකාවක්…” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 5 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

ඊඩ්න් විද්‍යාලගේ කතාවල එන ‘දැනුමේ අතුරුපස’ කෑම වෙනුවෙන් ආන්යා සහ ඩේමියන් අතර කාඩ් කුට්ටමෙන් සෙල්ලමක් තියපු විදිහ අපිට බලාගන්න ලැබුනා. මේ අතුරුපසින් ඊඩ්න් විද්‍යාලයේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයෙක් වෙන්න පුලුවන් කියල තියෙන කටකතාව අනුව තමයි මේ අතුරුපස වෙනුවෙන් කාඩ් කුට්ටමෙන් සෙල්ලමක් තියන්න වුනේ. අන්තිම අතුරුපස හතර වෙනුවෙන් තියපු මේ සෙල්ලමෙන් ආන්යා දිනල ඩේමියන් පරදිනවා. ඒ අතරෙ තවත් තැනක ටුවිලයිට්ගේ සහයකයා වෙන ෆ්‍රැන්කි නැතිවුනු පූසෙක් හොයන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මේ පූසව අයිති කෙල්ලව යාළු කර ගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන මේ සැලැස්මට යෝර් ගෝජරුත් උදව් කරනවා. අන්තිමේදි පූසව හොයාගන්න පුලුවන් වුනත් ෆ්‍රැන්කිට ඒ කෙල්ලව යාළු කරගන්න පුලුවන් වෙන්නෙ නම් නෑ. ඉතින් සුපුරුදු විදිහට වෙනද වගේම අන්තිමට මොකුත් නැතුවම ෆ්‍රැන්කි යන්න යනවා.

මේ කොටසින් දකින්න ලැබෙන්නෙ අලුත්ම ත්‍රාසජනක කතාවක්. කොටින්ම ක්‍රියාදාම ගොන්නක් දකින්න ලැබෙන කතාවක ආරම්භක කොටස තමයි මේකෙන් දකින්න ලැබෙන්නෙ. ආන්යා අහඹු විදිහට සුඛෝපභෝගි නැවක චාරිකාවක් යන්න අවස්ථාවක් ලබා ගන්නවා. අහඹු විදිහට යෝර් ෆෝජර්ටත්, ඒ කියන්නෙ කටු කුමරියටත් ඒ නැවේම මෙහෙයුමක් ලැබෙනවා. මොකක්ද ඒ මෙහෙයුම? වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 6 තුළින් මුණ ගැහෙමු.

Episode Name : Plan to Cross the Border
Aired Date : 2023.11.04
IMDB Rating : 7.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

2 comments

  1. Ep 04 subtitle download krnna bh neh 🙂

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login