The title of the page
Spy X Family (2023) S02E02 Sinhala Subtitles
Spy X Family (2023) S02E02 Sinhala Subtitles

Spy X Family (2023) S02E02 Sinhala Subtitles | “දිවි බේරා ගැනීමේ මෙහෙයුම” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 2 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ආරම්භයෙදිම ක්‍රියාදාමයන් නැති වුනත් හාස්‍ය මුසු ආරම්භයක් තමයි අපිට පසුගිය ආරම්භක කොටසින් දකින්න ලැබුනේ.

සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, යෝර් ෆෝජර් හෙවත් කටු කුමරිය තමන්ගෙ සුපුරුදු කුලී ඝාතනයන් කරගෙන ඉන්න කොට එක සහචරයෙක්ගෙ අතින් වෙඩිල්ලක් වදිනවා. ඒක වදින්නෙත් මෙයාගෙ පස්ස පැත්තටමයි. ඉතින් දැන් යෝර් මූණත් වකුටු කරගෙන කිසි දෙයක් කරගන්න බැරුව ඉන්නවා. කොටින්ම පුටුවක ඉඳගන්නවත් බෑ. ලොයිඩ් ෆෝජර් හිතන්නෙ මේ යෝර්ගෙ මූඩ් එක හොඳ නැත්තෙ තමන් නිසා කියලයි. ඉතින් ලොයිඩ් යෝර්ගෙ හිත සතුටු කරන්න, යෝර් එක්ක ඩේට් එකකට යන්න තීරණය කරනවා. මොකද යෝර්ට කිසි දෙයක් කරන්න ඉඳගන්නවත් බැරි නිසා ඒකෙත් ලොකු හොඳක් නෑ. සිද්ධ වුනු අකරතැබ්බය ගැන ලොයිඩ්ට කියන්නත් බෑ. ඒත් අන්තිමේදි තුවාලය හොඳ වුනේ නැති වුනත්, ඩේට් එකේ පිහිටෙන්ම යෝර්ගේ මූඩ් එක අන්තිමේදි ටිකක් හොඳ තත්වයට ආවා. ඔන්න ඕකයි Season 2 හි පළවෙනි කොටසෙදි අපිට දකින්න ලැබුනේ.

මේ කොටසෙදි දකින්න ලැබෙන්නෙ එක්තරා දෙන්නෙක්ගෙ දිවි බේරා ගැනීමේ මෙහෙයුමක්. ඒ දෙන්නා තමයි ෆෝජර් පවුලේ බල්ලා “බොන්ඩ්මන්” සහ ඊඩ්න් විද්‍යාලයේ ආන්යාගේ පන්තියේ ඉන්න “ඩේමියන් ඩෙස්මන්ඩ්”. බල්ලෙක්ගෙ දිවි බේරෙන මෙහෙයුම මොකක්ද? ඩේමියන්ගෙ දිවි බේරෙන මෙහෙයුම මොකක්ද? වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 3 තුළින් මුණ ගැහෙමු.

Episode Name : Bond’s Strategy to Stay Alive/Damian’s Field Research Trip
Aired Date : 2023.10.14
IMDB Rating : 7.2

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

One comment

  1. ilanga ep ekath ikkmanata denna puluvanda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login