The title of the page
Spy X Family (2023) S02E01 Sinhala Subtitles
Spy X Family (2023) S02E01 Sinhala Subtitles

Spy X Family (2023) S02E01 Sinhala Subtitles | “ස්ට්‍රික්ස් මෙහෙයුමට නැවතත්…” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි සිංහල උපසිරැසි මාලාව සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. මේ වෙනකොට Spy x Family කියන ඇනිමෙ එක ගැන ලොකුවට කියන්න නම් දෙයක් නෑ වගේම කියන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ, මොකද මේ කතාව මේ වෙද්දි බොහෝ දෙනා රසවිඳල හමාරයි. මොකද 2022 වසරෙදි කොටස් 12 ක් ඇතුළත් Part 1 සහ කොටස් 13 ක් ඇතුළත් Part 2 විදිහට Parts දෙකකින් යුතුව Spy x Family Season 1 නිකුත් වුනා.

Action, Comedy, Childcare, Shounen කියන Genre වලට අයත් වෙන මේ කතාව season 2 ට අදාළව මිනිත්තු 23 බැගින් වුනු කොටස් 12 ක් පුරා දිව යාමට නියමිතයි. සුපුරුදු පරිදි Tatsuya Endo සෙන්සේගෙ Spy x Family manga එක ඇසුරෙන් කතාව ඇනිමේට් කරන්නෙ Wit Studio සහ Cloverworks Studio එක්වයි. Season 2 හි opening theme එක වෙන “Kura Kura” ගීතය Ado ගායිකාව ගායනා කරන අතරෙ ending theme එක වෙන “Todome no Ichigeki” ගීතය Voundy සමඟින් Cory Wong ගායනා කරනවා.

මේ වෙද්දි Spy x Family ඇනිමෙ කතා මාලාව Anime Awards & Nominations කිහිපයක්ම ලබා තිබෙනවා.
🔹2023 Tokyo Anime Awards හි Television Category යටතේ Animation of the Year, Best New Series, Best Ending Sequence, Best Supporting Character, “Must Protect At All Costs” Character, Best Comedy කියන සියල්ල යටතේ winner වීම.
🔹2023 වසරේ Anime Trending Awards හි Annual Award යටතේ Best Voice Acting Performance – Female, Seasonal Award යටතේ New Anime of The Season, Favorite Ending Theme Song, Favorite Comedy, Favorite Slice of Life කියන සියල්ල යටතේ winner වීම.

සීතල යුද්ධයක් ලෝක යුද්ධයක් බවට පත් වීම වැලැක්වීම වෙනුවෙන් “ටුවිලයිට්” කියන කේත නාමයෙන් ඉන්න, සමාජයේ මනෝ වෛද්‍යවරයෙක් විදිහට රස්සාව කරන ඔත්තුකාරයෙක් හා “කටු කුමරිය” කියන නමින් ඉන්න සමාජයේ රාජ්‍ය සේවිකාවක් විදිහට රැකියාව කරන කුලී මිනීමරු ඝාතක කාන්තාවක් සමඟින් අනුන්ගේ සිත් කියවිය හැකි “ආන්යා” නම් පුංචි ගැහැණු ළමයා ඇතුළුව ගෙන යන “ෆෝජර් පවුල” වටා තමයි මේ කතාව දිග හැරෙන්නෙ. විශේෂම දේ තමයි බොරු පවුලක් විදිහට ගෙන යන මේ පවුල රඳ පවතින්නේ “ස්ට්‍රික්ස් මෙහෙයුම” කියන මේ මෙහෙයුම මතයි. මේ තුන් දෙනාගෙම සැබෑ අනන්‍යතාවය තුන් දෙනාටම රහසක් වුනත් අනුන්ගේ සිත් කියවිය හැකි ආන්යා මේ හැම දෙයක්ම දැනන් හිටියා. ඒ අතරෙදි ටුවිලයිට්ගේ මෙහෙයුමත් කටු කුමරියගේ ඝාතනයනුත් සමඟින් ආන්යාගේ ළමා ජීවිතය මේ කතාව තුළින් රැගෙන එනවා. කෙටියෙන්ම ඔන්න ඕකයි කතාව. ඉතින් කතාව ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් වගේම උපහාසයෙන් අනූන බව කිව යුතුමයි.☺️

ඉතින් සිදුවීම් දාමයන් රැසක් එක්ක Spy x Family Season 1 අවසාන වුනේ ස්ට්‍රික්ස් මෙහෙයුම කෙරීගෙන යන ගමන්. මේ ස්ට්‍රික්ස් මෙහෙයුම කියන්නෙ මොකක්ද? ඒ මෙහෙයුම දියත් කරන්නෙ කවුද? මේ මෙහෙයුමට හේතුව කවුද? මොකක්ද? මේ කතාවට සම්බන්ධ වෙන අනික් පාර්ශව කවුද කියන එක Season 1 තුළින් පැහැදිලි කෙරුනා. මේ Season 2 තුළින් ආරම්භ වෙන්නේ ඒ ස්ට්‍රික්ස් මෙහෙයුමේ මීළඟ දිග හැරුමයි. season 2 හි ආරම්භක කොටස විදිහට ඉතින් බලන්න මේ කොටසෙදි මොකද වෙන්නෙ කියලා. උපසිරැසිය ගැන පහළින් comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. සෑම සතියක් පාසා Spy x Family අලුත්ම කොටසේ සිංහල උපසිරැසියෙන් හමුවෙමු.

Episode Name : Follow Mama and Papa
Aired Date : 2023.10.07
IMDB Rating : 8.0

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

3 comments

  1. Hassa supiri…oyage sub ekak nathuwa paluwen hitiye..hodata enjoy krpu anime ekak meka..

  2. Digatama karamu. Waiting next episode

  3. Thanks ❤️
    අනිත් එපි ටික 🫠

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login