The title of the page
Spy X Family (2023) S02E03 Sinhala Subtitles
Spy X Family (2023) S02E03 Sinhala Subtitles

Spy X Family (2023) S02E03 Sinhala Subtitles | “සාමය සුරැකීම වෙනුවෙන්…” | සිංහල උපසිරැසි සමඟ

2023 වසරේ fall season එකේ උපහාසයෙන් ත්‍රාසයෙන් ක්‍රියාදාමයෙන් පිරුනු Spy x Family Season 2 හි Episode 3 සිංහල උපසිරැසිය සමඟිනුයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිද්ධ වුනු දේවල් ගැන කෙටියෙන් මතක් කර ගනිමු.

ගෝජර් පවුලේ ආන්යාගේ සුරතලා වෙන බොන්ඩ්මන් තමන්ට රෑ කෑම හදාගන්න විදිහක් නැතුව කරදරයක වැටෙනවා. මොකද බොන්ඩන් කියල කියන්නෙ අනාගතය දකින්න පුලුවන් බල්ලෙක්. ඉතින් මෙයා දකිනවා යෝර් හදන කෑම කාලා තමන් මැරිල යන විදිහ. මොකද යෝර් හදන කෑම ඇත්තටම බල්ලෙක්ටවත් කන්න බෑ. ඉතින් බොන්ඩ්මන් බඩගින්නේ වගේම යෝර්ගේ කෑම නොකා නොමැරී ඉන්න හිතාගෙන ලොයිඩ් ලවාම රෑ කෑම හදාගන්න ඕනි නිසා ලොයිඩ්ගේ රහස් මෙහෙයුමකට උදව් කරල ඉක්මනින්ම ලොයිඩ්ව ගෙදර ගෙන්න ගන්නවා. ඒ විදිහට බොන්ඩ්මන්ගේ ජීවිතය බේරෙනවා. ඒ අතරෙ ඊඩ්න් විද්‍යාල නේවාසිකාගාරයේ ඉන්න ඩේමියන් ඩෙස්මන්ඩ්ට උදේ නැගිටින්න පරක්කු වෙලා දඬුවමක් ලැබෙනවා. ඒ තමයි ක්ෂේත්‍ර චාරිකාවක් යන එක. චාරිකාවක් යන එක මොන විදිහෙ දඬුවමක්ද කියලත් හිතේවි. ගඟක් මැදින් කැළයක් මැදින් ගිය ඒ ත්‍රාසජනක චාරිකාව නිසා ඩේමියන්ට හුඟක් දේවල් ජීවිතේට එකතු කරගන්න ලැබෙනවා. ඒ වගේ අමුතුම දඬුවමක් නිසා ඩේමියන්ගෙත් ජීවිතේ බේරෙනවා.

මේ කොටසෙදි දකින්න ලැබෙන්නෙ එක්තරා රහස් මෙහෙයුමක්. හැබැයි මේ මෙහෙයුම මෙහෙයවන්නෙ යෝර්ගෙ මල්ලි වෙන යූරි විසිනුයි. රාජ්‍ය ආරක්ෂක සේවයෙ රාජකාරි කරන යූරිගේ රහස් මෙහෙයුම මොකක්ද? යූරි තමන්ගෙ අක්කා වෙනුවෙන් රටේ සාමය රකින්නෙ කොහොමද? වැඩි දෙයක් කියන්නෙ නෑ. නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟට Spy x Family Season 2 Episode 4 තුළින් මුණ ගැහෙමු.

Episode Name : Mission and Family/The Elegant Bondman/The Heart of a Child/Waking Up
Aired Date : 2023.10.21
IMDB Rating : 6.7

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලංකන් weebs සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලංකන් weebs

July 14, 2021


61
Total Subtitles

3 comments

  1. the kingdoms of ruin ekatath dennako

  2. ithuru kotas tika danne kawadda? ikmanata e thikath dannako 🥺

  3. Spy X Family eke ithuru koras tikath ikmanata dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login