The title of the page
Kasargold (2023) Sinhala Subtitles
Kasargold (2023) Sinhala Subtitles
5.9
76

Kasargold (2023) Sinhala Subtitles | රත්තරන් ජාවරාම | සිංහල උපසිරැසි සමඟ

සුභ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් මේ වසරේ සැප්තැම්බර් මාසයේ නිකුත් වුනු ටිකක් වෙනස්ම විදිහේ මළයලාම් චිත්‍රපටයක් ඔයාලා වෙනුවෙන් මම අරන් ආවා.

Directo r- Mridul Nair
Writers – Mridul NairSajimon Prabhakar
Stars – Vinayakan, Asif Ali, Deepak Parambol
IMDb – 6.1

මේ චිත්‍රපටයනම්, action Drama thriller ගණයට තමයි අයිති වෙන්නෙ. ඉතින් මේක ටිකක් වෙනස්ම කතාවක් ඔස්සෙ තමා කරලා තියෙන්නෙ. නළුවො ගැන කතා කරොත් Asif ali, Deepak Parambol තමයි ප්‍රධාන චරිත දෙක කරන්නෙ. ඒ වගේම jailer චිත්‍රපටයේ villan රෝල් එක කරපු Vinayakan මේ චිත්‍රපටයේ villan රෝල් එක සුපිරියටම කරනවා. ඒ වගේම මේ චිත්‍රපටයට හොද ප්‍රතිචාර ලැබිලා තියෙනවා.

කතාව පැත්තට ගියොත් රත්තරන් ජාවරාම ගැන තමයි චිත්‍රපටයේ තියෙන්නෙ. මුල්ම ටික පොඩ්ඩක් කියන්නම්. බීච් එකේ සෙට් එකක් විනෝද වෙනවා. කාර් එක්ක කපල් එකක් ඉන්නවා. මේ කාර් එක ඇතුලෙ වෙන දේ කොල්ලෙක් වීඩියෝ කරනවා. ඒක කොහොමහරි අර කාර් ඒකේ ඉන්න කොල්ල දැකලා කොල්ල පස්සෙන් එළවනවා පෝන් එක ගන්න. කොහොමහරි පෝන් එක ගන්න බැරිවෙනවා. මේකෙ පළිය ගන්න අර කොල්ලා පෝන් එක උස්සපු කොල්ලගෙ ගෙදරට ගිහින් ඒ කොල්ලයි කොල්ලගෙ අයියයි දෙන්නවම මරලා දානවා.

හැබැයි ඔයාලට හිතෙයි මුල් ටිකයි , ඊට පස්සෙ වෙන සිද්දි ටිකයි කිසි ගැලපීමක් නෑ කියලා. අන්තිම වෙනකම් බැලුවොත් ඔක්කම තේරෙයි. සම්පූර්ණ කතාවෙ යන්නෙ රත්තරන් බෑග් එකක් හොරකම් කරලා ඒක කොහොමහරි විකුණ ගන්න හදන විදිහක් තමයි. අන්තිම්මෙදී හැබැයි අපි කවුරුත් නොහිතපු විදිහක් තමයි වෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ගිහින් එන්නම් සුභ දවසක්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන නිපුන සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන නිපුන

February 17, 2023


6
Total Subtitles

3 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතිි සහෝ.නියම වැඩක්.දිගටම මලයාලම් දෙන්න .ජය

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි හංස ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login