The title of the page
Tatsama Tadbhava Sinhala Subtitle
Tatsama Tadbhava Sinhala Subtitle
8.2
94

Tatsama Tadbhava (2023) Sinhala Subtitles | “සැබෑ මිනීමරුවා කවුරුන්ද?” | සිංහල උපසිරැසි සමඟ

(Tatsama Tadbhava (2023) Sinhala Subtitles) (Tatsama Tadbhava (2023) Sinhala Subtitle) (Tatsama Tadbhava (2023) Sinhala Sub) (Tatsama Tadbhava Sinhala Subtitles (Tatsama Tadbhava Sinhala Subtitle) (Tatsama Tadbhava Sinhala Sub) (Thathsama Thathbhava Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

ටික දවසකට පස්සේ ඔන්න මම පෞද්ගලිකව කැමති කන්නඩ සිනමාව පැත්තෙන් තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..චිත්‍රපටය නමින් Tatsama Tadbhava (2023)..මේක2023 සැප්තැම්බර් 15 වෙනිදා සිනමාශාලා වලට නිකුත් පහුගිය 20 වෙනිදා OTT වෙතට මුදා හැරුණු කන්නඩ චිත්‍රපටියක්..

Tatsama Tadbhava (2023) - IMDb

මේකේ කතාව වගේම අධ්‍යක්ෂණයත් සිදු වෙලා තියෙන්නේ Vishal Atreya අතින්..හොඳම කාරණාව තමයි මේ Vishal Atreya ගේ පලවෙනි චිත්‍රපටය..එහෙමත් නැත්තන් Debut ෆිල්ම් එක..ඉතින් පළවෙනි චිත්‍රපටය විදියට Vishal මේ චිත්‍රපටියෙන් සාර්ථක ආරම්භයක් අරගෙන තියනවා ෆිල්ම් එක බැලුවම ඔයාලටම තේරුම් යාවි..😌 ඒ වගේම මේක Pannaga Bharana, Spurthi Anil සහ Chethan Nanjundaiah කියන තුන්දෙනාගේ නිෂ්පාදනයක් විදියට තමයි සිනමා තිරයට ඇවිත් තියෙන්නේ..

Tatsama Tadbhava draws striking parallels between Meghana Raj Sarja's character and her real-life p- Cinema express

ඉතින් මම අරගෙන එන උපසිරැසි කලින් නරඹලා තියෙනවනම් ඔයාලා දන්නවා ඒ⁣ සේරම වගේ Crime / Thriller / Mystery වගේ කාණ්ඩ වලට තමයි අයිති වෙලා තියෙන්නේ..😁 මේකත් ඉතින් වෙනසක් නෑ..මේකත් අදාළ වෙන්නේ Crime / Thriller ශාරණයටම තමයි..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි දැනට Tatsama Tadbhava චිත්‍රපටයට IMDb දර්ශකයේ 8.2/10 අගයක් ලැබිලා තියනවා..ඒ වගේම ගූගල් පරිශීලක මනාප 94%ක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත් වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරිලා බැලුවොත් Gentleman (2020) , Inspector Vikram (2021) , Veeram (2023) වගේ චිත්‍රපටි වල ප්‍රධාන චරිත මවපු කන්නඩ සිනමාවේ Dynamic Prince (ඩයනමික් ප්‍රින්ස්) විදියට හඳුන්වන Prajwal Devaraj තමයි මේකේ ප්‍රධාන චරිතය වන ඉන්ස්පෙක්ටර් අරවින්ද්ට පන පොවන්නේ..පහුගිය කාලයක් තිස්සේ අසාර්ථක චිත්‍රපටි රැසකට කොටුවෙලා හිටිය Prajwal මේ ෆිල්ම් එකෙන් ආපහු පරණ ට්‍රැක් එකට වැටිලා තියනවා කිව්වොත් හරි…මොකද කිව්වොත් පහුගිය ටිකේම Prajwal ලැබුණේ එකම ආකා⁣රයේ චරිත..කන්නඩ සිනමාව එක්ක ඉන්න කෙනෙක්නම් ඒක හොඳටම දන්නවා ඇති..ඉතින් මේ ෆිල්ම් එකෙන් ඒ ඒකාකාරීබවට තිත තියන්න ප්‍රජ්වාල්ට හැකියාව ලැබිලා තියනවා..ප්‍රජ්වාල්ට අමතරව මේකේ Main Female Character එකට පන පොවන්නේ Meghana Raj විසින්..මේඝනා කියන්න මීට අවුරුදු කීපෙකට කලින් දිවි ගමනෙන් සමුගත්ත Chiranjeevi Sarja ගේ බිරිඳ..මේඝනත් සෑහෙන කාලෙකට පස්සේ තමයි මේ විදියට Tatsama Tadbhava චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් අතරට ආවේ..ඇයගෙනුත් මේ ෆිල්ම් එකට හොඳ සහයෝගයක් ලැබිලා තියනවා කියන එකනම් කියන්නම ඕන..ඉතින් මේ දෙන්නට අමතරව Aravind Iyer , Mahati Bhat , Girija Lokesh , T.S. Nagabharana , Balaji Manohar ව⁣ගේ නලු නිලි පිරිසක් මේ චිත්‍රපටයත් එක්ක එකතුවෙලා ඉන්නවා..

Tatsama Tadbhava review: Meghana Raj Sarja and Prajwal Devaraj shine in this psychological thriller

Meghana Raj & team wrap up shooting for Kannada flick 'Tatsama Tadbhava'- The New Indian Express

අපි දැන් කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

මේ කතාව පටන් ගන්නේ තමන්ගේ මහත්තයා අතුරුදහන් කියාගෙන පැමිණිල්ලක් දාන්න පොලීසියට එන ආරිකා කියන කාන්තාවගෙන්..ඉතින් ආරිකාගේ මහත්තයා වුණ සංජයි තමයි මේ විදියට හිටි හැටියේ අතුරුදහන් වෙලා තියෙන්නේ..ආරිකාගේ මේ පැමිණිල්ල භාරගන්නේ අපේ කතා නායකයා වෙන ඉන්ස්පෙක්ටර් අරවින්ද්..මුලින් මේ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ..මෙහෙම දවසක් දෙකක් යද්දි ආරිකාට තමන්ගේ ගෙදරින් අමුතු ගඳක් එනවා දැනෙවා..ඒ ගඳ දිගේ ගිහින් බැලුවම ආරිකා නවතින්නේ තමන්ගේ ගෙදර බෙස්මන්ට් එකෙන්..ඒ බේස්මන්ට් එකේ තිබ්බ එක පෙට්ටියක් ඇරලා බලපු ආරිකාට දකින්න ලැබෙන්නේ තමන්ගේ මහත්තයා වුණ සංජයිගේ නරක් වුණ මළ සිරුර..ඔන්න දැන් තමයි ප්‍රශ්න පත්තරයක්ම දි⁣ග ඇරෙන්න පටන් ගන්නේ..ඉතින් සංජයිව මැරුවේ කවුද? මොකක් නිසාද සංජයිව මැරුවේ ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න ඉන්ස්පෙක්ටර් අරවින්ද් එක්ක මෙතන ඉදලා ඔයාලත් එකතු වෙන්න කියන ගමන් හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා..

Tatsama Tadbhava: Pannaga Bharana on why Prajwal Devaraj agreed to do the film | Exclusive

මේක Crime / Thriller චිත්‍රපටයක් නිසා අවසානේ වෙනකන් අපිව එක එක පැත්තට යොමු කරලා අපේ හිත් වලට කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා..ෆිල්ම් එකේ අවසානෙට අපිට තව ඉඟියකුත් දෙනවා..ඒකත් මොකද්ද කියලා ඔයාලම බලන්න..එහෙනම් තවත් ⁣උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න..

හැමෝටම බුදු සරණයි..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

5 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි අංජු ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    mama aasama type eke movie ekak…jayaweewa..!!

  2. Thank u subtitles akata සුපිරි ❤❤❤

  3. laKMal
    Cineru_users

    .බොහෝම ස්තූතියි උපසිරැසියට…

  4. සම්පත්

    බුදු සරණයි – දෙවි පිහිටයි ……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login