The title of the page
So I Married the Anti-fan (2021) E8 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E8 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E8 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

ජපන් සවාරියෙන් පස්සේ ආයේ කොරියාවට තමන්ගෙ රටට ආවම හූ-ජූන්ව පිළිගන්න එයාගේ රසික රසිකාවියෝ ගොඩාක් එනවා. එතනදි ලී ගියුන්-යංග් ට නම් ලැබෙන ප්‍රථිචාර ඒ තරම් හොඳනෑ. එයාට පිරිස පහර දෙනවා. ඒ රියලිටි ශෝ එකේ රිපොටර් කෙනෙක් දෙන පරණ වෙච්ච විටමන් පැකට් දාලා තේ එකක් දුන්න නිසා හූ-ජූන්ට, හූ-ජූන් සැලසුමකට අනුව ඒ තේ එක බීලා බොරු බඩේ කැක්කුමක් ගන්නේ, ඒගැන නොදැන ලී ගියුන්-යංග් එයා නිසා එහෙම වුනා කයලා හිතනවා. ජපානේ හිටිය කාලේ ඔය කොටස විකාශය වුන නිසා හූ ජූන්ගේ පෑන්ස්ලා ලී ගියුන්-යංග් එනකල් පාරම්බාලා ගහන්න සැලසුම් කරන් හිටියේ.

හූ-ජූන් මේ සැරේ එයාව බේර ගන්නවා. කොහොම වුනත් ජපානේ වීදි වල කළ රූගතකිරීම් ප්‍රමාණවත් නෑ කියලා ආයේ කොරියාවේදී නැවත වීදී දිගේ ඇවිදිමින් රූගත කිරීමක් කරනවා. එතනදි ඒ රූගත කිරීමට යන්න බෑ කියලා ලී ගියුන්-යංග් දිගින් දිගටම කියද්දි හූ-ජූන් පොරොන්දු වෙනව, එයාව විස්වාස කරලා එන්න එයා ආරක්ෂාකරනවා කියලා පොරොන්දු වෙනවා. මාලයක් තෑගි හැටියටත් ලැබුනනේ. ඉතිං හූ-ජුනුයි ලී ගියුන්-යංග් තද බදයකට අහු වුන වෙලාවේ ලී ගියුන්-යංග්ගේ අතින් අල්ලගෙන මිනිස්සු අඩු තැනකට දුවන් යනවා. එකපාරට ඇද හැලෙන වැස්සේ එයාලා නොතෙමෙන තැනකට යනවා.

අන්තිමටම දිගටම ඉන්න බැරි නිසා හූ-ජූන් එයාගෙ ජැකට් එකෙන් වහන් ලී ගියුන් යංග්ව දුවගෙන එක්ක යනවා  හිටිය තැනට ආපහු, ඒ යද්දි අහන්බෙන් ඒ සිදු වීම ඉන්-හියුන්ග් වගේම ජේ-ජූනුත් දකිනවා. එයාලගේ අතීතය මතක් වෙනවා. හූ-ජූන් කම්මැලි හිතුනාම සෝජු ෂොට් එකක් දාන්න හොයන් එන්නේ ලී ගියුන්-යංග් ඉන්න තැනට. බීලා වැඩිවෙලා එහෙම්ම නින්දත් යනවා බාත් රුම් එකේ ටැබ් එකේ. එතනදි නම් ලී ගියුන්-යංග්ගේ යටි හිතේ තියන හැඟීම ටිකක් එළියට එනවා. එයා දිගටම හූ-ජූන් දිහාම බලන් ඉන්නවා. පසුගිය කොටස අවසානය එහෙම වෙද්දි මේ කොටසෙදි නම් හූ-ජූන් නිසා කටු ගොඩාක් කනවා ලී ගියුන්-යංග්. තව හූ-ජූන් පුදුම පාටියකුත් ලෑස්ති කරනවා. බලන්නකෝ, රසවත්ම ආදරණීය කතාවක් මේක..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

4 comments

  1. thank you anek tikath ikmanta dannako
    budusaranai

  2. උපසිරැසියට බොහෝම ස්තූතියි සිස්! ඉතුරු episode ටිකටත් ඉක්මණින් සබ් දෙන්න සිස්!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login