The title of the page
So I Married the Anti-fan (2021) E7 Sinhala Subtitles
So I Married the Anti-fan (2021) E7 Sinhala Subtitles
8.5
98

So I Married the Anti-fan (2021) E7 Sinhala Subtitles | ඒ නිසා මම විවාහ වූයේ ප්‍රති-රසිකයෙක්..! | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම සමාව ඉල්ලනවා සබ් එක දෙන්න පරක්කු වුනාට, ඉතිං කතාවෙ කොටස් ගොඩාක් මේ වෙද්දි ගිහිල්ලා. හැකි ඉක්මනට මං ඔයාලට ඉතුරු සබ් ටිකත් දෙන්න බලා පොරොත්තු වෙනවා.ඉතිං ඔන්න මෙයාලා ජපානෙට මොනවා කරන්නද ආවෙ කියලා දන්නවනේ, කොහොම හරි ඉන්-ගියොන්ග් මේක ලොකු අවස්ථාවක් කර ගන්නවා එයාට ජනප්‍රිය වෙන්න. එයා හැබැයි ජේ- ජුන්ටත් හොරෙන් තමයි ජපන් ගමන ලැස්ති වෙන්නේ, එයා ජේ- ජූන් අයියා ගැන ගොඩාක් කළ කිරිලා ඉන්නේ, කොහොම වුනත් හූ-ජූන් නිසා එයාගේ ජිවිතේ අවුල් වෙලා කියලා මට හිතෙනවා. හූ-ජූනුත් ඒක පිළිගන්නවා. එයාලගේ ආදර සම්බන්ධකම් යාළු මිත්‍ර කම් වලට ඇත්තටම හූ-ජූන්ට කාලයක් තිබිලා නෑ. එයා ජනප්‍රිය තරුව වෙන්න යද්දි එයාට මේ හැම දෙයක්ම මග ඇරෙනවා.

කොහොමත් නොවිසඳුන පල හිලව්වක් නිසා තරහක් එනවා ඉන්-ගියොන් අන්තිමටම ජේ-ජූන්ගෙ ඒජන්සියට බැඳීලා විතරක් නෙවෙයි එදාම පෙන්නනවා ඒ දෙන්නා ආදරේ කරනවා කියලා. ඉතිං එහෙම කරපු කෙනාට ආයෙමත් හූ-ජූන්ව ඕනෙ වෙනවා. ඇත්තටම එයාලා අතර තියෙන සම්බන්ධෙ මොකක්ද කියලා තේරුම් ගන්න බැරුවයි ලී ගියුන් – යංග් ඉන්නේ, එයා වරදවා වටහා ගත්තෙ මේ දෙන්න කතා බහ කරද්දි කියලා එයා දැන් දන්නවා.

අවසානෙදි ජපානෙදි ලී ගියුං-යංග් අතරමං වෙනවා. හූ-ජූන් ගොඩාක් මහන්සි වෙලා එයාව හොයා ගන්නවා. ඉතිං එතනදි හූ-ජූනුත් ගොඩාක් හැඟීම් බර වෙලා හොඳටම බනිනවා. කොහොම වුනත් අතේ තියන මුද්ද එයාගේ තාත්තගේ මුද්ද එයා අතින් නැති වෙනවා. ඒක හම්බෙන්නේ ලී ගියුන් යන්ට.. ඔයා මුද්ද අතර කතා බහ දිගින් දිගටම යනවා. ඒ වගේම මෙයාලා රූ ගත කරපු රියලිටි අත්දැකීමේ මංගල කතාව විකාශණය සිද්ධ වෙනවා.

ඉතිං ඒකේ ප්‍රථිචාර ප්‍රථිරසිකාවියට නම් හොඳ වෙන්නේ නෑ. කොහොම වුනත් මුද්ද ජපානෙම තියලා හූ-ජූන්ට ආපහු කොරියාවට එන්න වෙනවා. සාමාන්‍ය ටිකට් හම්බෙන්නේ ගියුන්-යංග්ට. කුණාටුවක් නිසා ෆ්ලයිට් කැන්සල් වෙලා අවසානෙදි හූ-ජූන් එක්කමයි ගියුන්-යංග්ට එන්න සිද්ධ වෙන්නේ, කොහොම වුනත් හූ-ජූන් එයාව බිස්නස් ක්ලාස් ටිකට් එකකට මාරු කරනවා. ඒක අදහගන්න බැරි වුන ලී ගියුන් යංග් එයා එන්න කලින් කරපු සත් ක්‍රියාවක් නිසා එයාට මේ අවස්ථාව ලැබුනෙ කියලා කියනවා. ඕක හූ-ජූන්ට ලොකූ ප්‍රශ්ණයක්, කතාව බැළුවම තේරෙයිනේ. ඉක්මනින් අනත් ඒවාත් අරන් එන්නම්… හැමෝම පරිස්සමින් ඉන්න…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

7 comments

  1. Good ❤️

  2. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! අන්තිම episode එකත් telecast වුණු නිසා ඉතුරු episode ටිකට ඉක්මණින් සබ් දෙන්න!

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Ithuru tikath ikemanata dennako

  5. sub walt thank you ithuru tikath puluwn ikmnt denna………

  6. මේකේ ඉතුරු කොටස්වල සබ් නැද්ද

  7. Thank you sub wlt,,,anit episodes wlt sub denne kwdd???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login