The title of the page
7.5

Salem S01E12 (2014) Sinhala Subtitles | මරණයේ සහ ආදරයේ හෝරාව | සිංහල උපසිරැසි සමග (18+)

 මට ගොඩක් මහන්සියි ඔයා නැතුව ජීවත්වෙලා මට ගොඩක් මහන්සියි

 
– ආදරය සත්‍යයටත් වඩා ශක්තිමත්, සියල්ලටමත් වඩා ශක්තිමත්.
ඒත් මං ඔයාට කියන්නේ
මේ ලෝකේ තාමත් අපිට තැනක් තියෙයි
 
– එහෙනම් ඒ හීන ලෝකේ විතරයි
 
– හරි එහෙනම්, අන්තිම වතාවට
මාත් එක්ක
හීන දකින්න

ඔන්න ඉතින්, පටන් ගන්න හැමදේකම අවසානයක් තියෙයි කියන එක පෙන්නුම් කරමින් සාලෙම් ඉවර වෙන්නයි ලං වෙන්නේ. අදින් පස්සේ තව එක එපියයි ඉතුරු. අපේ “අතිගරු සමිත රමේශ්” මැතිතුමා අපි වෙත දිඟුකල දිරිමත්කිරීමේ දෑත නිසා සබ් ගහන්නමයි හිත. අනේ එහෙම දෙයක් නෑ, මං සයිට් එකේ අවුරුදු 2ක් තිස්සේ අංක 01 රැඳිලා ඉන්නේ ඉතින් සමිතේ මල්ලී ඇතුලු සිනෙරූ පවුලත්, මගේ රසිකයෝ ඔබ සැමත් නිසා වගේම මගේ පණ මගේ සදහම් පුතා සහ මගේ බිරිඳ නිසයි. ඉතින් ඔයාලා දිගටම මගේ එක්ක දිගටම රැඳී සිටීවි කියලා විශ්වාස කරනවා. අද එපියෙන් හෙලිවෙච්ච පොඩි දේකුත් එක්ක හෑල්ලක් ලියන්නයි සූදානම. කොහොමත් අවසාන එපියේ නම් පොඩි ලිපියක් විතරයි එන්නේ. හරිනේ, ඔන්න පටන් ගන්නවා. අද එපිය අරන් ආවේ Salem S01E12 HDTV x264 AAC E-Subs [GWC] කියන පිටපතට හොඳේ.

අද සාලෙම් 12වෙනි එපියේ කතාවේ හැටියට මේරි මහා චාරිත්‍රය කරන්නයි ලෑස්ති වෙන්න්නේ. ඉතින් මේ මහා චාරිත්‍රය කරන්න ප්‍රධාන දේවල් 2ක් ඕනේ. මුල්ම දේ තමා “මහා මායාකාරිය”. එයා නම් හරිනේ, අපේ ඇල්ඩන්ගේ පරණ කෑල්ලනේ ඉතින් දැන් මහා මායාකාරි වෙලා ඉන්නේ. ඒ කියන්නේ මේරි සිබ්ලි. ඒ වගේම දෙවැනි දේ තමා මලුම්, එහෙමත් නැත්නම් මැලම් එක. ඉතින් මේ වෙද්දී තව එක බිල්ලයි අඩු වෙලා තියෙන්නෙත්. ඒ බිල්ල විදිහට දෙන්න හදන්නේ ඇල්ඩන් ව. මේරිට උපරිමෙන්ම අවුල්. ඒත් මොකක්දෝ හොර සැලසුමක් හිතේ තියෙයි වගෙත් පේනවා. හරි ඒ වගේම අපේ ලොකු මාදර් අමානුෂිකයනේ. මිනිහත් ඇල්ඩන් ලොක්කව හිර කරන්න ලොකු ගේමක් ගහනවා. ඉතින් ඇල්ඩන්ගේ පැත්තේ ඉතුරු වෙන්නේ එකම එක්කෙනයි. ඒ පොඩි මාදර් විතරයි. මිනිහා නම් තාත්තා එක්කත් ඇරගන්නවා අපේ ඇල්ඩන් වෙනුවෙන්. පට්ට යාලුවෙක්. ඉතින් කට්ටිය හැමෝගෙම ජීවිත ඔහොමයි ගලාගෙන යන්නේ. ඒ අතරේදී මැලම් එකෙන් සිද්ධ වෙන්නේ, යම්කිසි භූමියක නපුර පතුරවන එකලු. ඒක නිකන් මෙන්න මෙහෙමයි. හොඳ පිරිසිදු වතුර භාජනයක්, ඉක්මනින්ම නරක් කරන්න නම් කුණු වෙච්ච ඇපල් ගෙඩියක් වතුර එකට දැම්මාම වතුර එක ඉක්මනින්ම සවුත්තු වෙනවනේ.
අන්න එහෙම සීන් එකක්. ඒක නිරූපණය කරන්න තමයි ඇපල්ගෙඩියක් වගේ මේ මැලම් එක හදලා තියෙන්නේ. කොහොමත් අවසාන එපියට වඩා හොඳ අවසානෙට කලින් එපියනේ ඕනේ කතාවක. එ වගේ විශ්වාසෙන් මං කියන්නම් මේ එපියත් පට්ටෙට තියෙනවා. හරි ඉතින් ඒ වගේම මේ මැලම් එකෙන් එක්තරා ආකාරයක මිනිස් සංහාරයක් වෙනවාලු. හ්ම්, ඔයාලට මොකක්ද මතක් උනේ? කොරෝනා නේ? හරි ඉතින් කොරෝනාවලින් මියගිය හැමෝම වගේ යම්කිසි දුර්වල සෞක්‍ය මට්ටමක හිටිය අයලු. එයාලට අනුවර්ථනය වීමේ හැකියාව ගොඩක්ම අඩු වෙලා හිටිය නිසාලු බේරෙන්නත් බැරි උනේ කියලා ඩොක්ටර් කෙනෙක් කියනවා මං යූ ටියුබ් එකේ දැක්කා. ඉතින් වෙනස්වෙන සමාජේ වෙනසට හුරුවෙන්න බැරි ජීවීන් වඳවීම මේ ලෝකේ ස්වභාවය. මතකනේ ඩයිනසෝර්ලා? ඇයි මැමත් ලා? සමහරවිට මිනිස්සුන්ටත් ඒ ඉරණම අත්වේවි. සොබාදහම අතික්‍රමණය කරන ඕනෑම ජීවී විශේෂයක් සොබාදහම විසින් ඉබේම අතුගාලා දානවා. මොකද එක ජීවී විශේෂයක් නිසා අනිත් හැම ජීවියෙක්ම විනාශවෙනවට සොබාදහම කැමති නෑ. ඒත් මේ කතාවෙ විදිහට නම් දෙවියන් සහ සාතන් ඉන්නේ ඊටත් උඩින්. කොටින්ම මරණය පවා පාලනය කරන්න උන්ට පුලුවන්. මේ මහාචාරිත්රය කරාට පස්සේ සාතන්ට අවහිරයකින් තොරව ඒ භූමියේ බලය පතුරවන්න පුලුවන්. තමන් එක්ක ඉන්න අයව බේරගන්නත් පුලුවන්. විරුද්ධවාදීන්ව විනාශ කරන්නත් පුලුවන්. සරලවම කිව්වොත් දෙවියන් අදහන සියල්ලන්වම ඒ භූමියෙන් විනාශ කිරීමයි සාතන්ගේ සැලැස්ම. ඒත් සාතන් වෙනුවෙන් ඉන්න බොහෝමයක් අය ඉන්නේ සමාජෙන් ලොකු අසාධාරණකම් වෙච්ච අය. ඒ නිසා එයාලගේ යම් පිරිසක් ඉන්නවා ඔවුන්ට වෙච්ච අසාධාරනේ නිවැරදි කරන් සාමෙන් ඉන්න කැමති අය. සමහරු ආදරේ නිසා සාමෙන් ඉන්න කැමතියි. ඒත් යක්ෂයා ඒකට ඉඩ දෙයිද, නැද්ද කියන එක නම් අපිට සීසන් 01 එකේදී බලන්න වෙන්නේ නෑ. සීසන් 02 ගේන්න පුලුවන් උනොත් බලන්න පුලුවන් වේවි. ඉතින් ඔන්න ඕකයි කතාව. මේ ඇදහිලි විශ්වාස අපිට වැඩක් නෑ. අපි සොබාදහම් නීතිය ඇතුලේ ජීවත් වෙමු. එතකොට හරි.
 
අද මං මුල් පේලියෙම ස්තූති කතාව කරපු නිසා ආයේ ලියන්නේ නෑ. ඒ උනාට ඔයාලා මට කමෙන්ට් එකක් වත් ලියලා ගියා නම් හරි සතුටුයි ඉතින්. ඒ නිසා කමෙන්ටුවක් ලියලා යන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login