The title of the page
7.5

Salem S01E13 (2014) (END) Sinhala Subtitles | මායාකාරියන්ගේ ඉලක්කය | සිංහල උපසිරැසි සමග (18+)

ඔන්න පොරොන්දු උනා වගේම මම සාලෙම් ඉවර කරන්නයි සූදානම. මම මුලින්ම පටන් ගත්ත සීරීස් එක. ඒ වගේම රේටින් අතින් ඉහලින්ම තියෙන සීරීස් එකක්. ඒ ඔක්කොටමත් වඩා ඩවුන්ලෝඩ් ඉතාමත් අඩු වෙච්ච සහ කමෙන්ට් නම් පට්ට අඩු සීරීස් එකක්. හැබැයි ඒ මොනවා උනත් මම ආසම සීරීස් එකක් මේ. ඉතින් අපි බලමු ඩවුන්ලෝඩ් සහ කමෙන්ට් ප්‍රමාන්‍ය අනූව ඊලඟ සීසන් එකත් දෙන්වද කියලා. හරිනේ, ඒ කොහොම උනත් ඊලඟට එන්න තියෙන්නේ බැට්මෑන් බෙයෝන්ඩ් කියන සීරීස් එකේ ඉතුරු එපි ටික. ඒක නම් දවසක් හැර දවසක් ගේන්න පුලුවන් වේවි. අපේ සික්‍රට් එන් සහෝ කිව්වා වගේ තව ටික දවසකින්ම 300ත් පයින්න පුලුවන් වේවි කියලා හිතනවා. බලමුකෝ, අප්‍රේල් අපේ විශේෂ උපසිරැසි දිනයකුත් එනවා. ඒකටත් ස්කයි රෝජෝ සීසන් 02, ඇන්ග්‍රි බර්ඩ්ස් සීසන් 01, ස්පයිඩි සහ මිතුරෝ සීසන් 01 දෙන්න බලපොරොත්තු වෙනවා. ඒ වගේම බැට්මෑන් එකට කලින් ඩොකියුමන්ට්‍රි ෆිලුමක් ගේන්නත් ලෑස්තියි. ලෝකේ අතිශයින්ම ඉහලින් ඉන්න වාර්තාමය ෆිලුමක් තමා ගේන්න ඉන්නේ ඉතින්. ටිකක් ඉන්ටකෝ…..😂 මෙතනින් ගිහිල්ලා ස්ක්‍රීන් ශොට් ටික බලලම ඇවිත් ලිපිය කියවන්නකෝ

හරි එහෙනම් ඔන්න අදින් සාලෙම් එකත් ඉවරයි. මෙච්චරකල් සාලෙම්වල තිබ්බ හොඳම එපිය තමා මේ. කතාව කවුරුත් නොහිතන පැත්තකට හැරෙන්නයි යන්නේ. අපේ ජෝන් ඇල්ඩන් හෙවත් වීරයා ව බේරගන්නවා මේරි. හැබැයි මේරි ඒ කරන වැඩෙන් ජෝන් දැනගන්නවා මේරි මායාකරියක් කියලා. ඉතින් ඒත් ජෝන් මේරිට තියෙන ආදරේ නිසා කියනවා එයාලා පිට පලාතකටගිහින් ජීවත් වෙමුයි කියලා. ඒත් මහා චාරිත්‍රය නොකර මේරිට යන්න බැරි වෙනවා. එකට හේතුව ඔයාලම බලන්න. කොහොම උනත් සීසන් තුන්කින් ඉවර උනාට මේක සීසන් පහක් වත් ඇදන් යන්න තිබ්බා. ඒත් ආධයම් අතින්  ටිකක් අසාර්ථක නිසා සීසන් තුනකින් ඉවර කරලා දාලා තිබ්බා. කොහොම හරි සමිතෙ මල්ලී කිව්වා වගේ ආයේ නම් අලුත් සීරීස් දෙන්නේ කම්ප්ලීට් විදිහට. එපියෙන් එපිය දීලා අමාරුවේ වැටෙන්න බෑ. ඔයාලත් මේක අරගෙන බලන්න කලින් හෝ බැලුවට පස්සේ කමෙන්ටුවක් ලියන් යන්න. මොකද කමෙන්ට් 20ක් වත් නැත්නම් , ඩවුන්ලෝඩ් 100වත් පැන්නුවේ නැත්නම් සීසන් 02 මම ගේන්නේ නම් නෑ. තේරුමක් නෑ නේ.

ඉතින් සමිතේ මල්ලී ස්තූතියි පස්සෙන්ම ඉඳන් හයියක් වෙනවට. ඒ වගේම චානක තිලංකවත් මතක් නොකරම බෑ. එ වගේම සිනෙරූ පවුලේ හැමෝමවත් සමඟ මගෙ ජීවිතේ විශේෂම කෙනා සදහම් පුතාවත් මතක් නොකරොත් ඉතින් ජීවිතෙන් වැඩකුත් නෑ. එයා තමයි මගේ පණ. ඒ වගේම මගේ බිරිඳවත් මතක් කරන්න ඕනේ. හරි එහනම් ඊලඟ උපසිරැසියකින් හම්බුවෙමු. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! කියලා ප්‍රාර්ථනා කරනවා. 
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

8 comments

  1. Season 2 one🔥

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ ඉතුරු සීසන් දෙකටත් සබ් දෙනව නම් හොඳයි අනිවාරෙන්

  3. season 2 needs

  4. Janith vidushan

    season 2 ona

  5. comment , download nam patta adui..eth meka supiri wedak machan.. good luck.. puluwan nam s02th denna.. thanks

  6. Thanx for sub bro….. give season 2 sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login