The title of the page
put your head on my shoulder
8
98

Put Your Head On My Shoulder (2019) E14 Sinhala Subtitles |කෙලෙස කියන්නද?..|සිංහල උපසිරැසි සමග|

ඔන්න සුපුරුදු විදියට අද අරගෙන ආවේ කතා මාලාවෙ 14 වෙනි කතාංගය..

පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇතිනෙ සි තු මෝ , ගු වේ යී ගේ සීනියර් ගු වේ යී ට කැමැත්තෙන් ඉන්නෙ කියලා දැනගන්නවා. ඊට පස්සෙ ඉතින් සි තු මෝ ට ආයෙත් පොඩ්ඩක් ඊර්ෂ්‍යා හිතෙනවා. කැම්පස් එකේ ආපන ශාලාවෙදි සි තු මෝ එයාගෙ යාළුවත් එක්ක කෑම කන්න ලෑස්ති වෙනකොටම සීනියර්ව හම්බ වෙනවා. එයා එහාට මෙහාට වෙනකන් ඉඳලා සි තු මෝ තමන්ගෙ යාළුවගෙ ෆෝන් එකයි, කෑම කාඩ් එකයි දාල එතනින් දුවන්නෙ.. හැබැයි ඒක ගු වේ යී අරන් තියා ගන්නවා.. ඒව ගන්න සි තු මෝ, ගු වේ යී ගෙ පරීක්ෂණාගාරෙට යනවා. එතනදි පොඩි වැරදි වැටහීමක් ඇති කරගෙන ගු වේ යි ත් එක්ක තරහ වෙනවා.. ගු වේ යි ඉතින් එක එක සෙල්ලම් දාල සි තු මෝව සතුටින් තියන්න බලන්නේ.. සි තු මෝ ට පූස් පැටියෙක් ගිහින් දෙනවා.. හැබැයි ගු වේ යී ට පූසො ඇලජික්. සි තු මෝව සතුටු කරන්න ගිහිල්ලා ගු වේ යීට ලොකු කරදරේකට තමයි මුහුණ දෙන්න වෙන්නෙ. සි තු මෝ ගෙ හිත දිනා ගන්න මෙයා නොයෙකුත් දේවල් කරල බලනවා.. හැබැයි ඉතින් සි තු මෝ ඉන්නෙ ගු වේ යී සීනියර්ට කැමතියි කියන වැරදි වැටහීමෙන්..

අද කතා මාලාවෙදි ගු වේ යී බීල ඉන්න වෙලාවෙ දුන්න හාදුව ගැන කතාව එලියට ඇදෙනවා.. ඊට පස්සෙ මොනවා වෙයිද…
අද කොටසින් බලන්නකෝ…

ඔබට ජය !..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පසිඳු ජයශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පසිඳු ජයශාන්

April 30, 2019


45
Total Subtitles

8 comments

  1. මෙකෙ මොනවත් නැ

    • Pasindu
      Cineru Family Member

      සමාවෙන්න. සබ් එක දැන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්

  2. සබ් ෆයිල් එක නැනේ අයියේ

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 👍😊..
    ජය වේවා.! 👊👊👊

  4. 0.2kb 😨 සබ් එක නැත folderය පමණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login