The title of the page
Naan Sirithaal Sinhala Subtitles
Naan Sirithaal Sinhala Subtitles

Naan Sirithal (2020) Sinhala Subtitles |සිනාව|සිංහල උපසිරැසි සමග|

ඉස්සෙල්ලාම සිනෙරු එකට සුබ උපන්දිනක් කියල සුබ පතනනවා. මාව සිනෙරු පවුලට ඇදල ගත්තු සම්පත් ප්‍රසන්න හා සමිත රමේෂ් දෙන්නටම ස්තූතියි . බාදක හිරිහැර මැද වසරක කාලයක් ගෙවි ගිහින් තිබුනත් දැනෙන්නේනම් අද ඊයේ වගේයි. මොනවා නැතත් සිනෙරු නිසා හිත හොද කොල්ලෝ සෙට් එකක් ලැබුනා ඒ ගැන ගොඩාක් සතුටුයි . ඒ වගේම මේ වසරතුල අපිත් එක්ක එකට හිටපු හැමෝටම වගේම අපේ උපසිරැසිවල තිබුන අඩුපාඩු පෙන්වා දී අප දිරිමත් කරපු හැමෝටමත් ස්තූතියි. දිගටම අපිත් එක්ක රැදී ඉන්න .(naan sirithal sinhala sub-naan sirithal 2020 sinhala sub)

ඔන්න එහේමනම් ගොඩාක් අයගේ ඉල්ලීම මත නාන් සිරිත්තාල් සිංහල උපසිරැසිය රැගෙනා ආවේ මාත් එක්ක හැමදාම
එකතුවන අපේ චූටි හිතුවක්කාර අශේන් මදුරංග සමගින්. මේක පරක්කුවෙන්න හේතුව තමයි කාල රාමු  ගැලපෙන්නේ
නැතිවිමයි .

naan sirithal sinhala sub

නාන්  සිරිත්තාල් ( මා සිනාසූවිට )

2020 පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයේදී තිරගතවු මෙය Comedy, Drama ගනයට අයත් දමිළ සිනමාවක් මේ . පැය 2 විනාඩි 19 ක දාවන කාලයක් හිමි මෙහි කතාව හා අධ්‍යක්ෂණය Raana විසිනි . අධ්‍යක්ෂක  Raana කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් . මොහුගේ පලවන චිත්‍රපටයයි මෙය. මොහුගේම කෙටි චිත්‍රපටයක් වූ Keka Beka Keka Beka ෆිලුම පාදක කරගෙන නිෂ්පාදනය වූවක් . Sundar C හා N. Manivannan ගේ නිෂ්පාදන දායකත්වයයි . (naan sirithal sinhala subtitle)Meesaya Murukku හා Natpe Thunai වැනි සාර්ථක චිත්‍රපටිවලින් පසුව Adhi සමගින් Sundar C එකතුවන තුන්වන ෆිලුමයි . මේ ෆිලුමේ සංගිතය ගැනනම් නොකියාම බෑ. සුපිරිම සින්දු ටිකක්. සංගීතය දමිළ සිනමාවේ නව රැල්ල Hiphop Tamizha. මෙහි සිනමාකරණය Vanchinathan විසින්ය. රංගනයෙන් Hiphop Tamizha Aadhi සමග Iswarya Menon ප්‍රධාන චරිතයද , දුෂ්ඨයාගේ චරිතයට ප්‍රසිද්ධ අධ්‍යක්ෂිකවරයෙක් හා රංගන ශිල්පියෙක් වු K. S. Ravikumar දායක වී ඇත .

naan sirithal sinhala subnaan sirithal sinhala sub

            Director  Rana        Cinematographer Vanchinathan 

naan sirithal sinhala sub


අද ලෝකයේ මිනිසුන්ට අමතක වේගෙන යන කාරණයක් තමයි සිනාව. මෙය ලැබෙන්නේ නොමිලේ වුවත් තවත්
කෙනෙකුට එය දෙන්නනම් කවුරුත් වැඩියේ කැමති නෑ. හැබැයි තරහා කාරයෙකුට මේක දෙන්න ගියොත් වැඩ
වරදින්නත් පුලුවන් . ඇතුවත් බැරි නැතුවත් බැරි සිනාව . මේක තමයි මේ සිනමාවේ මාතෘකාව . සතුටක් දැනුන විට
සිනාසීමනම් කිසිම ගැටලුවක් නෑ . නමුත් ඔබට දුකක් දැනුන විට අඩනවා වෙනුවට සිනාව එනවානම් ?(naan sirithal sinhala subtitle) ඒකත් මේ ප්‍රශ්නය තවත් කෙනෙකුට කියන්න බැරිනම් , ඔබට ඇතිවන තත්වය කොහෝම වේවිද ? මේ නිසා ඇතිවන අවුල්
ජාලාවන් , ඉතාමත් ලස්සනට හාස්‍යජනක අන්දමින් හා සමාජ පනිවිඩයක් සමග ඉදිරිපත් වූ සාර්ථක සිනමාවක් මේක.
මීට වඩා විස්තරනම් කියන්න යන්නේ නෑ . බලල හොද නරක කොටාගෙන යන්න.

එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා ….

හැමෝටම බුදු සරණයි, දෙවි පිහිටයි…

 

අශේන් මදුරංග පීටර් බාත්ලට්

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්  පීටර් බාත්ලට් සොයුරාට සහ අශේන් මදුරංග සොහොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

8 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි 😊👍

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  3. සිනමා ලෝකය - (Direct Link) - රැග්නා ලෝඩ්බ්‍රොක්

    ගොඩක් ස්තිතියි උපසිරසක් එන්කන් බලන් හිටියේ …..

  4. Lalani Maduwanthi

    Thank you,,,puluwan nam vaali tamil movie eka dennako,,,,ajith kumar ge

  5. මිලින්ද ප්‍රියලාල්

    Thanks

  6. The NIce man very help full

  7. thanks ashen

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login