The title of the page
hunter killer 2018 sinhala sub

Hunter Killer (2018) Sinhala Subtitles | දඩයක්කරුවා | සිංහල උපසිරැසි සමග |

හැමෝටම අායුබෝවන් කියන ගමන් සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කියල ප්‍රාර්ථනා කරනව. මුලින් ම ස්තුති කරන්න ඕනෙ මගේ පලමු උපසිරැසියට අදහස් පලකරල දිරිගන්වපු හැමෝටම.(hunter killer 2018 sinhala sub)

මේ සලරුව නම් 2020 වර්ෂයෙ එකක් නෙවේ, මේ නිකුත් වෙන්නෙ 2018 වර්ෂයෙ ඔක්තෝබර් වල. නම Hunter-Killer 2018. ඉතිං බොහෝ දෙනෙක් මේක බලලත් අැති. අවුරුදුදා ගෙදර ඉදල පවුලේ හැමෝටම බලන්න සුපිරියක් කියල කියන්න පුළුවනි. ක්‍රියාදාම/නාට්‍යමය ශානරයන්ට අයත් වෙනව. නව තාක්ෂණය කැටිකොටගත් ජවනිකා සහිත යුද චිත්‍රපටයක් හැටියට නම් කරන්න පුළුවන්. කොහොම වුනත් මෙහි අාදායම් වාර්තාව නම් එතරම් හොඳ එකක් වුනේ නැහැ. ඩොලර් මිලියන 31.7 ක අාදායමක් ලබපු සලරුවේ නිශ්පාදන වියදම හැටියට ඩොලර් මිලියන 40 සටහන් වෙලා තියනව. එ් වගේම රේටින්ග්ස් තරමක් අඩු අගයක තියෙන්නෙ. කුනු තක්කාලි වලින් 39% කුත්, IMDB වල 6.6 කුත් ලබාගෙන තියනව. සාපේක්ෂව අඩු අගයක්.

ප්ලොට් එක ගැන ටිකක් මම කියන්නෙම්. එක්සත් ජනපදයට අයත් USS Tampa bay සබ්මැරීනය රුසියාවට අයත් අකූලා
ක්ලාස් සබ්මැරීනයක් රහසේ ලුහුබඳිමින් සිටින අතරතුර එක්සත් ජනපද සබ්මැරීනය අාක්ටික් මුහුදු පතුලේ අතුරුදන්
වෙනව. ඉතිං අයිස් යට සාගර පතුලේ මිනිසුන් 110ක් සමග අතුරුදන් වුන සබ් එක හොයන්න ජෝ ග්ලාස් ප්‍රමුඛ නවීන
වර්ජිනියා ක්ලාස් සබ්මැරීනයක් වන අාකන්සාස් පිටත් වෙනවා. එ් සමග තත්වය දරුණු අතට හැරිලා අනපේක්ෂිත
යුද්ධයකට මැදි වෙන්නයි ඔවුන්ට සිදුවෙන්නේ. ඉතිං යුද චිත්‍රපටවලට කැමති අයට මේක සුපිරියක් වෙයි. මොකද රේටින්ග්ස්
වලින්ම සලරුවක් මනින්න බැහැනෙ.. 😊😊

hunter killer 2018 sinhala sub

ප්‍රධාන චරිතය හැමෝම දන්න කියන Gerard Butler කැප්ටන් ජෝ ග්ලාස්ගෙ ලෙස රංගනයෙන් දායක වෙනව. තවත්
ජනප්‍රිය නළු නිලියන් රැසක් දායක වෙනව. Donoven marsh අධ්‍යක්ෂණයෙන් දායක වෙද්දි නිශ්පාදකවරු කිහිප දෙනෙක්
සම්බන්ධ වෙනවා, Gerard Butler නිශ්පාදයනටත් දායක වෙලා තියනවා. සලරුව ගැන තවදුරටත් මම විස්තර කරන්න
යන්නෙ නැහැ. අරගෙනම බලන්න. සලරුව ගත්තත් උපසිරැසිය ලැබුනෙ නැති අය ඉන්නව නම් බාගෙන බලන්න. අදටත්
සලරුවේ ටොරන්ට් බොහෝමයක් ගොඩක් හොඳින් වැඩකරනව. එහෙමනම්, හැමෝටම නැවතත් සුභ නව වසරක් ප්‍රාර්ථනා
කරන ගමන් උපසිරැසියෙ හොඳ නරක ගැන සටහනක් දාන්නත් අමතක කරන්න එපා කියල ඉල්ලනවා.

 

ජය..!

hunter killer 2018 sinhala sub

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

2 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සබ් වෙනුවෙන් ස්තූතියි සහෝ! ✊😻👍
    ජය වේවා!💙
    StarDog and TurboCat (2019)
    Deathstroke: Knights & Dragons (2020)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login