The title of the page

Natpe Thunai (2019) Sinhala Subtitles |මිත්‍රත්වයේ වටිනාකම| සිංහල උපසිරැසි සමග |

ඔන්න මමත් මගේ පලවෙනි සබ් එක විදියට 6.5/10 · IMDb ක අගයක් ගන්න සමත් වෙච්ච Natpe Thunai (2019) සලරුව අරගෙන ආවා. මේ මගේ පලවෙනි සිංහල සබ් එක නිසා වඑරදි තියෙනවානම් කොටාගෙන යන්න කෝ. ඊලග එකේ ඒවා හදාගන්න මට උදව්වක් වේවි .  මේ සලරුව අධ්‍යක්ෂණය කරල තියෙන්නේ D. Parthiban Desingu විසිනුයි. නිෂ්පාදනය නම් අපි කවුරුත් අදුනන Sundar C. හා Kushboo යුවලයි. ෆිලුම සදහා සංගීතය Hiphop Tamizha විසින්නි.

Hiphop Tamizha Adhi යි යාළුවො සෙට් එකයි මේ පාරත් සුපිරිම චිත්රපටයක් තමයි කරල තියෙන්නෙ.මිත්‍රත්වයේ වටිනාකම හොදට පෙන්නල තියෙනව. Meesaya Murukku චිත්රපටයෙන් නළුවෙක් විදියට සුදුසුකම අරගෙන කොලිවුඩ් සිනමාවට පිවිසුන Adhi සංගීත වේදියාගෙ දෙවනි අති සාර්ථක චිත්රපටය තමයි මේක. දැන් ඔහු කොලිවුඩ් සිනමාව තුල ඔහුටම ආවේනික ස්ටයිල් එකක් වගේම අනන්‍යතාවයක් තහවුරු කරල ඉවරයි. ඒ වගේම දැන් ඔහු වටා ලොකු ප්‍රෙක්ෂක පිරිසකුත් ඉන්නවා.

ඉතින් Meesaya Murukku චිත්රපටය වගේම මේ චිත්රපටයත් හාස්‍යය රසය සමග ක්‍රීඩාවද එකතු කරල තවත් හොද නිර්මාණයක් බිහි කරල තියෙනවා. ඉතින් මුලින්ම චිත්රපටිය පටන්ගන්නෙ හෙන ඉතිහාස කතාවකුත් එක්ක.
ඒ වගෙම Adhi චිත්රපටය තුල ප්‍රේමවන්තයෙක්ගෙ චරිතයක් තමයි කරන්නේ. ඉතින් Adhi ට චිත්රපටයෙ පල⁣වෙනි සිංදුවෙන් පස්සෙ හොකී ගහන කෙල්ලෙක් ඇගට කාඩා පාත්වෙනව.ඉතින් මේ කෙල්ල පිලිබදව Adhi ට අදහසක් ඇති වෙනවා. ඉතින් ඒ කෙල්ලව සෙට් කරගන්න ආදි ගම රට අත ඇරල ගේමට බහිනවා. ඒක තනිකරම රොමෑන්ටික් හිනාකන ගේමක්. හරියට Meesaya Murukku චිත්රපටයෙ මුල් ටිකේ වගේම තමා.ඉතින් ඔහොම ලයින් එක දාගෙන යද්දි Adhi ට මේ කෙල්ල නිසා හොකී ක්‍රීඩාවේ ඉන්න සෙට් එකක් එක්ක ගැටුමක් ඇති කරගන්නඩ වෙනවා. ඊට පස්සෙ ඉතින් ලොකු ෆැලෑශ් බෑක් එක්ක එලියට පනිනවා.ඔන්න ඔය සිද්දියෙන් පස්සෙ චිත්රපටය සීරියස් වෙන්ඩ පටන්ගන්නවා. හාස්‍යජනක බව අඩු වෙලා තනිකරම හොකී ක්‍රීඩාවට වෙන්වූ චිත්රපටයක් බවට පත්වෙනවා. ඊට පස්සෙ ඉතින් දේශපාලන කේස් එහෙකුයි පිට්ටනියකුයි පටලැවිල කතාව තවත් සංකීර්ණ වෙනවා.මොවුන්ට ජඩ දේශපාල⁣කයෙකුට විරුද්ධව හැප්පෙන්න ක්‍රීඩාවයි යාළුකමයි අවිය කරගන්න වෙනවා. ඉතින් ඔය හැම කේස් එකක් එක්කම ත්‍රාසය භීතිය කුතුහලය හාස්‍යයඑකතුව හොදට ගලපල ගිහිල්ල ක්‍රීඩාවට වෙන්වූ තවත් සුපිරි චිත්රපටයක් විදියට මෙය නිර්මාණයකරල තියෙනව. ඒ වගේම චිත්රපටියෙ සිංදු ටිකත් හොදටම තියෙනව. එව්වත් Hiphop Tamizha ගෙම වැඩ තමා! Morattu Single ඩිස්ටි ඩිඩිං පට්ට

ලිපියේ අයිතිය
සසිත් සදරුවන්
දමිළ සිනමාවෙන්

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

9 comments

  1. Thx sub ekata sub denakan balan hitiye thx

  2. Puluwannam 2 sub widiyata Amar 2019 Kannada movie sub mama kalinuth kiwwa sub ikmanata denneikiyannako

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. Niyamai bro .. sub eka denakam balan hitiye.. Thank you..

    kalavu 2019 sub ekath dennako

  5. sub eka mach venne na ban 900mb copyta synk karalavath mach karanda ba ekata updet ekak diyanko bn

  6. Chrishan De silva

    Cant download the sub

  7. Love Story 2021
    Cast – Chaithanya , Sai pallavi

    Oya film ekt subtitle dennako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login