The title of the page
6.9
98

My Roommate Is a Gumiho (2021) E16 END Sinhala Subtitles | ” මගේ රූම්මේට් ගුමිහෝ කෙනෙක් ” | සිංහල උපසිරැසි සමඟ

My roommate is a gumiho

“මගෙ රූම්මේට් ගුමිහෝ කෙනෙක්”

Information

Hangul  – 간 떨어지는 동거

Hanja – 肝 떨어지는 同居

Genre – Romantic comedy, Fantasy

Created by -Studio Dragon (tvN), iQIYI

Based on – My Roommate Is a Gumiho (webtoon) by Na

Written by -Baek Sun-Woo, Choi Bo-Rim

Directed by – Nam Sung-Woo, Park Joon Hwa

Starring – Jang Ki-yong, Lee Hye-ri, Kang Han-na

Composer – Moon Sang-nam

Country of origin – South Korea

Original language – Korean

No. of seasons – 1

No. of episodes – 16

Executive producer – Jang Jeong-do

Producers – Park Joon-seo, Han Seok-won

Running time – 70 minutes

Production companies – Drama House, Contents Zium, JTBC Studios

Distributor – tvN, iQiyi

Cast – කාස්ට්

Jang Ki young(ජැන්ග් කී යොන්ග්) ශින් වූ යෝ ලෙස.

මිනිසෙකු වීමට අවශ්‍යව ඇති අවුරුදු 999ක් වයසැති ගුමිහෝ කෙනෙක්.

Lee Hye ri(ලී හ්යේ රී) ලී දම් ලෙස.

අත්වැරැදීමකින් ශින් වූ යෝගෙ කිරිගරුඩෙ ගිල්ල විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්,ඇයට කිසි දිනක පෙම්වතෙක් සිට නැත.

Bae In hyuk(බේ ඉන් හ්යොක්) ගේ සොන් වූ ලෙස.

ලී දම්ගෙ විශ්වවිද්‍යාලයේ සිටින ගෑණූ ළමයින් අතර ප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක්. ලී දම් ඔහුව මග අරින නිසා ඔහුට ලී දම් පිළිබදව කැමැත්තක් ඇතිවෙනවා.

Kang Han na(කන්ග් හන් නා) යන්ග් හේ සන් ලෙස.

අවුරුදු 700ක් ගුමිහෝ කෙනෙක්ව සිට පසුව මිනිසෙකු වන ශින් වූ යෝගෙ මිත්‍රයෙක්.

Kim Do wan(කිම් දෝ වන්) දෝ ජේ ජින් ලෙස.

නිතරම තමන්ගෙ පෙම්වතියන්ගෙන් ප්‍රතික්ශේප වේ, අවසානයේදි යන්ග් හේ සන් සමග සම්බන්ධතාවක් ඇති කරගනී.

එහෙනම් කතාව පැත්තට හැරෙමු,

ගුමිහෝගෙයි ලී දම්ගෙයි කතාව පටන් ගන්නෙ අත්වැරදීමකින් ලී දම් ශින් වෝ යෝගෙ කිරිගරුඩෙ ගිල්ලට පස්සෙ. ඉතින් මේ කිරිගරුඩෙ එළියට ගන්න ඕනෙ වෙන නිසා වූ යෝ ලී දම්ට යෝජනා කරනවා කිරිගරුඩෙ එළියට ගන්නකම් දෙන්නා එකට ජීවත් වෙමු කියලා.

” අපි දෙන්නටම දැන් තියෙන්නෙ කිරිගරුඩෙ එළියට ගන්න අරමුණනෙ, ඒ නිසා අපි එකට ජීවත් වෙමු.”

ඉතින් එකපාරටම මම ගුමිහෝ කෙනෙක් ඔයා මගෙ කිරිගරුඩෙ ගිල්ලා ඒ නිසා ඒක ගන්නකන් අපි එකට ජීවත් වෙමු කිව්වාම දම් පුදුම වෙනවා වගේම බය වෙනවා, එකපාරටම තමන්ට හම්බවෙන ආගන්තුකයෙක් එයා ගුමිහො කෙනෙක් කියලා අදුන්වලා දුන්නාම පුදුම වෙන්නෙ නැත්තෙ කවුද.කොහොමහරි අවසානයේදි දම්ට මේ කතාව පිළිගන්න සිද්ධ වෙනවා, වෙනවා නෙමේ ඇය ඒකට සාක්ෂි හැබහින් දකිනවා, ඒ නිසා ඇය ඒක පිළිගන්නවා.

ඔන්න ඉතින් අපේ ගුමිහොයි, ලී දමුයි එක ගෙදර ජීවත් වෙන්න තීරණය කරනවා.කිරිගරුඩෙ තියෙන නිසා ලී දම්ගෙ ශරීරයේ විවිධ වෙනස්කම් ඇතිවෙනවා. මේ කිරිගරුඩෙ ඇගේ ශක්තිය ටිකෙන් ටික උරාගන්නවා. අවුරුද්දක් ඇතුළත කිරිගරුඩෙ ලී දම්ගෙ ශරීරයෙන් එළියට ගන්න බැරි වුනොත් ලී දම් මියයන්න වුනත් පුළුවන්.

මේ දෙන්නා එකට ජීවත් වෙන කාල සීමාවෙදි වූ යෝ ලී දම්ට කොන්දේසි කීපයකුත් දානවා. ඉතින් මේ විදිහට එකට ජීවත් වෙද්දි, ලී දම්ට වූ යෝ ගැන කැමැත්තක් ඇති වෙනවා, නමුත් මෙය නිසා ඇය ව්‍යාකූල වෙනවා, ඒ වගේම ලී දම් දිගින් දිගටම ගේ සොන් වූව මග අරින නිසා ඔහුටද ඇය ගැන කැමැත්තක් ඇතිවෙනවා.

කොහොමින් කොහොම හරි එකට ජීවත් වෙන්න පටන් ගත්තාම ලී දම්ගෙයි වූ යෝගෙයි ජීවිත ගොඩක් වෙනස් වෙනවා, මේ දෙන්නට විවිධ ප්‍රශ්න, අභියෝග වලට මූණ දෙන්න සිද්ධ වෙනවා.

සම්පූර්ණ කතාවටම උපසිරැසි දීලා තියෙන නිසා දැන් මුළු කතාව එක හුස්මට බලන්න පුළුවන්.

එහෙනම් තවත් ලස්සන කතා මාලාවකින් ආයෙමත් හමුවෙමු.

– චතුනිකා මංචනායක –

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


181
Total Subtitles

13 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  2. Thank you.. ❤ ❤

  3. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  4. Thank you මේ කතාව සම්පූර්ණ කලාට ඔයාලා දෙන්නාටම.😍 තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ ඉක්මනින්ම.🤗❤

  5. සබ් එකට බොහෝම ස්තූතියි සිස්! මේ ඩ්‍රාමා එක සම්පූර්ණ වෙනකම් සබ් දුන්නු දෙන්නටම ගොඩාක් ස්තූතියි! තවත් කොරියන් ඩ්‍රාමා එකකටත් ඉක්මණින් සබ් දෙන්න කියලා ඉල්ලනවා. ජය වේවා!

  6. Sub ekata thanx

  7. Sub ekta thanks… Iwara wenakam dunna ekata godak sthuthiy…..

  8. Thank you 🙂
    සබ් එකට බොහෝම ස්තූතියි
    hospital playlist කොරියන් ඩ්‍රාමා එකකටත් පුලුවන්නම් සබ් දෙන්න කියලා ඉල්ලනවා.

  9. THANKS කොරියන් එක දිගට බලද්දී තමා ඇගට , හිතට දැනේනේ. තැන්ක්ස් සබ් කලාට කතාවට.

  10. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  11. Thnku so much

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login