The title of the page
5.6
79

The Sacrifice (2020) Sinhala Subtitles | කුම්සොන්ග් සටන | සිංහල උපසිරැසි සමඟ

(The Sacrifice 2020 Sinhala Sub)

ඔන්න එහෙනම් අද මම ඔයාලට අරගෙන ආවා 2020 චීන බොක්ස් ඔෆිස් වාර්ථා අතරට එක් වුණ විශිෂ්ඨ චිත්‍රපටියක්.චිත්‍රපට ගැන කියන්න ඉස්සෙල්ලා මම මේකට පදනම් වුණ සත්‍ය කතාව කියලා ඉන්නම්.
මේ චිත්‍රපටිය දිවෙන්නේ 1953 කොරියානු යුද්ධයේ අවසාන සටන වෙන කුම්සොන්ග් සටනේ අනු කතාවක් විදිහට.දකුණු කොරියා හා ඇමෙරිකානු හමුදාවන්ට එරෙහිව යුද්ධයට උතුරු කොරියාව චීනයෙන් සහාය ඉල්ලනවා.ඒ ඇති වෙන සටනට යන්ෂාන් පාබල ඒකකට අණ ලැබෙනවා ප්‍රධාන හමුදාවත් එක්ක කුම්සොන්ග් යුධ පෙරමුණට එකතු වෙන්න.එත් යන්ෂාන් ඒකකයට තියෙන ලොකුම බාධාවක් විදිහට කුම්සැන්ග් ගඟ හරස් වෙනවා.ගඟ හරහා පාලමක් ඉදිකරලා තිබුණත් ඒ වෙනකොටත් චීන මහජන හමුදාවත් එක්ක සටන් වදින ඇමෙරිකානු හමුදාවේ ගුවන් බළකායෙන් පාලමට නිතරම ප්‍රහාර එල්ල වෙනවා.මොකද ඒ පාලම නිසා සටනේ ඉරණම තීරණය වෙන්න පුළුවන් නිසා.

ප්‍රහාර මධ්‍යයේ වුණත් තමන්ගේ හමුදාවන්ට ඉදිරි පෙළට ගිහින් සටන් කරන්න චීන සෙබළු තමන්ගෙ ජීවිත පවා පූජා කරමින් මේ පාලම ආරක්ෂා කරන්න කටයුතු කරනවා.අවසානෙදි ඇමෙරිකානු ගුවන් බලකාය පාලම සම්පූර්ණයෙන් විනාශ කරන්න සමත් වෙනවා.ඒ වුණත් චීන භටයින් පාලම බවට තමන් පත් වෙමින් සගයින්‍ට තමන්ගේ කරමතින් ගඟ තරණය කරන්න අවස්ථාව ලබා දෙනවා.චීන හමුදාවන්ගේ මේසා විශාල කැපකිරීම් නිසා අවසානේදි දකුණු කොරියා හා ඇමෙරිකානු හමුදා පරාජයට පත් කරමින් කුම්සොන්ග් සටනේ ජය තහවුරු කරගන්න චීන මහජන හමුදාව සමත් වෙනවා…
චීන සොල්දාදුවන්ගේ නොපසුබස්නා උත්සහාය,කැපකිරීම හා මේ සිදුවීම අළලා නිර්මාණය කෙරුණ චිත්‍රපටිය තමා The Sacrifice 2020 ඔක්තෝම්බර් 23 දින චීන මහජන හමුදාවේ 70 වෙනි සංවත්සරයට සමගාමීව නිළ වශයෙන් තිරගත වීම් ආරම්භ කළ මේ චිත්‍රපටිය IMDb දර්ශකයේ 5.7 අගයක් ලබා ගන්න සමත් වුණා.ඒත් එක්කම මේ වෙනකොට යුවාන් බිලියන 1.12(ඇ.ඩො.මි 178) ක දැවැන්ත ආදායමක් ලබමින් බොක්ස් ඔෆිස් වාර්ථා අතරට එන්නත් මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා.
මිනිත්තු 122 ධාවන කාලයකින් යුක්ත වෙන මේ චිත්‍රපටය Hu Guan, Frant Gwo, Yang Lu යන අයගේ අධ්‍යක්ෂණයක්.ඒ වගේම Yi Zhang(Zhang Fei), Jing Wu(Guan Lei), Jiuxiao Li(Liu Hao), Vision Wei(Yan Rui) යන නළු නිළියන් ප්‍රධාන වශයෙන් මේ චිත්‍රපටියට දායක වෙනවා.ඒවගේම තමා මේ චිත්‍රපටියට,
• IFeng Film and TV Award (2020)
• Iqiyi TV and Movie Award (2020)
• Macau international Movie Festival (2020)
• Shanghai international Film Festival (2021)
• Sir Movie Cultural Entertainment Industry Award (2020)
• Tencent Video TV and Movie Award (2020)
සම්මාන උළෙලවල් වලදී නිර්දේශවීම් හා සම්මාන රැසකුත් ලබාගන්න සමත් වුණා.
එහෙනම් මේ සිනමාපටය නරඹන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.තවත් හොඳ උපැසිරැසියකින් අපි හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HC HDRip /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලක්මිණ රුවිශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලක්මිණ රුවිශාන්

May 8, 2021


94
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  3. Supun Sadeepa
    Cineru Family Member

    😍

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. නියමයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login