The title of the page
9.4
96

The Devil Judge (2021) E07-E08 Sinhala Subtitle | ” යක්ෂ විනිසුරුවා ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම !

ඔන්න අද අපි අරගෙන ආවේ තවත් අලුතින් විකාශනය ආරම්භ කරපු කොරියානු කතාමාලාවක්.පහුගිය ජූලි 03 වෙනිදා tvN නාලිකාවේ ඔස්සේ තමයි මේක විකාශනය ආරම්භ කලේ.ඉතින් මේකෙ සබ් එක ගොඩක් අය අපෙන් ඉල්ලලත් තිබුන.ඉතින් මතක විදියට අපේ සයිට් එකෙන් දුන්න ඩ්‍රාම ගොඩක්ම tvN නාලිකාවේ ගිය ඒවා.ඉතින් ආයෙමත් tvN එකක්ම ගෙනාවා.

The Devil Judge විදියට ඉංග්‍රීසි නමත් කොරියන් භාෂාවෙන් ” අන්ග්මපන්සා – 악마판사 “ විදියට තමයි මේකෙ නම ලැබිල තියෙන්නෙ.සිංහල තේරුම ගත්තොත් ” යක්ෂ විනිසුරුවා ” විදියට තමයි. Action | Mystery | Legal Drama විදියට මේ ඩ්‍රාම එක වර්ග කරන්න පුළුවන්.සම්පූර්ණ ඩ්‍රාම එක කතාංග 16 කින් සමන් විතයි.

The Flower In Prison , Horse Doctor වගේ ලංකාවෙ නාලිකාවල පවා විකාශනය වෙන ඩ්‍රාමත් , Two Week , Children Of Nobody ඩ්‍රාම අධ්‍යක්ශණය කල Choi Jung Gyu තමයි මේ ඩ්‍රාම එක අධ්‍යක්ශණය කරන්නේ.

නලු නිලියො ගැන කතා කලොත් Ji Sung , Kim Min Jung , Park Ji Young , Park Gyu Young සෙට් එක තමයි ප්‍රධාන චරිත වල රංගනයෙන් එක් වෙන්නේ.

• Ji Sung                 – කන්ග් යො හන්  ලෙස ,
• Kim Min Jung    – ජන්ග් සොන් අහ් ලෙස ,
• Park Ji Young     – කිම් ගා ඔන් ලෙස ,
• Park Gyu Young – යුන් සෝ හ්‍යුන් ලෙස,

හරි අපි දැන් කතාව ගැන බලමු..

කොරියාව ලොකු අව්ල් ජාලාවක තියෙන්නේ.මිනිස්සු පාරට බැහැල උද්ඝෝෂණ කරනව තමන්ගෙ නායකයන්ට විරුද්ධව.ගොඩක්ම තමන්ට යුක්තිය ඉටු නොවුන අය සහ නීති පද්ධතිය ගැන අවිශ්වාසයෙන් ඉන්න අය.ඔය අතරේ තමයි  කන්ග් යො හන් විනිසුරුතුමා එන්නේ.ඉතින් මේ හදන්නෙ කවදාවත් නොවුන දෙයක් කරන්න.ඒ තමා උසාවියේ නඩු විභාග කරන එක සජීවි රටටම පෙන්නන්න.හරි වැරැද්ද වෝට් වලින් මිනිස්සුන්ටම ප්‍රකාශ කරන්න පුලුවන් වැඩ පිලිවෙලකුත් එක්ක.ඉතින් පලවෙනි සජීවී නඩු විභාගයට කන්ග් යො හන් ගෙ සහයක විනිසුරුවරු විදියට කිම් ගා ඔන් සහ ඔහ් ජින් ජූ ත් එක් වෙනව.කන්ග් යො හන් අපේ යක්ෂ විනිසුරුතුමා අභිරහස් රැසකින් සමන්විත රටේම ආදරයට පාත්‍ර වුන හරිම ජනප්‍රිය කෙනෙක්.

දැනට මේ ඇති.ඔයාලටම බලාගන්න පුළුවන් ඉතුරු හරිය.
නීතිය රකින්න ඉන්න අයම නීතිය කඩනවද නැත්නම් යුක්තිය රකින්න නීතියෙන් විතරක් බැරිනම් අවනීතියෙනුත් වැඩ කරන්න වෙයිද ?

ඉතින් Law ඩ්‍රාම එකක් උනාට ත්‍රිල් එකක් එක්ක හොඳ විදියට මේ පලවෙනි එපි දෙකම ආවා.ඔයාලත් උපසිරැසි අරගෙන එහෙනම් බලන්න.
ලබන සතියේ ඊලග කොටස් දෙකෙන් හම්බෙමු.

ඔබට ජය ! 

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශාන් ප්‍රියංකර සොයුරාට සහ උචිනි පෙරේරා සොහොයුරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔවුන්ගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

9 comments

  1. Sub ekata thanx

  2. සබ් එකට බොහොම ස්තූතියි…. 🙏🤗

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් දෙන්නටම

  4. සබ් එකට දෙන්නටම ගොඩාක් ස්තූතියි!

  5. මේ සබ් එකට ගොඩක් ස්තූතියි. Tunnel Kdrama Series එකටත් සබ් දෙන්නකෝ.

  6. කවද්ද Ep 9-10 සබ් දෙන්නේ…😊😊

  7. Krishani
    Cineru_users

    Thank you 💐💖

  8. මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login