The title of the page
8.1

My Name (2021) E08 [END] Sinhala Subtitles | “පලිගැනීමේ අවසානය” | සිංහල උපසිරැසි සමඟ

(My Name (2021) E08 Sinhala Subtitles)

Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)

My Name” එහෙමත් නැතිනම් “මගේ නම” Netflix හරහා පසුගිය 15 වෙනි දින විකාශය වූ කොරියානු කතා මාලාවේ අවසානයට තමයි ඇවිත් ඉන්නේ. මුලින්ම අපි කතාවේ චරිත ටික හඳුනගෙන ඉමු.

මෙහි ප්‍රධාන චරිත ලෙස,

The World of Married (2020) සහ Nevertheless  (2021) කතාමාලාවන්ගෙන් ප්‍රසිද්ධියට පත් වූ

Han So Hee – යුන් ජී-වු(ඕ හ්යේ-ජින්) ලෙසත්,

Ahn Bo Hyun – ජොන් පිල්-දෝ ලෙසත්,

Park Hee Soon – චෝයි මූ-ජින් ලෙසත්,

රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර සෙසු චරිත ලෙස,

Kim Sang Ho – චා ගි-හො
●  Lee Hak Joo – ජුන්ග් ටේ-ජූ
Jang Yool – දෝ කන්ග්-ජේ

රංගනයෙන් එක්වෙයි.

කතා සාරාංශය :

ජී-වූ දොන්ග්චොන් කල්ලියේ මැරයෙක් වෙන දොන්ග්-හුන්’ගේ දියණිය. ඇගේ උපන්දිනයට දොන්ග්-හුන් ඇයව බලන්න එනවා, ඒ ආවහම හිතපුවත් නැති විදිහට දොන්ග්-හුන් ඝාතනය වෙනවා.

තමන්ගේ පියාගේ මරණයට වගකියන්න ඕනි පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය නාශක අංශයේ කණ්ඩායම් නායකයෙකු වන චා ගි-හෝ යැයි සිතා ජී-වූ දොන්ග්චොන්’හි නායකයා චොයි මූ-ජින්ගෙන් උදව් ඉල්ලනවා ඇයගේ පලි ගැනීම සම්පූර්ණ කරගැනීමට.

චොයි මූ-ජින්ගේ උදව්වෙන් ජී-වූ, ඕ හ්යේ-ජින් ලෙස නම වෙනස් කරගෙන පොලිස් නිලධාරිනියක් බවට පත්වෙනවා. එහිදී ඇයට මුණ ගැසෙන අනිත් පරීක්ෂකවරයා තමා ජොන් පිල්-දෝ.

පොලීසිය ඇතුලේ ඉඳගෙන ජී-වූ චොයි මූ-ජින්’ගේ ඔත්තුකාරියක් විදිහට චා ගි-හෝ, මූ-ජින්ව අල්ලගන්න දාන හැම උගුලෙන්ම මූ-ජින්ව බේරගන්නවා. හැබැයි හැමදේම වෙනස් වෙන්නේ දෝ ගන්ග්-ජේගේ නැවත පැමිණීමත් එක්ක. ඔහු දොන්ග්චොන්හි හිටපු මැරයෙක් වගේම ජී-වූගේ පරණ හතුරෙක්. මූ-ජින්ගෙන් පලිගන්න තියෙන උවමනාවට ගන්ග්-ජේ ජී-වූව මරන්න උත්සාහ කරනවා හැබැයි මූ-ජින් ඇවිත් ජී-වූව බේරගන්නවා.

දේවල් ඒ විදියට වෙද්දි ජී-වූ දැනගන්නවා එයාගේ තාත්තා පොලීසියේ කියලා ඉතින් ඒ ගැන ඇය මූ-ජින්ගෙන් අහනවා. ජී-වූ ඇත්ත දැනගත්ත නිසා මූ-ජින් තීරණය කරනවා ඇයට ගිහෝව මරන්න බෑ කියලා. ඒ නිසා ඔහු ජුන් ටේ-ජුට බාරදෙනවා ගිහෝව මරන්න කියලා. හැබැයි ටේ-ජුට ගිහෝව මරන්න බැරි වෙනවා. එතනට එන ජී-වු දැනගන්නවා එයාගේ තාත්තා දොන්ග්-හුන් පොලීසියේ රහස් ඔත්තුකාරයෙක් විදිහට දොන්න්චොන් කල්ලියට බැඳුන කෙනෙක් කියලා.

ඉතින් මේ විදිහට මුල ඉඳන්ම තමන්ව මූ-ජින් රවට්ටලා කියලා තේරුම් ගත්ත ජී-වූ මොනවා කරයිද, ඒක ඔයාලා අද කොටසින්ම බලන්න. ඇත්තටම ගොඩක් දුක හිතෙන සිදුවීමක් වෙනවා. ඒත් ඒක තමයි මේ වගේ ක්ෂේත්‍ර වල ඉන්න අයට අත්වෙන ඉරණම. කතාව බලන්නකෝ එහෙනම්.

ඒ වගේම මේ කතාමාලාවේ ලස්සන ගීත කිහිපයකුත් තියෙනවා. ඔයාලාට හොයලා බලන්න පුලුවන් වෙන්න මං ඒ ටිකත් සඳහන් කරන්නම්.

01. Hwang Sang Jun (황상준) – My Name (Feat. Swervy, Jeminn)

02. Hwang Sang Jun (황상준) – Mediocre Life (Feat. Pre-holiday)

03. Park Eun Ji (박은지) – Alone

04. Lee Tae Hyun (이태현) – Chasing lost memories

05. Lee Aram (이아람) – Shadow

06. Sang Woo Ma (마상우) – Decision

07. Hwang Sang Jun (황상준) – My Name (Acoustic Guitar ver.)

08. Park Eun Ji (박은지) – Confusion

09. Lee Aram (이아람) – Duel

10. Sang Woo Ma (마상우) – I was on to you

11. Sang Woo Ma (마상우) – Fighter

12. Lee Tae Hyun (이태현) – In my Mind

13. Park Eun Ji (박은지) – Empty

14. Seung Jae Yeom (염승재) – Remembrance

15. Lee Aram (이아람) – Force

16. Lee Aram (이아람) – Nightmare

17. Lee Tae Hyun (이태현) – Lost Control

18. Lee Tae Hyun (이태현) – Undercover

19. Park Eun Ji (박은지) – Training

20. Hwang Sang Jun (황상준) – Port City

ඒ වගේම විශේෂ ස්තූතියක් කරන්න ඕනි උචිනි පෙරේරා අක්කට. මේ කතාවට උපසිරැසි ගන්වන්න මටත් කතා කරපු එකට. ඒ වගේම හැම කොටසක්ම එනකම් බලන් හිටපු ඔයාලටත්  ගොඩක් ස්තූතියි. තවත් මේ වගේ ලස්සන කතාවකට උපසිරැසි අරගෙන මමයි උචිනි අක්කයි එනකම් හැමෝම පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමෝටම.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මේධවී ෆර්නෑන්ඩස් සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මේධවී ෆර්නෑන්ඩස්

June 29, 2021


27
Total Subtitles

19 comments

  1. මේ සීරිස් එකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි.❤🔥
    නොවෙම්බර් මාසෙ එන්න තියන HELLBOUND කොරියන් සීරිස් එකටත් සබ් දෙන්න.

  2. දෙන්නටම ගොඩක් ස්තුතියි..🔥😘

  3. සුපිරි කතාව. THANKS සබ් එකට.පුලුවන් උනොත් POLICE UNIVERSITY කොරියන් ඩ්‍රාමා එකටත් සබ් දෙන්න.

  4. Sahan Sulakkhana Subasinghe

    සබට තැන්ක්ස් සිස්

  5. නියමයි👌 උපසිරැසියට ගොඩාක් තෑන්ක්ස් 👍😃
    ᎫᏆᎡᏆՏᎪΝ එකටත් ආපු ගමන් දෙමු🙃

  6. Niyamai Maru Maru..
    Ekath Complete..
    Thank You..

  7. ගොඩාක් ස්තුතියි මේ ලස්සන කතාව අවසන් වෙනතුරු අරගෙන ආවාට

  8. නියමයි. තැන්ක්ස් දෙන්නටම ඉක්මනින් සබ් එක දුන්නට. ගොඩක් කොරියන් කතා මුල් ටික හොදයි අන්තිම වෙද්දි කම්මැලි ගතියක් එනවා. හැබැයි මේ කතාව මුල ඉදලම අන්තිම කොටස දක්වාම ⁣පලමු කොටසේ තිබ්බ රසම, ගැම්මම තියෙනවා. තවත් අලුත් කොරියන් කතාවක් දෙන්න දෙන්නටම අයිත් තැන්ක්ස්

  9. Shan Shenow
    Cineru Family Member

    සබට තෑන්ක්ස් 🧡

  10. Niyamay
    Thanks both of you
    Thanks Cineru team

  11. Sub ekata thanx

  12. BOHOMA STHUTHI KATHAWA IWARA WENAKAN IKMANIN DUNNATA, JAYA WEWA!!

  13. dennatama thanks hode…ikmnt ikmnt sub eka di gena aawa…daanakan hitiye balanna…onna ehenam api yanoo balanna…ayeth thanks dennatama…

  14. tnx dennatama me supiri series eka genaawata

  15. Thanx dabala🙂🙂🧡🧡

  16. Thank you දෙන්නාටම ❤😍

  17. Krishani
    Cineru_users

    Thank you 💖💐

  18. සුපිරි වැඩක් ගොඩක් ස්තූතියි❤❤❤❤

  19. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් කරපු සෙට් එකටම..
    ආදරෙයි 😜

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login