Native Title: 마이 네임
Also Known As: Nemesis , Undercover , Mai Neim ,Maineim , Nemesiseu , Eondeokeobeo , 네메시스 , 언더커버Director: Kim Jin Min
Screenwriter: Kim Ba Da
Genres: Action, Thriller, Crime
Country: South Korea
Type: Drama
Episodes: 8
Airs: Oct 15, 2021
Airs On: Friday
Original Network: Netflix Netflix
Duration: 50 min.
Content Rating: 18+ Restricted (violence & profanity)
කොරියානු කතාමාලාවන්ට ඇලුම් කරන රසිකයින්ව උමතු කරවන විදිහේ කතාමාලාවන් විකාශය වෙමින් පවතින සහ විකාශය වීමට නියමිත මාසයක් විදිහට මේ ඔක්තෝබර් මාසය හඳුන්වන්න පුලුවන්. ඉතින් ඒ විදිහට Netflix හරහා පහුගිය 15 වෙනි සිකුරාදා දින විකාශය ආරම්භ වූ තවත් ත්‍රාසජනක කොරියානු කතාමාලාවක් තමයි ‘My Name’ නැතහොත් ‘මගේ නම’. මෙයට ලැබී ඇති කොරියන් නාමය වන්නේ ‘Nemesis’ යන නාමයයි. මෙම කතාමාලාව Kim Jin Min අධ්යක්ෂවරයා විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර Kim Ba Da විසින් තිර රචනය සිදු කර ඇත. මෙය Action / Crime / Triller යන ශානර වලට වර්ග කර ඇත. කොටස් 8 කින් සමන්විත මෙම කතාමාලාවේ එක් කොටසක් මිනිත්තු 50 ක කාලයක් පුරාවට ධාවනය වෙයි. තවද මෙහි ප්රචණ්ඩත්වය සහ අසභ්‍ය වචන ඇතුලත් වෙන බැවින් මෙය අවුරුදු 18+ ට ඉහල පුද්ගලයන්ට නිර්දේශ කර ඇත.
මෙහි ප්‍රධාන චරිත ලෙස,
The World of Married (2020) සහ Nevertheless (2021) කතාමාලාවන්ගෙන් ප්‍රසිද්ධියට පත් වූ
● Han So Hee – යුන් ජී-වු ලෙසත්,
● Ahn Bo Hyun – ජොන් පිල්-දෝ ලෙසත්,
● Park Hee Soon – චෝයි මූ-ජින් ලෙසත්,
රංගනයෙන් දායකත්වය ලබාදෙන අතර සෙසු චරිත ලෙස,
● Kim Sang Ho – චා ගි-හො
● Lee Hak Joo – ජුන්ග් ටේ-ජූ
● Jang Yool – දෝ කන්ග්-ජේ
රංගනයෙන් එක්වෙයි.කතාව පැත්තට ගියොත්,
තම පියාගේ ඝාතනයෙන් පසුව පිළිගැනීමේ පිපාසයෙන් ඉන්නා තරුණියක් වන යුන් ජී-වූ බලවත් අපරාද නායකයෙක් විශ්වාස කර ඔහුගේ මගපෙන්වීම යටතේ ඇය පොලිස් කාර්යාංශයට ඇතුලත් වෙනවා. සංවිධාන අපරාධ කල්ලියක සාමාජිකාවක් වන යුන් ජී-වූ පොලිස් නිලධාරිනියක් ලෙස ඇගේ හදවතේ ඇති සීතල පලිගැනීම දියත් කරනවා. යුන් ජී-වූ’ට පොලිස් නිලධාරිනියක් ලෙස රහසිගතව පිලිගැනීමට ඉඩ සලස්වා දෙන්නේ කොරියාවේ මත්ද්‍රව්‍ය සුරපුරයේ ලොක්කා වෙන චෝයි මූ-ජින්’ . ජොන් පිල්-දෝ, මත්ද්‍රව්‍ය කාර්ය නාශක ඒකකයේ පරීක්ෂකවරයෙක්. ඔහු නීතියට ඇලී සිටින පරීක්ෂකවරයෙක් වන අතර යුන් ජී-වූ ගේ පොලිස් සහායකයා වන්නේද ඔහුයි. මත්ද්‍රව්‍ය කාර්ය නාශක ඒකකයේ ප්‍රධානියා වන චා ගි-හෝ සහ චෝයි මුන්-ජින් දීර්ඝකාලීන හතුරන් ලෙස ඔවුන්ගේ සම්බන්ධය පවත්වාගෙන යයි. චා ගි-හෝ ඔහු විශ්‍රාම යෑමට ප්‍රථම චෝයි මූ-ජින්’ගේ අපරාද කල්ලිය විනාස කරන බවට දිව්රුම් දීල තියෙනවා. මත්ද්‍රව්‍ය කල්ලියේ සිටින චෝයි මුන්-ජී’ගේ වඩාත් විශ්වාසදායි හෙංචයියා වෙන්නෙ ජුන්ග් ටේ-ජින් . දෝ කන්ග්-ජේ මත්ද්‍රව්‍ය කල්ලියේ හිටපු සාමාජිකයෙක් වන අතර කල්ලියට ප්‍රශ්න ඇතිකිරීම හේතුවෙන් කල්ලියෙන් නෙරපා හැරීම ගැන කෝපයෙන් ඔවුන්ගෙන් පලිගන්න ඉන්න තවත් මැරයෙක්.
ඉතින් මේ සමාජිකයින් එක්ක යුන් ජී-වූ කොහොම ගැටෙයිද? ඒකට අපි කතාව බලලාම ඉමු.
ඔයාලාට මේ කතාමලාවේ උපසිරැසිය අරගෙන එන්නේ මමයි උචිනි පෙරේරා අක්කයි, අපේ උපසිරැසි වල හොඳ නරකත් අපිට කියන්න කියලා ඉල්ලන ගමන්ම මේ වගේ තවත් හොඳ කතා මාලාවන් සිංහල උපසිරැසි සමඟ භාගත කරගැනීමට සහ ඔන්ලයින් නැරඹිය හැකි ආකාරයට සේවාවක් සපයලා තියෙන අපේ වෙබ් අඩවිය සමග දිගටම රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා.
– මම මේධාවී ෆර්නැන්ඩස්
කතාව කොයි වගේද කියලා ඔයාලා දැන ගත්තනෙ.මේ පළවෙනි කොටස ගැන සැකෙවින් විස්තරයක්. යුන් ජී වූගෙ තාත්තා මැරයෙක්. ඒ හේතුව නිසා එයාට පාසලේදී වගේම පාසලෙන් එළියෙදිත් කරදර විඳින්න සිද්ධවෙනවා. තාත්තා ඉන්නෙ කොහෙද කියලවත් දන්නෙ නැති වෙලාවක තාත්තගෙන් කෝල් එකක් එනවා. ජී වූ තාත්තා එවලෙම තීරණයක් ගන්නවා තමන්ට තමන්ගෙ දුවව බලන්න යන්න ඕනෙ කියලා. ඉතින් වෙන්නෙනම් ලොකූ කනගාටු දායක දෙයක්. ඊට පස්සෙ එයාට ඕන වෙනවා තමන්ගෙ තාත්තගෙ මිනීමැරුවා හොයාගන්න. ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නෙ.
ඔයාලා වෙනුවෙන් අපි දෙන්නම එකතු වෙලා උපසිරැසි අරගෙන එනවා. ඉතින් කතාව බලන්න. කලින් කිව්වා වගේම පාඩු තියෙනවනම් ඒවත් අපිට කියන්න.
ස්තූතියි
– මම උචිනි පෙරේරා
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Thnx for sub
නියමයි👍 ගොඩාක් තෑන්ක්ස් 🙂
මෙක නියමයි කතාව. ඉක්මනින් ඔනේ ඉතුරු කොටස් ටික
Maru maru..
Niyamai digatama demu..
Thank you..
තෑන්ක්ස් සබ් එකට
Sub ekata thanx
Thanks sub ekat ❤️ EP 4 ekath ikmata dnnoo 🙂
Thank you 💖💐