The title of the page
7.4
74
83

Locke & Key (2022) S03E05 Sinhala Subtitles | “වැටලීම” | සිංහල උපසිරැසි සමඟ

(Locke & Key (2022) S03E04 Sinhala Subtitles) (Locke & Key  S03 Sinhala Subtitles) (Locke & Key  Sinhala Subtitles)
ආයුබෝවන් හැමෝටම…ඉතිං අදත් ආවා යතුරු මන්දිරේ වික්‍රමයන්වල තුන්වෙනි දිග හැරුමට…
ඉතිං Locke & Key ඔයාලගෙන් සමහරක් රසවිදපු කතාමාලාවක්…ඒ නිසාම ගොඩක් දෙනාම මෙහි තුන්වෙනි කතාසමයට සිංහල උපසිරැසි ඉල්ලලා තිබුණා සහ මේ කතාව කලින් කරපු සහෝදරයා ගෙ කාර්‍යබහුලත්වය මත මමම බාරගත්තා ඔයාලට කතාමාලාව රැගෙන එන්න.
ඉතිං Locke & Key Netflix හරහා 2020 නිකුත් වුන කතාමාලාවක්…IMDB අගය 7.4/10 ගන්න සමත් වෙලා තියනව…ඒ වගේම පළමු කතාසමය 2020 පෙබරවාරි 7 නිකුත් වෙලා තියනව…දෙවන කතා සමය…2021 ඔක්තෝබර් 22 ත් තුන්වෙනි කතාසමය 2022 අගෝස්තු 10 නිකුත් වුනා…එපිසෝඩ් අට බැගින්…
ඉතිං එහෙම නිකුත් වුන කතාමාලාවෙ Season 3 Episode 5 එකටයි මම අද උපසිරැසි ගෙනාවේ…

අද එපිසෝඩ් එකෙන්,

ඉතිං ඩොජ් බෝඩිගෙ ඇගේ ඉදන් දැන් යතුරු හොයාගන්න උත්සාහයක ඉන්නෙ,ඩොජ් නිසා ඇතිවුන බෝඩීගෙ අමුතු හැසිරීම නිසා නීනා බෝඩීගෙ කාමරේ ඉන්නකොට ඩොජ් ගෙ මිනිය දකිනවා,ඊට පස්සෙ එතකොටම බෝඩිත් එයාගෙ කාමරේට එනකොට අම්මව දකිනවා,ඉතිං අම්මා බෝඩී කියන්නෙ ඩොජ් කියල අදුර ගනියි ද?…ඩොජ් ඒක නිසා නීනටයි පවුලෙ අයටයි කරදරයක් කරාවිද…මොනා වෙයිද කියල ඔයාලම බලන්නකෝ…

කලින් එපිසෝඩ් එකෙදි ඉල්ලුවා වගේම කොමෙන්ට් අපේ කට්ටිය කීප දෙනෙක් දාල තිබ්බා…තව කොමෙන්ට් නොතිබ්බ කියපු පෝස්ට් එකත් හොයාගෙන ගිහිල්ලා කොමෙන්ට් කරල තිබ්බා සහෝදරයෙක්…ඒ හැමෝටම බොහොම ස්තූතියි…ඉතිං මේ එපිසෝඩ් එකත් බලල කොමෙන්ට් එකක් දාන්න අමතක කරන්නෙපා..

එහෙනම් අදට අපි ගියා…ඉක්මනින් ම අනික් එපිසෝඩ් එකෙන් හමුවෙමු..
ඔබට ජය!
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


77
Total Subtitles

4 comments

  1. ඊලග එක ඉක්මනට දාන්න thanx ❤️❤️

  2. thanks machan

  3. Thanks…….good luck……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login