The title of the page
Lawless Lawyer 2018 Sinhala Sub
Lawless Lawyer 2018 Sinhala Sub
7.2
96

Lawless Lawyer (2018) E1 Sinhala Subtitles |නීතියක් නැති නීතිඥයා| සිංහල උපසිරැසි සමග

(Lawless Lawyer 2018 Sinhala Sub) ඔන්න යාලුවනේ මම අද මගේ පළවෙනි උපසිරැසිය විදියට ගෙනාවෙ Lawless Lawyer කියල කොරියන් කතාවක්.මේක 2018 අවුරුද්දෙ නිකුත් වුණ Action,Drama,Thriller ගනයට අයත් වෙන IMDB 7.2/10 ක අගයක් අරගෙන තියන කතාවක්.මේකෙ ප්‍රධාන චරිතය වන බොන්ග් සන්ග් පිල් ගෙ චරිතය රඟපාන්නෙ කොරියන් කතා බලන අය ගොඩක් බලල තියන Moon Lovers Scarlet Heart Ryeo කතාවෙ වන්ග් සෝ කුමාරයට රඟපාන Lee Joon Gi.

මොහු රඟපාපු තවත් ප්‍රසිද්ධ කතා මාලා කීපයක්.

  • Iljimae
  • Two Weeks
  • The Scolar Who Walks The Night

ඒ වගේම මේකෙ තවත් ප්‍රධාන චරිතයක් ඉන්නව නීතිඥ හා ජේ යී කියල. එයා මම දන්න තරමින් වෙනත් ප්‍රසිද්ධ කතාවල රඟපාල නෑ.එයාගෙ නම සෝ යෙ ජි.එයා හැබයි බෝනික්කියෙක් වගේ අක්ක කෙනෙක්,

එහෙනම් මම කතාව ගැන පොඩ්ඩක් කියන්නම්.බොන්ග් සන්ග් පිල් කියන්නෙ සෝල් වල ඉන්න දක්ශ නීතිඥයෙක්.ඒ වගේම එයාගෙ මාමා සෝල් වල ඉන්න ලොකුම මැර කල්ලියක නායකයෙක්.දවසක් මෙයාට නන්නාදුනන කෙනෙක්ගෙන් පොඩි පොතක් හම්බවෙනව.ඊට පස්සෙ එයා ගිසුන්ග් නගරයට යන්න තීරණය කරනව නීතිඥ කාර්‍යාලයක් දාන්න.එයාගෙ අතීතයත් එක්ක ගිසුන්ග් වල ලොකු සම්බන්ධයක් තියනව.ඒ අතරෙ හා

ජේ යී නීතිඥ වරියට මාස 6ක වැඩ තහනමක් ලැබෙනව විනිසුරුවරයෙකුට උසාවියෙදි පහර දීපු නිසා.එයත් ඊට පස්සෙ යන්නෙ ගිසුන්ග් වලට.එයාගෙ තාත්ත ජීවත් වෙන්නෙ ගිසුන්ග් වල නිසා.බොන්ග් සන්ග් පිල් පොඩි ප්ලෑනක් ගහල හ ජේ යී ව එයාගෙ ළඟ මැනේජර් කෙනෙක් විදියට වැඩට ගන්නව.ඉන් පස්සෙ එයා මුලින්ම යන්නෙ ගිසුන්ග් වල ඉන්න දක්ශම නීතිඥයා බාරගත්ත නඩුවක් හොරකම් කරගන්න.මේකෙ මට කියන්න බැරි වුණු තවත් ප්‍රධාන චරිත දෙකක් ඉන්නව ඒ තමයි අන් ඕහ් ජු සහ විනිසුරු චා මුන් සුක්.ඒ දෙන්න ගැනත් කියන්න ගියොත් ලිපිය තව ගොඩක් දිග වෙනවා.බොන්ග් සන්ග් පිල් ගිසුන්ග් වලට සම්බන්ද වෙන්නෙ කොහොමද? එතකොට එයා හා ජේ යි ට සම්බන්ධ වෙන්නෙ කොහොමද? අනිත් ප්‍රධාන චරිත දෙක මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියල දැනගන්න කතාව බලන්නම වෙනව.

ප.ලි. – මේක මගේ පළවෙනි උපසිරැසිය වගේම පළවෙනි ලිපිය.මම ලිපි ලියන්න දන්න කෙනෙක් නම් නෙවෙයි.ගොඩ කාලයක් තිස්සෙ TV Series බලන පිස්සෙක් හැබයි මම.මේ සීරීස් එක මම එක හුස්මටම බලල ඉවර කරපු එකක්.ලිපියෙන් මේක හොඳයි කියල හිතෙන්නෙ නැත්නම් මේ පළවෙනි එපිය අරන් බලන්න.ඉන් පස්සෙ සුපිරියක් කියල ඔය හැමෝටම තේරෙයි.මේක නීතිඥයො සම්බන්ධ සීරීස් එකක් වුණාට වලි ගොඩක් තියනව.ඒ වගේම බොන්ග් සන්ග් පිල්ගෙ අතීත කතාව සෑහෙන දුක හිතෙන එකක්.එහෙනම් කොරියන් කතා බලන්න කැමති හැමෝටම Lawless Lawyer බලන්න කියල ආරාධනා කරනව.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිල්ෂාන් සඳරුවන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිල්ෂාන් සඳරුවන්

June 18, 2020


13
Total Subtitles

15 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍.. නවත්තන්නෙ නැතුව දිගටම සබ් දෙන්න මේකට, ඒ වගේම දිගටම සබ් කරන්න සුබ පතනවා පලවෙනි සබ් එකට 👊👊👊..
    ජය වේවා.!

  2. supiri. korean tama den balanne. tanx. love seen tiyena korean katawakatat sub denna.. ewa tama ada ada balanna puluwan . tanx

  3. ane ithuru tikth dennko

  4. digatama denna

  5. පට්ට කොල්ලෝ

  6. උබ කිවිවා හරි එ අක්කා බොනික්කෙක් වගෙ තමයි හැබැයි තව ටිවි සිරියස් තුන හතරකම ඉන්න වා

  7. ස්තූතියි ඉතුරු කොටස් ටිකත් ඉක්මනින් දෙන්නකෝ.

  8. 8 passe tikth dennako

  9. Sub ekata thanx

  10. මේක බලන්නෙ කොහොමද?

    • වීඩියෝ පිටපත් කියන තැනින් ඩවුන්ලෝඩ් කරගන්න ෆිල්ම් එක..

  11. Meke ithuru sub tik denn puluwnd

  12. මේකට ගැලපෙන වීඩියෝ පිටපත් දාන්නකෝ

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  14. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login