The title of the page
The Casino 2020 Sinhala Sub
The Casino 2020 Sinhala Sub
5.1

The Casino (2020) Complete Season 01 Sinhala Subtitles |කැසිනොව| සිංහල උපසිරැසි සමග

ආයුබොවන් යාලුවනේ! හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.කොරෝනා නිසා අලුත් Films,Tv series එහෙම එනවා අඩුයි නේද? අද ඔයාලගේ කම්මැලි කම යන්න බලන්න හොද Thriller ගණයේ Tv series එකකට අපේ සිනේරු කණ්ඩායම සිංහල උපසිරැසි ලබා දෙන්න තීරණය කරා.ඒ තමයි Casino (2020) tv series එක,මේ කතා මාලාව ගැන කියනවනම්,මේක Thriller ගණයේ ඉන්දියානු Mini tvseries එකක්.IMDb Rate එක 4.8 ක් ලබා ගන්න සමත් වෙච්ච හොඳ කතාමාලාවක් ලෙස කියන්න පුලුවන්.(The Casino 2020 Sinhala Sub)

මේ Casino (2020) කතා මාලාවට Pooja banerj,Karanvir Bohra,Mandana Karimi,Sudhanshu Pandey, Aindrita Ray වැනි ඉන්දියානූ නවක හා ප්‍රවීන රංගන ශිල්පීන් ගණනාවක් රංගනයෙන් දායක වෙනවා. හරි දැං අපි මේ Casino (2020) කතාවේ Story එක මොකක්ද කියලා පොඩි අදහසක් අරගනිමු.හරි කතාව පටන් ගන්නේ මෙහෙමයි .මෙක ගොඩක් සල්ලි එහෙම තියෙන නිහතමානී,සරල විදියට ජිවත් වෙන කොල්ලෙක්ගේ කතාවක්,මේ  පිරිමි ලමයා තමන්ගේ තාත්තගේ බිලියනගානක් වටින කැසිනෝ එකේ උරුමක්කාරයා වෙනවා.මේ කොල්ලගේ අම්මා හදිසියේම මැරෙන නිසා ,තාත්තා මානසික වශයෙන් දුර්වල වෙනවා මේ වෙලාවේ තාත්තගේ පවුලේ විස්වාසවන්ත මිතුරෙක් විදියට කාන්තාවක් මේ පවුලට ලං වෙනවා..මේ කාන්තාව අන්තිමේදි මේ කොල්ලගේ තාත්තවත් මරනවා පස්සේ මානසික වශයෙන් අර තරුණ කොල්ලව වට්ටලා බිලියන ගණනක දේපල තමන්ගේ හිතුමතේට මේ කාන්තාව පාලනය කරන්න ගන්නවා.

ඒ විතරක් නෙවෙයි මේ කොල්ලට තාත්තගෙන උරුම වෙච්ච කැසිනෝ එක එහෙම පාලනය කරේ මේ කියන කාන්තාව තමන්ගේ හිතුමතේට.මේ කොල්ලා මේ කාන්තාව අතේ නැටවෙන රූකඩයක් බවට පත්වෙනවා..හරි තව ඉස්සරහට කතාව කිව්වොත් අගයක් නැති වෙනවා හොද ඇක්සන් ටිකකුත් මේ කතාමාලාව තුල බලාගන්න පුලුවන් වෙනවා.හරි වැඩිය කතාව අදින්නැතුව කතාව ගලාගෙන යනවා.කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් හොඳ කතාමාලාවක් කියලා කියන්න පුලුවන් episode 10යි තියෙන්නේ හරි එහෙනම් හැමොටම බලන්න කියලා ආරාධනා කරනවා.සිනේරු කණ්ඩායමේ තවත් මේ වගේ කතා මාලාවකට උපසිරැසියක් අරන් නැවැත එනකම් පරිස්සෙමෙන් ඉන්න .👌🙏

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


253
Total Subtitles

6 comments

  1. Sthuthi Cineru Team

  2. Thanks jayawewa…..!

  3. Ashen (චූටි❤️👌)
    Cineru Family Member

    නියම වැඩක් ❤️👌

  4. චානක තිලංක
    Cineru Family Member

    ස්තූතියි සහෝලා ඉක්මනටම එපි 10 ඕනේ, හැමෝම අරන් බලන්න කැමති වන පට්ට ෂෝ එකක් මේක.

  5. සේරම දීලා තියෙන්නෙ මචං..කම්පීල්ට් සබ් එක ඕක..

  6. 1.4Gb sinhala sub eka nadda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login