The title of the page
92

Kluen CheeWit (2017) S01E13-15 [END] Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit (2017) S01E13-15 [END] Sinhala Subtitles)

ආදරය, එහෙමත් නැත්නම් ප්‍රේමය වෛරයකට හැරෙන හැටි තමයි අපිට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ…. මේ ලෝකේ ගත්තොත් ලෝකේ පුරාම එවන් උදාහරණ තමයි අහන්න, දකින්න ලැබෙන්නේ… නමුත්, වෛරයක් ආදරයකට පෙරළෙනවා ද? එහෙම පෙරළෙන්න පුළුවන් ද? මමත් ඒක නම් විශ්වාස කළේ නෑ… හැබැයි, ඒක වෙන්න පුළුවන්…. ඒකට හොඳම නිදසුනක් තමයි, Kluen Cheewit නමින් රචිත තායි කෘතියක් ඇසුරින් Aew Ampaiporn Jitmaingong නම් අධ්‍යක්ෂිකාව විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ Kluen Cheewit තායි කතා මාලාව…

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන තම පෙම්වතියට යුක්තිය ඉෂ්ට කරන්න කටයුතු කරන නීතිඥයෙකු එම අනතුර සිදුකළ ජනප්‍රිය නිළියකගෙන් දිගින් දිගටම පළිගැනීමත්, අවසානයේදී එම පළිගැනීම පසෙකලා එම අනතුර සිදු කළ තැනැත්තිය සමගින්ම ආලයෙන් වෙළෙන අන්දමත් තමයි මෙම කතා පුවතේ ප්‍රධානතම පසුබිම වන්නේ… කතාංග 14 ක් සමග මම ඒ ඒ කතාංගයේ සිදුවෙන ප්‍රධාන සිදුවීම් ඔයාලාට මගේ ලිපි වලින් ලිව්වා… නමුත් අවසාන කතාංගය ගැන නම් මම අද කිසිම සටහනක් තියන්නේ නෑ….

ඒ වෙනුවට මම අද විශේෂ සටහනක් තියන්නයි යන්නේ…

මේ කතා මාලාවට මා ද ඇතුළුව ගූගල් පරිශීලකයන්ගේ 92% ක මනාපයක් ලැබී තිබෙනවා… එවන් අගයක් ගන්න තරම් මොකක් ද මේ කතා මාලාවේ තියෙන විශේෂත්වය… එක හේතුවක් නම් කියන්න අමාරුයි…. ප්‍රධාන නළුවා සහ නිළිය ඇතුළුව සමස්ත Cast එකත් තිර පිටපතේ සිට අධ්‍යක්ෂණය දක්වා සිටින සමස්ත Back Set එකේ පරිශ්‍රමයත් Kluen Cheewit හී සාර්ථකත්වයට හේතු වෙන්න ඇති…. ඒ වගේම Prin Suparat සහ Urassaya Sperbund ගේ Chemistry එකත් ඊට ප්‍රධානම හේතුවක් වෙනවා… කතා මාලාව නැරඹුවා නම් මං මේ කියන Chemistry එක මොකක් ද කියලා ඔයාලාටම වැටහේවි… ඒ වගේම ප්‍රධාන නළු නිළි දෙපළ වගේම සහය නළු නිළියන්ගෙන් ලැබිච්ච Support එකත් ඒ සාර්ථකත්වයට හේතුවක් වෙන්නම ඇති…

හොඳ නිර්මාණ කවදත් හදවතින්ම අගය කරන කෙනෙක් විදියට මට මේ කතා මාලාවට උපසිරැසි එක් කිරීමට ඇත්තටම පුදුම කැමැත්තක් තිබුණේ… (මේ කතා මාලාව මගේ අතට පත් කරපු මගේ හොඳම යාළුවො දෙන්නෙක් වත් මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා…❤) ඉතින් මගේ රැකියාවත් කරන ගමන් ජූනි 26 වෙනිදා ඉදන් ඔක්තෝම්බර් පළවෙනිදා ඒ කියන්නේ අද තමයි මං සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි නිර්මාණය කරලා අවසන් වුණේ… පැය දෙකකට ආසන්න කාලයක් එක කතාංගයක් දිවෙන නිසා එක කොටසක අඩුම තරමින් Lines 1300 ක් වත් තිබුණා… (හැම Episode එකක් පටන්ගද්දිම මං මුලින්ම බැලුවේ Lines 1000 ට අඩු ඒවා තියෙනවා ද කියලයි…😁) ඒ නිසා කාලය ටිකක් නෙමේ හෙන ගොඩක් වැයවුණා භාරගත්ත වැඩේ සම්පූර්ණම කරන්න… සිනෙරූ කණ්ඩායමට ගොඩක් ස්තූති වෙන්න ඕනේ Sub එක පළ කරලා දෙන්න පුළුවන් ද කියලා අහපු සැනින් කැමැත්ත දීලා පළ කරන වගකීම භාරගත්තාට….

එහෙනම් ඉතින් මගේ උපසිරැසියේ ගුණ දොස් ඔයාලාට භාරයි… හැමදාම වගේ මගේ උපසිරැසි ගැන වචනයකින් හරි දිරිමත් කරන හැම කෙනෙක්ටමත් ගොඩක් ස්තූතියි…🤗❤ 

තායිලන්තයේ සංචාරය කරලා තියෙන කෙනෙක් විදියට (මට තායි බෑ හොදේ….😉 English .srt files ටික අරන් sub එක කළේ. හැබැයි මගේ උපරිම පරිවර්තන හැකියාව මේ කතාවට මං ලබාදුන්නා කියලා නම් කියන්න ඕනේ…😌) මේ මාස කිහිපය පුරාවටම මං ආපහු සැරයක් තායිලන්තයේ Kluen Cheewit Cast එක ඇතුළේ ජීවත් වුණා වගේ හැඟීමක් දැනෙන්නේ…. ඒක ඒ තරම්ම ආශ්වාදනීය අත්දැකීමක්…

ඉතින්… එහෙනම්… තිට් ගෙයි, ජීරාවට් ගෙයි ආදරණීය බැඳීමට හදවතින්ම සුභ පැතුම් එක් කරන ගමන් Kluen Cheewit කතා මාලාවෙන් මං සමුගන්නවා…..❤🤗❤

(Kluen CheeWit Sinhala Subtitles)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

6 comments

  1. Thnx for the sub…
    Chimera k drama ekatath sub dennako

  2. CHATHUSHKA NIRMAL

    ගොඩාක් ස්තූතියි TV series එක අවසන් වෙනකන් SUB එක දුන්නට සහ කවුරුත් වැඩිය SUB හදන්නේ නැති Thai TV series එකකට SUB කරාට Thanks🌷☺පුළුවන්නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න. Hua Jai Sila (2019) / Sawan Biang (2008) මේ දෙකටත් SUB දෙන්න. මේ වගේම ලස්සන කතා දෙකක්. ගොඩක් ස්තුතියි.🌷 බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  3. Thank you❤ පුළුවන් නම් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ.🤗😘

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට

  5. Thank you sooooo much මේ thai tv series එකේ sinhala sub ඇති කියලා හිතුවෙත් නෑ.ඇත්තටම thanks a lot💝🥰ur help is greatly appreciated💝මන් ගොඩක්ම ආසවෙන් බලපු thai tv series එක🥰💝

  6. Thank you sooooo much මේ thai tv series එකේ sinhala sub ඇති කියලා හිතුවෙත් නෑ.ඇත්තටම thanks a lot💝🥰ur help is greatly appreciated💝මන් ගොඩක්ම ආසවෙන් බලපු thai tv series එක🥰💝

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login