The title of the page
92

Kluen CheeWit (2017) S01E10-12 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit Sinhala Subtitles)

දහවන කොටසින් :- 

කොහොම ද කට්ටියට,

අද ඔන්න අරන් ආවේ Kluen Cheewit කතා මාලාවේ දසවන කොටස….

කලින් කොටස බලපු අයට මතක ඇතිනේ ජී ගේ අත්තම්මා නැති වෙනවා…. ඉතින් අද කොටස තියෙන්නේ ජී ගේ අත්තම්මාගේ මළගෙදර ගැන…

සිට්ටා නිසා ජී, තිට් දෙන්නාට හැංගිලා ඉන්න වෙලා තියෙන්නේ… මොක ද මිනිහා ගේම් එක ලේසියෙන් අතාරින පාටක් නෑ…. ඉතින් ජී, උපරිම මහන්සි වෙනවා තිට් ව හංගලා තියන්න…. ඔය අතරේ දෙන්නා කාටත් හොරා Love කරන්න අරන් කියලා තේරෙනවානේ…. මේ කොටසෙදිත් තිට් ට වෙඩි වදින්න ගිහින් ජේට් මැද්දට පනින නිසා එයාට තමයි වෙඩි වැදෙන්නේ….. ඩාඕ තමයි ඉතින් ළගට වෙලා ජේට් ව බලාගන්නේ….

පිඇක් ගෙයි, චියෑන් ගෙයි රණ්ඩුව ගොඩක් බරපතල වෙලා ඔන්න දෙන්නා වෙන් වෙන තැනටම වැඩ සිද්ධවෙනවා….

ඔය විදියට තමයි ඉතින් දසවන කොටස ගලාගෙන යන්නේ…. 

එකොළොස්වන කොටසින් :- 

දැන් අපි කතාවේ ඔන්න උච්චතම අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ….. මේ කොටස තමයි නියම කොටස……

ඔයාලාට මතක ඇති පිම්, අර ජී ව පටලවන්න හැදුවානේ හෝටලේදී කාමර වල යතුරු මාරු කරලා චියෑන් ව ජී ගේ කාමරේට යවලා…. එදායින් පස්සෙ ඉතින් එයාගේ සිනමා ගමනත් ඉවර වෙන්න පාර කැපුණා… හැබැයි පිම් අතාරින පාටක් නෑ…. ඒ නිසා ඔන්න සිට්ටාගෙන් උදවු ගන්න යන්නේ….. උදවු ගන්නේ කොහොම ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ…. ජරාම ගෑනියෙක් පිම් නම්….

මේ දේවල් අස්සේ පිඇක් බෙහෙත් ගොඩක් බීපු විදියට බොරු රඟපෑමක් කරනවා ජී ව වාර්තාකාරයින්ට කොටු කරන්න….

ඒ වගේම ඩාඕ ලොකු වැරදි වැටහීමකින්නේ ඉන්නේ ජේට්, ජී දෙන්නා ආදරේ කරනවා කියලා…. ඉතින් ඩාඕ ජී ව දාලා යනවා…. හරියටම කිව්වොත් ජී ව, ජේට් ට භාරදීලා යන්න යනවා…

ඒ වගේම සිට්ටා මෙච්චර කාලයක් හංගන් හිටපු සාක්ෂි ටිකත් තිට් ට දෙනවා…. මොනවා වෙයි ද ඉතින්?

දොලොස්වන කොටසින් :-

මං කලින් කොටස ගැන කතා කරද්දිත් ඔයාලාට කිව්වානේ අපි කතා මාලාවේ දැන් උච්චතම එහෙමත් නැත්නම් ගැටුම්කාරී අවස්ථාවට ඇවිල්ලා තියෙන්නේ කියලා… ඒ වගේම මතක ඇතිනේ සිට්ටා, තිට් ට Accident එකේ CCTV Camera Footagesටිකත් දෙනවා…. ඉතින් තිට් ගොඩක් කල කිරිලා ඉන්නේ… ඒ නිසාම තිට්, ජී ගේ අම්මා එක්ක Agreement එකක් ගහනවා…Agreement එක මොකක් ද කියලා ඔයාලාම බලාගන්නකෝ….

ඩාඕ, කලකිරිලා ජී ව ජේට් ට භාරදීලා ගියා මතකනේ…. ඉතින් ජේට් ට අන්තිමට තේරෙනවා එයාට ආදරේ කරලා තියෙන්නේ ඩාඕ කියලා… ඒ නිසා ජේට්, ඩාඕ ව කොහොමහරි හොයාගන්න තමයි උත්සාහ කරන්නේ…

පිඇක් ටත් හිතාගන්න බැරි දෙයක් වෙනවා…. හැබැයි ඒක පිඇක් ගේ තාත්තාට සුභ ආරංචියක්…. ඒත් චියෑන්, පිඇක් ව දාලා ගිහින් තියෙන නිසා එයා නම් ඉන්නේ ඒ ගැන අවුලෙන්….

ඉතින්, ඔය විදියට තමයි Kluen Cheewit කතා මාලාවේ දොළොස්වන කොටස ගලාගෙන යන්නේ…. මේ කොටස තමයි මට දැනුණ විදියට නම් කතා මාලාවේ සුපිරිම කොටස…. එහෙනම් බලලා හැමදාම වගේ ඔයාලාගේ අදහසුත් ඒ ගැන දන්වලා එවන්න… ඉතුරු කොටස් තුනත් අරන් ඉක්මනටම එන්නම්…,

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. CHATHUSHKA NIRMAL

    මුලින්ම SUB එකට ගොඩක් ස්තුතියි සිස්.🌷 පුළුවන්නම් මේ කතාව ඉවර වුණාම. මේ TV SERIES Hua Jai Sila (2019) / Sawan Biang (2008) දෙකටත් SUB දෙන්න. මේ වගේම ලස්සන කතා දෙකක්. ගොඩක් ස්තුතියි.🌷 බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  3. Sub ekata thanx

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login