The title of the page
92

Kluen CheeWit (2017) S01E07-09 Sinhala Subtitles | “ජීවිත රළ පෙරළිය” | සිංහල උපසිරැසි සමඟ

(Kluen CheeWit 2017 Sinhala Subtitles)

7 වෙනි කොටසින් :-

ඔන්න, දැන් ඉතින් තමයි සුපිරිම Episodes ටික පටන් ගන්නේ….

අත්තම්මාව ගමෙන් එළවපු එකේ පලිය ගන්න ජී එයාගේ මැඩම් අම්මාට පාඩමක් උගන්නන්න ලෑස්ති වෙන්නේ… හැබැයි පාඩම උගන්නන්න හදන්නේ සිට්ටා ව පාවිච්චි කරලා… දන්නවානේ, සිට්ටා කියන්නේ කොහොම මිනිහෙක් ද කියලා…. ජී අනූනවයෙන් බේරෙනවා ඉතින් මිනිහාගෙන්…

තිට් ගේ පරණ යාළුවෙකුත් මේ Episode එකෙන් හම්බවෙයි ඔයාලාට… එයා තමයි වේ… වේ එන්නේ පොඩි කේස් එකකුත් අරන්… ඒක සිට්ටාටත් සම්බන්ධ දෙයක් ඉතින්…

මං වැඩි දේවල් කියන්න යන්නේ නෑ අද… මොක ද කතාවේInteresting හරිය දැන් ඇවිල්ලානේ තියෙන්නේ… බලන්නකෝ එහෙනම්…. 

8 වෙනි කොටසින් :-

ඔන්න ඉතින් ටිකෙන් ටික Series එකේ මැද්දටම අපි ඇවිල්ලා නේද? මං ඔයාලාට ගිය Episode එකෙන් Hint එකක් දුන්නානේ කතාවේ Interesting ම හරියට අපි දැන් ඇවිත් තියෙන්නේ කියලා…. බලපු අයට මොකෝ හිතෙන්නේ…. මරු නේද දැන් නම්….

ඔන්න ඉතින් මේ Episode එකේ ඉදන් නම් තිට්, ජී ට ‘තමුසෙ’ ගගා බනින්නෙ නම් නෑ… දූපතේ වෙච්ච දේවල් වලින් පස්සෙ දෙන්නාටම දෙන්නා ගැන අමුත්තක් දැනිලා තියෙන්නේ… ඔව්, ඉතින් කට්ටිය බලන් ඉන්න ඇත්තෙත් ඒ ටික වෙනකම්නේ… නේද…. එහෙනම් ඉතින් දැන් ඉදන් කතාව සුභයි කියලා තමයි කියන්න තියෙන්නේ…

පිඇක් ආපහු යුද්ධෙ ප්‍රකාශ කරනවා…. මේ සැරේ නම් චියෑන් ඉවසන්නෙ නෑ… දමලා ගහලා යනවා… ඇයි ඉතින් මේක හැමදාම කරන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ… පිඇක් ගෙන් ජී ට හොඳ කම්මුල් පාරවල් වගයක් කන්න වෙනවා…. මේ ඔක්කොගෙන්ම කලකිරිලා තමයි චියෑන් ගෑනිව දාලා යන්නේ…

ඩාඕ ගැන මට දුකත් හිතෙනවා… ඒ මොක ද දන්නවා ද? ජේට් ඔන්න ජී ගේ බොඩිගාඩ් වෙලා…. ඒ නිසා තමයි….

වෙනදා වගේම පී’සුකී, ලුක්නාම්, පිම් තුන්දෙනාත් ඇරගන්නවා… හැබැයි මේ සැරේ පිම් ට හොඳ වැඩේ… ගෑනි කරන ජරා වැඩ වලට කරුමයක්ම පඩිසන් දෙනවා….

9 වෙනි කොටසින් :-

ඔයාලාට මතකයි නේද චයිට්… තිට් ගේ ඉස්කෝලේ කාලේ ඉදන් හිටපු යාළුවා…. සිට්ටා ගේ බිස්නස් රහස් හොයන්න ගිය නිසා එයාට මැරෙන්න සිද්ධ වෙනවා… ඉතින් තිට් ඉන්නේ ගොඩක් අවුලෙන්… ඒත් චයිට් ඉතුරු කරලා ගිය සාක්ෂි ටික හොයාගන්න තිටුයි, ජේනුයි, චයිට් ගේ ගෙදර යනවා…. එහෙදි දෙන්නාට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්නත් වෙනවා….

ඒ වගේම වඩී ආන්ටි ගේ වත්තෙ ගෙදර සල්ලි දීලා ගත්තු එකට ජී අම්මාත් එක්ක රණ්ඩු කරනවා අම්මාගේ කොම්පැනියට ගිහින්… මේ වෙලාවේ සිට්ටා ගේ හොර අල්ලන්න තිටුත් කොම්පැනියට ඇවිත් ඉන්නේ… ඉතින් තිට් ව බේරගන්න ජී ට වෙඩි කන්නත් වෙනවා….

ඩාඕ එයාගේ ඉස්කෝලේ ළමයි ටිකත් එක්ක කෑම්පිං ගිහිල්ලා… ජේට් එහෙමත් ඉතින් ඩාඕ ගේ උදවුවට යනවා…. දෙන්නා නියමෙට ගැළපෙනවා කියලා ළමයින්ටත් පේනවා…. ඒත් ඉතින් ජේට් ගේ හිත තියෙන්නේ වෙන කොහෙවත්නේ…

ඒ වගේම මේ කොටසෙදි ජී ගොඩක් ආදරය කරන කෙනෙකුත් එයාට නැති වෙනවා….

හොඳයි, එහෙනම්… මේ කොටසත් බලලා ඔයාලාගේ අදහස් දන්වන්න… ඒ වගේම ඉක්මනින්ම දසවන කොටසින් හම්බවෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවන්ති කෞශල්‍යා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවන්ති කෞශල්‍යා

September 28, 2021


9
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. CHATHUSHKA NIRMAL

    මුලින්ම SUB එකට ගොඩක් ස්තුතියි සිස්.🌷 පුළුවන්නම් මේ කතාව ඉවර වුණාම. මේ TV SERIES Hua Jai Sila (2019) / Sawan Biang (2008) දෙකටත් SUB දෙන්න. මේ වගේම ලස්සන කතා දෙකක්. ගොඩක් ස්තුතියි.🌷 බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  3. Sub ekata thanx

  4. thanks godak sub ekata

  5. Thnx sub ekta❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login