The title of the page
Iris (2013) S02E01 Sinhala Sub
Iris (2013) S02E01 Sinhala Sub
91

Iris II (2013) S02E01 Sinhala Subtitles |අලුත් කණ්ඩායමක්|සිංහල උපසිරැසි සමග

ඉතින් ගොඩක් දෙනාගේ ඉල්ලීම පරිදි අයිරිස් කොරියානු කතා මාලාවේ දෙවන කතා සමයේ උපසිරසිය ලබා දෙන්නයි මේ ලෑස්තිය.ඉතින් පළමු කතා මාලාව වගෙ මුළු කතා මාලාවෙම උපසිරසිය එක පාරම දෙන්න වෙන්නේ නැහැ ඉතින් ,කොහොම හරි සතියකට එපිසොයිට් දෙකක් වත් දෙන්න බලාපොරොත්තු වෙනවා.,.

ඉතින් දෙවන කතා සමය ගැන කතා කරන්න කලින් පළමු කතා සමය මතක් කරගෙන ඉමු…

ඉතින් පළමු කතා මාලාවෙන් ඔයාලා බලාගන්න ඇති කිම් හියුන් ජුන් සහා ජ්න් සාවු කියන්නේ හොඳම යහළුවන් .දකුණු කොරියානු හමුදාවේ 707 වන විශේෂ මෙහෙයුම් බලඇණිය යටතේ පුහුණුව ලබමින් සිටියදී . NSS (ජාතික ආරක්ෂක සේවය) . ලස්සන හැඩකාර NSS ඒජන්ත චෝයි සේං-හී විසින් මොවුන් දෙදෙනා ස්වාධීනව තම වසඟයට ඇද ගන්නවා.දවසක් කිසියම් පිරිසක් විසින් රහසිගතව කිම් හියුන් ජුන් සහා ජ්න් සාවු අල්ලාගෙන වධහිංසා පරීක්ෂණයකට ලක් කරනවා .දෙදෙනාම ඔවුන්ගේ පරීක්ෂණය සමත් වෙන්නෙ සුදුසු NSS නියෝජිතයන් විදියටයි .පරීක්ෂණය සම්පූර්ණ කිරීමෙන් පසුව, හියුන්-ජුන් සහ සා-වූට NSS හි අධ්‍යක්ෂ බේක් සැන් විසින් NSS කියන්නේ මොකක්ද කියා හඳුන්වා දෙයි. NSS යනු දකුණු කොරියානු ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ඕනෑම අයෙකු ඝාතනය කිරීම ඇතුළු විදේශීය තර්ජන වලක්වා ගැනීම සහ මෙහෙයුම් තුළින් රටේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා රහසිගත සංවිධානයක් බව බේක් සැන් ඔවුන්ට පැහැදිලි කරනවා .1976 දින සිට, පාර්ක් චුන්ග්-හීගේ පාලන සමය වෙනකම් ඒජන්සියේ පැවැත්ම ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාගේම රාජ්‍ය රහසක්ව පැවතුනා .

NSS එකට කිම් හියුන් ජුන් ඇතුළු වුනාට පසුව එහි ඒජන්තවරියන් වන සියුo හින් සමඟ කාටත් හොරෙන් ආදරෙන් බැඳෙනවා.අධ්‍යක්ෂ බේක් සැන් විසින් කිම් හියුන් ජුන්ට තනි මෙහෙයුමක් ලබා දෙනවා උතුරු කොරියානු අගමැති ඝාතනය කරන්න.කිම් හියුන් ජුන් තම මෙහෙයුම සාර්ථක කරගත්ත ද මෙහෙයුම අතර තුර තුවාල ලබනවා.ඔහු සිටින ත්ත්වය යටතේ ඔහු අධ්‍යක්ෂ බේක් සැන්ගෙන් උදව් ඉල්ලයි ,එහෙත් අධ්‍යක්ෂ බේක් සැන් විසින් එය ප්‍රතික්ෂේප කරයි.තම යහළුවා වු ජින් සාවු තමාව මරන්න ආවා ඒකෙන් ඔහුව පාවා දුන්න බවට කිම් හියුන් ජුන්ට වැටහෙයි.හියුන්-ජුන්ට පැන යාමට උදව් කරන්න සියං-හී උත්සාහ කළද, මෝටර් රථය පිපිරීමත් සමඟ දෙදෙනා වෙන් කරයි.දෙදෙනාම එකිනෙකා මියගොස් ඇතැයි විශ්වාස කරයි.කොහොම හරි අවසානයේ කිම් හියුන් දැනගන්නවා IRIS කියලා සැඟවුණු සංවිධානයක බලපෑමක් ඔහු පසුපස හඹා එනවා කියලා.

වසරකට පසු, හියුන්-ජුන් පළිගැනීම සඳහා නැවත කොරියාවට එනවා. මෙම කාලය තුළ උතුරු හා දකුණු කොරියාව යලි එක්වීමට සූදානම් වෙනවා , කොහොම හරි , IRIS හි සාමාජිකයින් නැවත එක්වීම නැවැත්වීමට අදහස් කරනවා . කොරියානු රජයේ දෙපාර්ශ්වයම බ්ලැක්මේල් කිරීම සඳහා ප්‍රාණ ඇපකරුවන් ලෙස ඔවුන් ප්‍රාදේශීය වෙළඳ සංකීර්ණයකට පහර දෙනවා.කොහොම හරි කිම් හියුන් ජුනගෙ මැදිහත්වීමත් සමඟ ප්‍රාණ ඇපකරුවන් මුදවා ගන්නවා ඉතින්.ඒ සමාගම ආයෙමත් සාම සාකච්ඡා නැවත ආරම්භ වෙනවා. සියං-හීගේ ඇඟිලි ගැසීම් සමඟ IRIS ප්‍රහාරයක් ආයෙමත් අසාර්ථක වෙනවා. ඇය IRIS නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් ඔවුන්ව නැවැත්වීමට ව්‍යාකූලත්වයක් ඇති කරා ඔයාලා බලන්න ඇති.අවසානයේ හියුන්-ජුන් සහ සේං-හී NSS අතහැර සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. සියුන්-හ් හියුන්-ජුන් එනකම් ප්‍රදීපාගාරයක බලා ඉන්න කොට කිම් හියුන්-ජුන්ට ස්නයිපර්වරයෙකුගේ වෙඩිල්ලකින් මිය යනවා ඔයාල බලාගන්න ඇති ඉතින්…

Iris දෙවන කතා සමය ගැන පොඩ්ඩක් කිව්වොත් ,දෙවන කතා සමය කොටස් 20 ක් තියෙනවා ,ඉතින් NSS අලුත්
අධ්‍යක්ෂවරයෙක් සමග අලුත් කණ්ඩායමක් සමඟ iris සංවිධානය නවතා දාන හැටි ඔයාලට බලාගන්න පුළුවන් ,ඉතින් ඊළඟ කොටසින් හමු වෙමු ,හොඳ නරක කියලා යන්නකො

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඩිලාන් ප්‍රසන්න සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඩිලාන් ප්‍රසන්න

April 12, 2019


133
Total Subtitles

5 comments

  1. macho 1 weni katawata 2 eka sambanda nedda. kolla merenawane. kellata mokada wenne.

  2. ඩ්ලා
    Cineru Family Member

    පළමු කතා මාලාව සම්බන්ඩයි.එහෙත් කෙල්ල ඉතුරු වෙලා පළවෙනි එක ඉවර වෙනවානෙ,එතැනින් පළමු කතා මාලාව ඉවරයි. ,ඊට පස්සෙ දෙවැනි කතා මාලාවේ අලුත් ට්ම් එකක් එක්ක ඉස්සරහට යනවා

  3. Niyamai niyamai.ekmanata sub aka denna meke.ela ela.🙏

  4. season 01 download karagnna link ekak denna puluwanda?
    sinhala sub walata galapena ekak

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login