The title of the page
Into The Ring 2020 Sinhala Sub
Into The Ring 2020 Sinhala Sub
9.5
95

Into The Ring (2020) E01- E02 Sinhala Subtitles |දේශපාලනය| සිංහල උපසිරැසි සමඟ

මේ දවස්වල අලුතෙන්ම විකාශය වෙන අලුත්ම ජාතියෙ අලුත්ම කතාවක් තමයි අරගෙන එන්න හිතුවේ. මේක දකුණු කොරියානු ටෙලිනාට්‍යයක්. බැලු බැල්මට අනෙක් කොරියානු ටෙලිනාට්‍ය වගෙ නෙමේ උනත් ඇත්තටම අනෙත් කොරියානු කතාමාලා එක්ක බැලුවොත් මේ කතාමාලාව ටිකක් වෙනස්.

මේ ටෙලි කතාමලාවේ පලවෙනිම එපිසොඩ් එක නිකුත් වෙන්නේ 2020 ජූලි මස පලමු වෙනිදා “KBS 2” කියන නාලිකාවෙන් මේකේ මුලු කොටස් 32 එනවා කියලා තමයි දැනට කියලා තියෙන්නේ.

කතා මාලාව Romance, Comedy, Office, Political කියන කැටගරි වලට අයිති වෙනවා. මේකේ ප්‍රධාන නිලය විදිහට රංගනයෙන් දායකත්වය දෙන්නෙ “NANA” ඒ වගෙම ප්‍රධාන නලුවා විදිහට රංගනයේ යෙදෙන්නෙ “PARK SUNG-HOON” විසිනුයි.

කලින් කිව්ව විදිහටම කොටස් 32 ගියාට අන්තර්ජාලයට මෙයාලා දානකොට එපිසොඩ් 16යක් විදිහට තමයි නිකුත් කරන්නෙ, ඒ කියන්නෙ කොටස් දෙකක් එකතු කරලා එක කොටසක් වගේ තමයි මේක මෙයාලා අන්තර්ජාලයට නිකූත් කරන්නේ.

කතාව ගැන කියනවනම් කොරියාවෙ තුල විතරක් ජනප්‍රිය වෙමින් පවතින මේ ටෙලි කතා මාලාවේ, මාතෘකාව වෙන්නෙ දේශපාලනය අපි හැමෝම දන්නවනෙ එක එක රටවල එක එක දේශපාලන විදි තියෙන්නෙ කියලා. ඉතින් මේකෙ තියෙන දේශපාලනය ටිකක් ගැඹුරුයි.ඉතින් දේශපාලනය ගැඹුරුයි කියලා කතාව අත හැරියොත් මමනම් හිතන්නේ ඒක මහ මොඩකමක් කියලා. දේශපාලනය ගැවුනත් කාන්තා අයිතිවාසිකම් හා කාන්තාවන්ට සිදුවෙන අපහසුතා ගොඩක් හොදින් පෙන්නනවා වගෙම ලස්සන ආදරයකුත් යනවා කතාවෙ සාරාංශය ගැන කියනවනම්,මෙකෙ GOO SE RA හා SEO KONG MYUNG කියන්නේ පොඩි කාලෙ ඉදන්ම ඉන්න හොද යාලුවො දෙන්නෙක් ,ගෝ සේ-රා ( නානා ) ජීවත් වෙන්නේ දුප්පත් පවුලක, ඒත් එයා හරිම ශක්තිමත් කෙල්ලෙක් . ඇය අර්ධකාලීන රැකියාවක් කරලා තමන්ගෙ පවුලට සහයොගය දෙන්නෙ. සිවිල් පැමිණිලි දෙන ගෝ සේ-රාව ප්‍රාදේශී සභා කාර්යාලයේ හරිම ප්‍රසිද්දයි.

සේඕ කොං-මියුන්ග් ( පාක් සුං-හූන් ) පස්වන ශ්‍රේණියේ රාජ්‍ය නිලධාරියෙකු විදිහට සේවය කරනවා, මිනිහා මොනවා උනත් නීතිවලට පිටින් නන් වැඩ කරන්නෙම නැ , ඒ වැඩ කරන විදිහ නිසා මිනිස්සු එයාටනන් කැමති නැ. ගෝ සෙ රා ව අර්ධ කාලින රැකියාවෙන් ඉවත් කීරිමත් එක්ක තමයි කතාවේ නියම හරිය පටන්ගන්නේ. ඒ කියන්නේ ගෝ සේ රා දේශපාලයට පිවිසීම වගෙම ගෝ සේ රා ,කොං -මින්ග් ආදර කතාවෙ ආරම්භය පටන් ගන්නේ මේ කතාව අනෙක් ආදර කතා එක්ක බලනකොට ටිකක් වෙනස් උනත්, කොරියන් ටෙලිනාට්‍ය බලන අයටනන් මේක අලුත් අත්දැකිමක් වෙවී කියලා මම හිතන්නේ.

මේ උපසිරැසිය අද අරගෙන එන්නෙ දැනට විකාශය වෙලා තියෙන පලමුවෙනි කතාංගයට සහ දෙවෙනි කතාංගයට අනෙක් කාතාමාලා වලටත් උපසිරැසි ලබා දීමේ බලාපොරොත්තුවෙන් මේ ලිපිය අවසන් කරනවා. හැමොටම ආරාධනා කරනවා “INTO THE RING” කතාමාලාව සිංහල උපසිරැසි කරනයේ නවමු රැල්ල සිනේරූ උපසිරැසි අඩවියත් එක්ක එකතුවෙලා නරඹන්න කියලා.

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
Silent killer සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
Silent killer

July 19, 2020


38
Total Subtitles

3 comments

  1. බොහෝම ස්තුතියි මේ ට්වි සීරියස් එක ගොඩක් ලස්සනයි වගේ .

  2. supiri digatama sub denna

  3. TEP
    Cineru_users

    Thanks for sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login