The title of the page
House of the Dragon Sinhala Subtitles
House of the Dragon Sinhala Subtitles
9.1
85
76

House of the Dragon (2022) S01E09 Sinhala Subtitles | “හරිත පැහැගත් රාජසභාව” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E09 Sinhala Subtitles) (House of the Dragon Sinhala Subtitles)

පසුගිය කොටසින්

අවසානයත් කෙමෙන් කෙමෙන් ලං වෙනවා.ගිය සතියෙ විශේෂ සිදුවීම් ගොඩක් උනා කට්ටියට මතක ඇති.අවුරුදු ගාණක ටයිම් ජම්ප් එකකුත් උනානෙ.මෙ වෙද්දි චරිත බොහො ප්‍රමාණයක් වෙනස් වෙලා.සරලවම කිව්වොත් හැමෝගෙම ළමයි ලොකු වෙලා.ටයිම් ජම්ප් එකඋන කාලෙ ඉක්මන් වැඩි නිසාද මන්දා Confiused උන්ගා බුන්ගා සීන් එකක් තියෙනවා.බලමු ඒ මොනවද කියල..

අපිට දකින්න ලැබුනා Driftmark වල කොරලීස් Stepstone වල සටනකට ගොස් Ambush( සැඟවි සිට පහර දීමක්) එකක් නිසා බරපතල තුවාල සහිතව ආරක්ෂිත තැනක ප්‍රතිකාර ලබන බව.බරපතලම කාරනේ තුවාල හින්දා මතු වූ උන රෝගයෙන් අසාධ්‍යව සිටීමයි.මේ කියන්නෙ කොරලීස් ගෙ අවසානයද.හිතාගන්න අමාරුයි බලමුකො.

මේක ගැන දැනගන්න ලැබුන වේමන්ඩ්.ඒ කියන්නෙ කොරලීස්ගෙ මල්ලි Drifmark වල රජකමට මාන බලනවා.ඒක එයාගෙ කතා විලාසයෙන් වගේම කොරලීස් එයාගෙන් පස්සෙ අනුප්‍රාප්තිකයා ව නම් කරල තියෙද්දිත් ඒගැන ප්‍රශ්න කිරීමෙන් හැමෝටම පේනවා.(රෙනෙයිරා ගෙ දරුවන් වැලේරින්වරුන්ගෙ ලේ නෙමෙයි කියල වේමන්ඩ් දන්නවා වගේම ඒකට විරුද්ධයි.හැමෝම දන්නවනෙ ඒ අය කාගෙ කව්ද කියල.)

ඩේමන් සහ රෙනෙයිරා මේ වෙද්දි ඉන්නෙ DragonStone වල.එයාලට දරුවො දෙන්නෙක් ලැබිලා.එක්කෙනෙක් ගෙ නම එගෝන් අනිත් කෙනා තමයි විසේරිස්.අනික් අතින් කලින් අපි දැක්කට වැඩිය විසේරිස් සෑහෙන්න වයසට ගිහිල්ලා.සරලව කිව්වොත් හරියට ඇවිදගන්නවත් බැරි මහල්ලෙක්. මෙතනදි කියන්න,විශේෂ දෙයක් තියෙනව ඒ තමයි විසේරිස් ට රංගනයෙන් දායක් වන පැඩී ගෙ රංගනය ඒක අතිවිශිෂ්ටයි.මේ පොත් මාලාවෙ රචක මාටිං සීයා සෝෂල් මීඩියා වල කියල තියෙනවා.මේබව කතාමාලාවෙ අධ්‍යක්ෂිකාත් තහවු‍රු කරල තියෙනවා.නලුවෙක් වශයෙන් මීට වඩා මොන ආඩම්බරයක් ද.,නිසැක වශයෙන් Emmy සම්මානයක් ගනී කියල අපිට හිතන්න පුලුවන් චරිතයක්.

හරි අපි ආපහු කතාවට යමු.

මෙතන මේ සීන් එක මාරම Iconic.. ඒ වගෙම මේ කොටස මාරම සංවේදී බොහොමයක් ප්‍රේක්ෂකයන්ට.රෙනෙයිරාටත් මේක බොහොම සංවේදී මොහොතක්.මෙතනදි රෙනෙයිරා සිහිපත් කරනවා.රජුගෙ අනුප්‍රාප්තිකයා වෙන එක ලේසි නෑ කියලත් තමන්ට හයිටවර්ලගෙන් එල්ල වෙන අනතුරු ගැනත්.ඒ මේ මොහොතෙ රෙනෙයිරා ඉල්ලීමක් කරනවා.පියාණනි මාව ආරක්ෂා කරන්න කියල.

රාජ සභාවෙදි වේමන්ඩ් ගෙ පෙත්සම සලකා බලන්න රජුගෙ හස්තය ඒ කියන්නෙ ඔටෝ හයිටවර් යෝජනාකරනවා වගේම ඊට අවසර ලැබෙනවා.මෙතන්දි තවත් විශේෂ දෙයක් සිද්ධවෙනව.


රෙනෙයිරා විසේරිස් ළඟදි ඉල්ලීමක් කරනවා.තමන් වෙනුවෙන් පෙනී සිටින්න තමන්ගෙ දරුවන් ආරක්ෂා කරන්න කියල.ඔන්න ඒ ඉල්ලීම ඉෂ්ඨ වෙනවා දකින්න පුලුවන්.ඔහු පැමිණෙන්නේම රෙනෙයිරා වෙනුවෙන්.

වේමන්ඩ් ගෙ නොහොබිනා කතාවිලාසය නිසා ඔහුගෙ ඔලුව ඩේමන්ට් අතින් වෙන්වෙනවා දකින්න ඇති.ඇත්තටම මේ දේ මමත් ඇතුලුව බහුතර ප්‍රේක්ෂකයො පිරිසක් බලාපොරොත්තු උනු දෙයක්.අනිත් අතට තමන්ගෙ බිරිඳට වේ## කියල බයිනකම් මොන පිරිමියද බලන් ඉන්නෙ.


😂

විසේරිස්ගෙ නියමයෙන් රාත්‍රී කෑම වේලක් සුදානම් කරල විසේරිස් ගෙ කොටස ඉවර උනාට පස්සෙ අපිට දකින්න ලැබුනා ඒමන්ඩ් ගෙ කතා විලාසය නිසා රෙනෙයිරා ගෙ සහ ඇලිසන්ගෙ දරුවන් ගේ ගුටිකෙලිය.ඩේමන්‍ඩ් සහ ඒමන්ඩ්ගෙ ලොකු වලියක references අපිට දකින්න ලැබුනා..ඒ කියන්නෙ ඉතින් කැරැක්සස් & වේගාර් 😳 අනුමාන කරන විදිහට මේ සතියෙ වන විට විසේරිස් මියගොස් තිබේවි හෝ විසේරිස් ගේ මරණය සිද්ධ වේවි.

සැයු..Sub හදන්නෙ මම නෙමෙයි ලිපිය ලියන්නෙ මම. ඒ නිසා මාත් බලන්නෙ Subtitles ආවම ඒ නිසා තමා මට එදාට දෙන කොටස ගැන විස්තර කිරීමක් කරන්න බැරි මං මේ කොටස කියන්නෙ ඊලඟ එපිසොයිඩ් එක නිකුත් වෙන්න දවස් දෙකතුනකට කලින්.ඒ ගැනත් සමාවෙන්න කියල ඉල්ලනව..

ලිපිය සෑහෙන්න දිග උනානෙ.ලබන සතියෙත් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා .

ලිපි සැකසුම :- දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

29 comments

  1. wda na sinhala sub eka

  2. Chinthaka Basnayaka

    🥰තැන්ක්ස් දිල්ශාන් ඇතුලු සිනෙත් රු සෙට් එකට පට්ට ෆාස්ට් සබ් එකක් දෙනවට ගොඩාක් තැන්ක්ස්. කට්ටියගෙ හැම වැඩක්ම සාර්ඨ්හක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ස්තූතියි මේ කරන වැඩේට අපි වෙනුවෙන්. 😍😍😍😍😍😍😍

  3. DODAMGODAGE CHAMARA PUSHPA KUMARA

    video eka nadda bn mega link eka

  4. Himesh madushanka

    sub ekata thanks bro

  5. sub eka wada krnne nane bro

  6. බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…😉🔥❤️

  7. wada nane sub eka

  8. Sub eka weda nane

  9. english sub ne thiyenne bro

    • ඔයා වීඩියෝ කොපියේ තියන සබ් එක ඔන් කරගෙන ඇත්තේ..මේක සිංහල සබ් එකක් සගෝ..

  10. ane vedio eka dowload krnne kohomd

    • වීඩියෝ පිටපත් කියන තැනින්..VPN off කරලා සයිට් එකට එන්න..

  11. Thnx bro…Great job…Good luck…

  12. ela thanks.. me commnets dana box eka comments walata udin danna.

  13. සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  14. This zip file isn’t work correctly. Please upload a good file again.

  15. Thanks hamootama

  16. Sub eka wada kiyala reply dala thibunata sub eka wada na.

  17. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login