The title of the page
9.1
85
76

House of the Dragon (2022) S01E10 (END) Sinhala Subtitles | “කළු පාක්ෂිකයින්ගේ රැජින” | සිංහල උපසිරැසි සමඟ

(House of the Dragon (2022) S01E10 (END) Sinhala Subtitles) (House of the Dragon Sinhala Subtitles)

හිතුව වගේම විසේරිස්,එහෙමත් නැත්නම් සප්ත අධිරාජ්‍යයේ මහ රජතුමා මියගියා.ඇත්තටම මිය ගියාද එතුමට මිය යන්න උනාද.මේ කාරණාවට තව පොඩ්ඩකින් අවතීර්ණ වෙමු.

විසේරිස්ගෙන් පස්සෙ ඒ කියන්නෙ රජුගෙ අන්තිම කැමැත්ත උනේ රජුගෙ එකම දියණිය වූ රෙනෙයිරා ටාගේරියන් සප්ත අධිරාජ්‍යයේ රැජින වෙනවට.ඇත්තටම කිව්වොත් ඒක තමා වෙන්න තිබුනෙ.ඒ මොකද කිව්වොත් රජතුමා එතුමගෙන් පස්සෙ උරුමක්කාරිය විදිහට රෙනෙයිරාව පත්කරා.ඒත් ඇත්තටම උනේ මොකද්ද..

මං කලිනුත් සඳහන් කරා මතක ඇති මේ කතාවම දුවන්නෙ කුමන්ත්‍රණ උඩ කියල.මේක තනිකරම ඇලිසන් හයිටවර්ගෙ කුමත්‍රණයක්.කූට උපක්‍රමයක්.තාත්තටම හරියන දූ පොඩ්ඩ හැබැයි මොනා නැතත්.හොඳටම පැහැදිලි විසේරිස් අවසන් මොහොතේ තමන්ගෙ තීරණේ වෙනස් කරගත්තෙ නෑ කියල.අවසන් මොහොතේ විසේරිස් කියපු වචනයක් වැරදියට වටහාගෙන ඇලිසන් ලොකු විනාශයකට පාර කපනවා.

මේ අතර මං කලින් සඳහන් කරා මතක ඇති ඩේමන්ගෙ EXwife ඒ කියන්නෙ මිසේරියා මාලිගාව ඇතුලෙ එයාගෙම ඔත්තුකාරයො දාලා කොටින්ම ඇලිසන්ගෙ ප්‍රධාන සේවිකාවත් මිසේරියා ගෙ ඔත්තුකාරියක්.මේ බව ඇලිසන්ට දන්නනවා හැරන්හල් වල උතුමානන් විසින්

මේ අතරෙ මීලඟට රජ වෙන්නෙ එගෝන් කියල දැනගත්ත මිසේරියා ඒගෝන්ව පැහැර ගන්නවා.පසුවට වාසි බලාපොරොත්තුවෙන්.මේ ගැන දැනගත්ත ඔටෝ KingsGard වරු එක්ක වෙස්වලාගෙන එනවා මිසේරියාව හමුවෙන්න.

මෙතන වෙන කතාබහේදී මිසේරියා ඉල්ලනවා මැසි නිවාසයේ.(මේ කියන්නෙ කුඩා දරුවන්ගෙ නියපොතු වවල මුදලට තවත් ළමයින් සමඟ ගහමරාගැනීමට යොදොවන ගණිකානිවාසයක් වැනි නිවාස ගැන) එතනින් ඉවත් කරල ඒ ළමයින්ට සාධාරණයක් කරන්න කියල.ඔටෝ ඒ ගැන සහතික වෙනවා.මිසේරියා මෙතනදි ඔටෝට තර්ජනාත්මක ස්වරූපයෙන් කියනවා,ඒගෝන් රජ උනොත් මතක තියාගන්න මමයි එගෝන් ව ඒ පුටුවෙ ඉන්දුවෙ කියල.ඉස්සහට ඩේමන්ගෙ Ex ගෙන් හොඳ හොඳ සෙල්ලම් ටිකක් බලාගන්න පුලුවන් වෙයි වගේ.

අන්තිමේදී ඇලිසන්ගෙ අභිප්‍රාය ඉෂ්ඨ වෙලා තමන්ගෙ පුතා ඒගෝන් ටාගේරියන් සප්ත අධිරාජ්‍යයේ රජු විදිහට කිරුලු පැළැන්ඳුවා.මුලින් මුලින් අකමැත්තක් දැක්කුවත් පස්සෙ ඒගෝනුත් ජනතාවගේ ප්‍රීති ඝෝෂා මැද්දේ තමන්ට ලැබුන රජකම සතුටින් බාර ගත්තා.

මේ අතරේ වෙච්ච් විශේෂම සිදුවීම තමයි රෙනීස් තම මකරත් එක්ක උත්සව සභා භූමියට කඩා වැදීම.මමත් ඇතුලුව ගොඩක් අය බලන් හිටියේ රෙනීස් ඩ්‍රැකාරිස් කියනකම් ඇයි එහෙම කිව්වෙ නැත්තෙ.(එහෙම කිව්ව නම් හැබැයි කතාමලාවම එතනින් ඉවරයිනෙහ්)මගේ මතය නම් ඇලිසන් තමන්ගෙ දරුවව ආරක්ෂා කරන්න ඉදිරියට ආපු එක දැක්ක රෙනීස් ගෙ හිත උනු උනා.ඒ මොකද රෙනීස් මේ වෙනකොට තමන්ගෙ දරුවන් දෙදෙනාගෙම මරණයෙන් පීඩා විඳින මවක්.ඒ නිසයි ඇය ඩ්‍රැකාරිස් කිව්වෙ නැත්තෙ.

කලින් මං සඳහන් කරා විසේරිස් මැරුනද මැරෙන්න සැලැස්සුවද කියල මිසේරියාගෙ කතාවත් සැකසහිතයි,ඇලිසන්ගෙ හැසිරීමත් කියන්න අමාරුයි.අපිට මේ ගැන අද කොටසෙ හෝ Season 2 වලදි දැනගන්න පුලුවන් වෙයි.සමහර විට මම මේ හිතපු දේ නොවෙන්නත් පුලුවන්.We Will See.

අද කොටසෙ අපිට ලොකු යුද්ධයකට මුලපුරනවා අපිට බලාගන්න පුලුවන් වෙයි.ග්‍රීන් කව්න්සිල් එක සහ රෙනෙයිරා අතර සටන කොහොම ස්වරූපයක් ගනීද,රෙනීරාට පක්ෂපාතී වෙන්න දිව්රපු දෙදෙනෙක් ඇරෙන්න අනෙක් සියලුම දෙනා රෙනීරට ද්‍රෝහි වෙලා නව රජු වන එගෝන් ටාගේරියන්ට හිසනැවුවා.මේ ගැන දැනගන්න රෙනීරා කොහොම ප්‍රතිචාර දක්වයිද, එගෝන් තමන්ගෙ උරුමය උදුරා ගත්තා, ඒ ගැන රෙනීරාගේ තීරණය කෙබඳු වේද.

මේ සියලුම දේට පිළිතුරු අද කොටසේ අන්තර්ගතයි.වේගාර් සහ සාමාන්‍ය මකරෙකුගේ වෙනස වේගාර් කොපමණ විශාලද කියලද කියල අද අපිට හරියටම බලාගන්න පුලුවන්.

ඒවගේම අද කොටස ගොඩාක් imotional වෙයි කියල ගොඩක් අය දන්නවා ඇති.හේතුව ගැන මං කියන්න යන්නෑ.House Of The Dragon අවසාන කොටස අද හදිසියේ ලීක් උනා.මේ වෙද්දි ගොඩදෙනෙක් බලල ඇති.ඒත් HBO Original Print එකම බලන්න හිතාගෙන ඉන්න කිහිපදෙනෙක් හරි ඇති කියල හිතල අද කොටස මම Spoile කරන්නෙනෑ.මොකද කතාවක් Spoile උනාට පස්සෙ බලල වැඩක් නෑ ඒක මොනතරම් Quality කතාවක් උනත්. අද මේ කොටසින් House Of The Dragon Season 01 නිලවශයෙන් අවසන් වෙනවා.Season 2 විකාශය වෙන්න තවත් අවුරුදු 2ක් ගතවේවි.ඒකටත් අපේ උපසිරසි කණ්ඩායම අනිවාර්යයෙන්ම උපසිරසි ලබාදෙනවා. හැමදාම ලිපි ලිය ලිය ඉඳල හරියන්නෑනෙ.ඒ නිස උපසිරසයක් කරන්න හිතුවා. තවත් සහෝදර උපසිරසිකරුවන් කිහිපදෙනෙක් සමඟින් War Of Worlds හි උපසිරසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

ලිපි සැකසුම :- දුලාන් රන්දික

[HBO MAX පිටපත් සඳහාද උපසිරැසිය යාවත්කාලීන කර ඇත.]

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

17 comments

  1. Thanks brother….!!!

  2. Hbo max print ka enakan inna mama😪leack eke coler eka awul

  3. house-of-the-dragon-2022

  4. Thanks for the video copy… keep up your good work..cheers

  5. Mnc original hbo print ekt me sub ek set wenn na

  6. HBO Max Print ekata galapena sub ekath denawada ?

  7. Thanks you so… much මේ දෙන සර්විස් එකට පින් හොදෙ

  8. original copy ekata sync karaada
    karaada

  9. thanks machan

  10. Sub tika patta super,mulinma wage sub eke dunne oyala thank you,1-10ta Eddi mula idalama house of dragon kiyaddi Google eke mulin hitiye සිනෙරුoyala thama hitiye Dan thama anith kattiya sub denne man me kathawa iwarawenakan balanawa oyagen witharai ithin sub ganne mekathawa balanna thank you 😊 👍 ❤️❤️❤️❤️👍

  11. ado meke sinhalen sub eka watennane english walinmane sub eka watenne

    • එහෙම අවුලක් නෑ..සබ් එක සිංහලෙන් යන්නේ..ඔයා එපියේ තියන E Sub එක ඔන් කරගෙන ඇත්තේ..

  12. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  13. සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login